චාල්ස් ඩි ගෝල් යුද නැව මධ්‍යධරණී සාගරයේ

ඡායාරූප මූලාශ්‍රය, AFP
ප්‍රංශ ප්‍රහාරක ජෙට් යානා සිය ගුවන් යානා ප්‍රවාහක නෞකාවක් යොදා ගනිමින් අයිඑස් කැරලිකරුවන්ට එරෙහි පළමු ගුවන් මෙහෙයුම ආරම්භ කළ බව හමුදා ආරංචි මාර්ග පවසයි.
මධ්‍යධරණි මුහුදේ නැගෙනහිර කලාපයේ යොදවා ඇති චාල්ස් ඩි ගෝල් නෞකාව ප්‍රහාරක ජෙට් යානා 26 රැගෙන යාත්‍රා කරමින් සිටින අතර ඒ හරහා ප්‍රංශයට සිය ප්‍රහාරක ශක්තිය තුන් ගුණයකින් වැඩි කිරීමට හැකියාව ඇත.
මේ අතර සිරියාවේ සහ ඉරාකයේ ක්‍රියාත්මක ඉස්ලාමීය රාජ්‍ය කැරලිකරුවන් වෙත එල්ල කරන ගුවන් ප්‍රහාර තවදුරටත් උත්සන්න කරන බවට ප්‍රංශ ජනාධිපති ප්‍රන්ශුවා ඔලෝන්ද් ප්‍රතිඥා දී තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, AFP
ප්‍රංශ ජනපතිවරයා ඒ බව කියා සිටියේ බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් සමග පැරිසියේ පැවති හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
ඉස්ලාමීය රාජ්‍ය කැරලිකරුවන්ට එරෙහි ගුවන් ප්‍රහාර තවදුරටත් උත්සන්න කිරීමට ප්‍රංශය ගනු ලැබූ තීන්දුවට සහාය පළ කරන බවයි බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියා සිටියේ.
බ්‍රසල්ස්
මේ අතර බ්‍රසල්ස් අගනුවර සිදු කළ ත්‍රස්ත මර්දන වැටලීම්වලින් තවත් සැකකරුවන් පස් දෙනකු අත්අඩංගුවට ගත් බවයි බෙල්ජියමයේ පොලිසිය ප්‍රකාශ කළේ.

ඡායාරූප මූලාශ්‍රය, AFP
ත්‍රස්තවාදී සැකකරුවන් සොයා කෙරෙන මෙහෙයුම්වලින් ඉරිදා සිට අද සඳුදා දක්වා අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව 21 ක්.
පැරීසියේ ප්‍රහාර මාලාවට සම්බන්ධ බවට විශ්වාස කෙරෙන සලාහ් අබ්දෙස්ලාම් තවදුරටත් නිදැල්ලේ පසු වේ.
ප්‍රහාරයක් සිදු විය හැකි බවට නැවත අනතුරු හැඟවීමත් සමග බෙල්ජියමයේ බ්‍රසල්ස් අගනුවර පිහිටි පාසල්, උමං දුම්රිය සේවා සහ වෙළඳසල් තවදුරටත් වසා දමා තිබේ.
හමුදා භටයින් බ්‍රසල්ස් අගනුවර වීදි මත මුර සංචාරයේ යෙදෙමින් සිටිති.








