නේපාලයට අනාගමික ව්‍යවස්ථාවක්

සිවිල් යුද්ධය නිමා කරමින් මාවෝවාදී කැරලිකරුවෝ සහ නේපාල ආණ්ඩුව 2006 වසරේදී සාම ගිවිසුමකට අත්සන් තැබූහ

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, සිවිල් යුද්ධය නිමා කරමින් මාවෝවාදී කැරලිකරුවෝ සහ නේපාල ආණ්ඩුව 2006 වසරේදී සාම ගිවිසුමකට අත්සන් තැබූහ

දීර්ඝ කාලයක් පැවති සිවිල් යුද්ධය අවසන් වී දශකයකට ආසන්න කාලයකට පසු නේපාල ජනපති රාම් බරම් යාදව් එරට නව ව්‍යවස්ථාව නිල වශයෙන් අනුමත කොට තිබේ.

ජනපතිවරයා ව්‍යවස්ථාව හා ඊට සම්බන්ධ ලියකියවිලිවලට අත්සන් තැබුවේ පාර්ලිමේන්තු සාමාජිකයන්ගේ අත්පොළසන් මධ්‍යයේයි.

මේ අතර නව ව්‍යවස්ථාවට එරෙහි දහස් ගණනක් උද්ඝෝෂකයන් සහ පොලිසිය අතර ගැටුම් ඇති වී තිබේ.

නව ව්‍යවස්ථාවට විරෝධය පා පැවති උද්ඝෝෂණයක් අතරතුර පොලිසිය හා ඇති වූ ගැටුමකින් එක් අයෙක් මරුමුවට පත් වී තිබේ

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, නව ව්‍යවස්ථාවට විරෝධය පා පැවති උද්ඝෝෂණයක් අතරතුර පොලිසිය හා ඇති වූ ගැටුමකින් එක් අයෙක් මරුමුවට පත් වී තිබේ

නේපාලයේ සුළු ජන කොට්ඨාශයක් නියෝජනය කරන එම උද්ඝෝෂකයින් නව ව්‍යවස්ථාවෙන් තමන් නොසලකා හැර ඇති බවටයි චෝදනා කරන්නේ.

හින්දු ආගමිකයන් බහුල නේපාලය, නව ව්‍යවස්ථාවේ විග්‍රහ කොට ඇත්තේ අනාගමික රාජ්‍යයක් ලෙසයි.

නව ව්‍යවස්ථාවට අනුව නේපාලය ෆෙඩරල් පළාත් හතකට වෙන් කොට තිබේ.