අමතක වූ අතීතයක රූපමය මතකය

ප්‍රංශ ජාතික ජායාරූප ශිල්පියෙක් වන සිල්වියන් මාර්ගේන් විසින් 1998 සිට මේ දක්වා ගන්නා ලද ජායාරූප එකතුවක් මෑතක දී ප්‍රකාශයට පත් කර තිබේ. ඔහු දැනට භාවිතයේ තිබෙන හෝ අත්හැර දමන ලද ගොඩනැගිලි පිළිබඳ දැඩි කැමැත්තක් දක්වන ජායාරූප ශිල්පියෙකි. බීබීසී සංස්කෘතික අංශය සමග සාකච්ඡාවක එක්වෙමින් සිල්වියන් පැවසුවේ තමා ‘නොයා යුතු තැන්වලට’ යන බවයි.

සාදිනියානු ආකර

සාදිනියා වල ඇති ආකරයක පින්තුරයකුයි මේ දැක්වෙන්නේ.

ඡායාරූප මූලාශ්‍රය, Sylvain Margaine

ඡායාරූප ශීර්ෂ වැකිය, සාදිනියා වල ඇති ආකරයක පින්තුරයකුයි මේ දැක්වෙන්නේ.

‘මම ජායාරූප මගින් මේවා වාර්තා ගත කරන අතරෙ මේවායේ ඉතිහාසය පිළිබඳවත් සොයා බලා සටහන් කරනව’ යනුවෙන් පවසන සිල්වියන් ගේ ‘තහනම් කල තැන්’( Forbidden Places) අන්තර්ජාල පිටුව තුළ එවැනි ස්ථාන 86 ක ජායාරූප සහ තොරතුරු ඇතුලත් කර තිබේ. මේ ස්ථාන අතර පළමු ලෝක යුද්ධයේ දී කකුලේ තුවාලයකට ඇඩොල්ෆ් හිට්ලර් ප්‍රතිකාර ගත් එවක පැවති හමුදා රෝහලක් ද වෙයි. දැනට භාවිතයේ පවතින ගොඩනැගිලි ද ඔහු විසින් ජායාරුප ගත කර තිබුණ ද වැඩි වශයෙන් ඇත්තේ අත් හැර දමන ලද ස්ථානයි.

පෝලන්තයේ සෙලිසොව් හි ඇති පල්ලියක්

පෝලන්තයේ සෙලිසොව් (Żeliszów) ඇති පල්ලියක්

ඡායාරූප මූලාශ්‍රය, Sylvain Margaine

ඡායාරූප ශීර්ෂ වැකිය, පෝලන්තයේ සෙලිසොව් (Żeliszów) ඇති පල්ලියක්

‘මගේ පිංතුර එකතුවේ තියෙන්නෙ මිනිසුන් විසින් ගොඩ නගන ලද ස්ථාන. ඒ වුනත් ඒවා සාමාන්‍ය ජනතාවට දැක බලාගන්න අවකාශයක් නැහැ’ යනුවෙන් ඔහු පවසයි. නටබුන් වූ දේවස්ථාන, රෝහල්, සිනමාහල් වගේම ප්‍රවාහන සේවා සංඛීර්ණ වැනි දේ ද ඔහු විසින් ජායාරූපයට නගා තිබේ.

මෙම පින්තුරයෙන් දැක්වෙන්නේ 18 වන සියවසට අයත් දෙවන ලෝක යුද්ධයේ දී අත් හැර දමන ලද ප්‍රොතෙස්තන්ත දේවස්ථානයකි. එය පිහිටා ඇත්තේ පෝලන්තයේ සෙලිසොව් (Żeliszów) ගම්මානයේ යි.

බෙල්ජියමේ ඇති Flanders and Brabant බලාගාරය

බෙල්ජියමේ ඇති Flanders and Brabant බලාගාරය

ඡායාරූප මූලාශ්‍රය, Sylvain Margaine

ඡායාරූප ශීර්ෂ වැකිය, බෙල්ජියමේ ඇති Flanders and Brabant බලාගාරය

‘සමහර තැන් මගේ මතකයේ තැන්පත් වෙලාම තියෙන්නෙ ඒවා තියන බව සොයා ගත්තෙ මම නිසා. ඒක කාලය ගතවෙන දුෂ්කර වැඩක්. ගවේෂණයක් කරල තොරතුරු හොයා ගත්තට පස්සෙ ඒ අදාළ ස්ථානය සොයා ගන්නව. ඊට පස්සෙ අවසර ලබාගෙන ඒ තැනට යනව. ඒක හරිම සතුටුදායක හැඟීමක් ඇති කරන දෙයක්. මට හරියට දැනෙන්නෙ කැලෑව පීරලා ඒ තුළ තියන පරණ පන්සලක් හොයා ගත්ත වගේ හැඟීමක්. එත් ඇත්තටම ඒ ස්ථානය තියෙන්නෙ නගරය තුළමයි’ යනුවෙන් සිල්වියන් පවසයි. මේ 1914 සිට 2012 දක්වා ක්‍රියාත්මකව පැවති බෙල්ජියමේ ෆ්ලන්දර්ස් සහ බ්‍රාබන්ට් (Flanders and Brabant) බලාගාරයයි.

ඉතාලියේ වර්සෙල්ලි හි පිහිටි මානසික රෝහල

ඉතාලිය් රකොනිගි හි ඇති මානසික රෝහල

ඡායාරූප මූලාශ්‍රය, Sylvain Margaine

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉතාලිය් රකොනිගි හි ඇති මානසික රෝහල

‘මම අවුරුදු 15 දී තමයි මේක පටන් ගත්තෙ. හැබැයි ආසාවට විතරක් නෙවෙයි. මේ ස්ථාන වාර්තා කර තැබීම තමයි මට වැදගත් වුණේ’ යනුවෙන් සිල්වියන් පැවසුවේ ඉතාලියේ වර්සෙල්ලි හි පිහිටි මානසික රෝහලක් පිලිබඳ විස්තර කරමින්. මේ රෝහල ගොඩ නැංවිල තියෙන්නෙ 1930 දී. 1997 දී වසා දමන ලද එය නැවත 2013 දී විවෘත කර ඇත්තේ දියබත් වූ නැවක සිටි 100 ක් පමණ සරණාගතයන්ට සහන සැලසීම පිණිසයි. ‘1950 වෙන කොට sulphur-pyreto therapy වැනි මේ රෝහලේ යොදාගත් ප්‍රතිකාර ක්‍රම පිලිබඳ මාධ්‍ය තුළින් දැඩි විවේචනයක් එල්ල වෙලා තිබුණ. ඒ කියන්නෙ රෝගීන්ට සල්පර් එන්නත් කරලා ශරීර උෂ්ණත්වය වැඩිවීම පාලනය කළා ට ඒ හේතුවෙන්ම මානසික ව්‍යාකුලත්වය හටගත් බවයි චෝදනාව වුණේ’ යනුවෙන් ඔහු බොහෝ තොරතුරු මේ ස්ථානය පිළිබඳව සොයා ගෙන තිබිණි.

ජර්මනියේ Black Forest හි හොල්ට්ස්මාන් පුවත්පත් කම්හල

ජර්මනියේ Black Forest හි හොල්ට්ස්මාන් පුවත්පත් කම්හල

ඡායාරූප මූලාශ්‍රය, Sylvain Margaine

ඡායාරූප ශීර්ෂ වැකිය, ජර්මනියේ Black Forest හි හොල්ට්ස්මාන් පුවත්පත් කම්හල

සිල්වියන් මාර්ගේන් ගේ සමීක්ෂණ ඇතැම් විට බලාපොරොත්තු නොවූ තලයකට රැගෙන ගිය අවස්ථා ද නැත්තේ නොවේ. ‘ මේක ඒ තරම් පහසු කටයුත්තක් නොවෙයි. මට පුස්තකාලයක ට ගිහින් මේ තොරතුරු හොයා ගන්න බැහැ. මම මගේ වෙබ් අඩවියේ අළුත් ස්ථානයක් ගැන වාර්තා කළාම මිනිස්සු ඒ ගැන අදහස් පල කරනව. ඒ මගින් මේ ස්ථානයට සම්බන්ධ, ඒ පිලිබඳ දන්න පුද්ගලයන් ඒ කියන්නෙ කම්හල් සේවකයො රෝහල් සාත්තු සේවක සේවිකාවෝ වගේ අය අතරෙ සම්බන්ධතා ජාලයක් ඇති වෙනව. මේ ජර්මනියේ බ්ලැක් ෆොරස්ට් (Black Forest) හි හොල්ට්ස්මාන් පුවත්පත් කම්හල. මේ කම්හල 2008 දී වසා දැමුවත් තවමත් පුහුණු මධ්‍යස්ථානයක් මේ ඇසුරේ ක්‍රියාත්මක වෙයි.

ජර්මනියේ බෑඩ් විල්ඩන්ජන් හි මුත්‍රවේදියකු ගේ කාර්යාලයක්

ජර්මනියේ බෑඩ් විල්ඩන්ජන් (Bad Wildungen) හි මුත්‍රවේදියකු ගේ කාර්යාලයක්

ඡායාරූප මූලාශ්‍රය,

ඡායාරූප ශීර්ෂ වැකිය, ජර්මනියේ බෑඩ් විල්ඩන්ජන් (Bad Wildungen) හි මුත්‍රවේදියකු ගේ කාර්යාලයක්

‘මම මෙතෙන් දී අවධානය දක්වනව මේ ස්ථාන වල ජීවත් වුණු එහෙම නැතිනම් රැකියාව කළ මිනිසුන් පිළිබඳව. ඔවුන් පිලිබඳ ලියන එකෙන් මේ චායාරුප වාර්තාවට ලොකු අගයක් ලැබෙනව. මේ ගොඩනැගිල්ල තුළ ජීවත්වුණු මිනිසුන් එයට නව ජීවයක් ලබාදෙනව. ඔවුන්ගේ මතකයන් මේ පින්තුර වල කතාව සම්පුර්ණ කරනව. මේ පින්තූරයෙන් පෙන්වන්නෙ 1931 දී තමන් ගේ නිවසේ පහත මාලයේ මුත්‍ර වේද සයනයක් පවත්වාගෙන ගිය කාර්ල් ක්‍රාෆ්ට් (Karl Kraft) ගේ කාමරය. ඔහුගේ භාර්යාව හිල්ඩර්ගර්ඩ් 2006 වෙනකම් එහි ජීවත් වුණා’ යනුවෙන් සිල්වියන් මේ පින්තුරය පිලිබඳ පුර්ණ විස්තරයක් සපයයි. ඔහු වැඩිදුරටත් පවසන්නේ අත් හැර දමන ලද මෙවැනි ස්ථාන වලට පැමිණෙන්නේ අමුත්තන් බවයි; ඇතැමුන් එහි ඇති ඇතැම් දෑ රැගෙන යන බවයි.

ප්‍රංශයේ ලිලි හි සිර කඳවුර

ප්‍රංශයේ ලිලි හි සිර කඳවුර

ඡායාරූප මූලාශ්‍රය, Sylvain Margaine

ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රංශයේ ලිලි හි සිර කඳවුර

මීට වසර කිහිපයකට ඉහත දී සිල්වියන් ගේ ‘මෙල්බර්න් හි අත්හැර දමන ලද සිර කඳවුර’ පින්තූරයට අදහසක් ලියා තබන එක්තරා කාන්තාවක් එම සිර කඳවුර තුළ සිර ගතව සිටි තම පියා පිළිබඳව තොරතුරු සොයමින් සිටින බව සඳහන් කර තිබුණි. ‘ ඊට සති කිහිපයකට පස්සෙ කවුරු හරි කෙනෙක් ඇයගෙන් ඊ මේල් ලිපිනය ඉල්ලා තිබුණා. ඒ පුද්ගලයා සිතුවේ ඇය තමන්ගේ සහෝදරිය විය හැකි බව. පියාගේ වෙනත් භාර්යාවන්ට දාව ඉපදුනු ඔවුන් එකිනෙකා හමු වී තිබුණේ නැහැ. එත් වසර 20 ක් තිස්සේ ඇය සොයමින් සිටි තම සහෝදරයාව ඇයට මුණ ගැසුණා,’ යැයි සිල්වියන් ප්‍රකාශ කළේ මේ ප්‍රංශයේ ලිලි හි පිහිටා තිබෙන නාසි සිර කඳවුර පිලිබඳව විස්තර කරමින්.

ඉතාලිය් රකොනිගි හි ඇති මානසික රෝහල

ඉතාලිය් රකොනිගි හි ඇති මානසික රෝහල.

ඡායාරූප මූලාශ්‍රය, Sylvain Margaine

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉතාලිය් රකොනිගි හි ඇති මානසික රෝහල.

මේ මානසික රෝහල තුළ එහි විසුවන්ගේ ජීවිත කතාව ලියැවී තිබේ. ‘ ඔබට තවමත් දකින්න පුළුවන් ආරක්ෂක ආවරණයන් ගෙන් යුත් සිර මැදිරි, දිගු කබා, විදුලි සැර විදීමට යොදාගත් උපකරණ ආදී නොයෙක් දේ. මේවා කලින් භාවිතා වූ දේ බව ඔබ දන්නව නමුත් ඒවා දැන් දකින කොට අමුතුම හැඟීමක් ඇතිවෙන්නෙ. මේ රෝහල විවෘත කළේ 1871 දී. නමුත් 1998 දී වසා දැමුවා. මේ ගොඩනැගිල්ල තුළ එහි අතීත කතාව මැනවින් පිළිබිඹු වෙනව, ’ යනුවෙන් සිල්වියන් විස්තර කරයි.

බල්ගේරියාවේ ශිප්කා සිනමා ශාලාව

බල්ගේරියාවේ ශිප්කා සිනමා ශාලාව

ඡායාරූප මූලාශ්‍රය, Sylvain Margaine

ඡායාරූප ශීර්ෂ වැකිය, බල්ගේරියාවේ ශිප්කා සිනමා ශාලාව

අත්හැර දමන ලද ගොඩනැගිලි නිරතුරුව දැකීම සිල්වියන් ගේ ජීවිතයටත් අලුත් දැක්මක් ගෙන ඇවිත්. ‘ මම ගොඩනැගිල්ලක් බලන්න ගිහිං ඇවිත් සති කීපයකට පස්සෙ එකෙ පියස්ස කඩා වැටුන කියල ආරංචි වෙනව. ඒ කියන්නේ ඊට අවුරුදු 10 කට පස්සේ මේ ගොඩනැගිල්ල සහමුලින් කඩා වැටිල අතුරුදහන් වෙන්න පුළුවන්. ඒකෙන් කියවෙන්නෙ දේවස්ථාන වගේ ඉතා ශක්තිමත්ව තැනූ ගොඩනැගිලි වුණත් මුළුමනින් කඩා වැටෙන්න පුළුවන් නඩත්තු කළේ නැතිනම්. බල්ගේරියාවේ තියන මේ සිනමා ශාලාව රජය මගින් නිෂ්පාදනය කරපු චිත්‍රපට පෙන්වීම සඳහා තිබූ එකක්. සෝවියට් දේශයේ කඩා වැටීමත් සමග එය වසා දමනු ලැබුවා. සියල්ලම විනාශවන සුළු ස්වභාවයෙන් යුතු බව පැහැදිලි වෙනව මේ පින්තුරයෙන්,’ යනුවෙන් සිල්වියන් පවසන්නේ එහෙයිනි.