සරණාගතයන්ගේ අලුත්ම තත්වය
18:26
සජීවී තොරතුරු වාර්තාව අවසන්.
බීබීසී සංදේශය යුරෝපයේ සරණ සොයා පැමිණෙන පුද්ගලයන් සම්බන්ධයෙන් ගෙන ආ සජීවී විස්තර ප්‍රචාරය නිමා කරන අතර සරණාගත අර්බුදය පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න බීබීසී සිංහල වෙබ් අඩවියට.

ඡායාරූප මූලාශ්‍රය, AFP GETTY
යුරෝපයේ සරණ සොයා පැමිණි දහස් සංඛ්‍යාත පිරිස් තම අපේක්ෂිත ගමනාන්ත වෙත ගමන් කරමින් සිටිති. යුරෝපයේ සරණ සොයා පැමිණි පුද්ගලයන් පිළිබඳ අළුත් ම තත්වය සහ ඡායාරූප බීබීසී සංදේශයෙන්.
18.17
තවත් පිරිසක් මුහුදු මගින්

තවත් සංක්‍රමණිකයන් සහ සරණාගතයන් විශාල පිරිසක් තුර්කියේ සිට ග්‍රීසියේ පිරායුස් වරායට පැමිණ සිටින බවයි වාර්තා වෙන්නේ.
18:07
සැතපුම් 10 ක් පා ගමනේ

ඡායාරූප මූලාශ්‍රය, Reuters
හංගේරියාවේ සිට බීබීසී යේ ගැවින් ලී කියා සිටින්නේ බුඩාෆෙස්ට් දුම්රිය පොළේ සිට ඔස්ට්‍රියානු දේශසීමාව කරා ගමන් කරමින් සිටින සරණාගතයන් 1000 ක් පමණ මේ වන විට සැතපුම් 10 ක් පමණ දුරක් ගමන් කර ඇති බවයි.
16:35
සරණාගතයෝ 5500 ක් වියනා අගනුවරට

ඡායාරූප මූලාශ්‍රය, Reuters
බලධාරීන් විසින් අමතර දුම්රිය සහ බස් රථ යෙදීමෙන් පසු සරණාගතයන් 5500 කට ආසන්න පිරිසක් ඔස්ට්‍රියාවේ වියනා අගනුවර බටහිර දුම්රිය පොළ වෙත ප්‍රවාහනය කළ බව ඔස්ට්‍රියානු පොලිස් නිලධාරියෙක් බීබීසී යේ බෙන් බ්‍රවුන් ට ප්‍රකාශ කර ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
16:28
බුඩාෆෙස්ට් දුම්රිය පොලේ සියගණනක්

ඡායාරූප මූලාශ්‍රය, Getty
හංගේරියාවේ බුඩාෆෙස්ට් දුම්රිය ස්ථානයේ සිය ගණනක් සරණාගතයන් තවමත් බීබීසී යේ ගැවින් ලී ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියි.
16:16

ඡායාරූප මූලාශ්‍රය, Massimo Sestini eyevine
ලෙස්බොස් දූපතේ සිටි 2500 කට ආසන්න සරණාගතයන් පිරෝස් වරාය වෙත ලඟා වූ බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
15:56
ජර්මනිය ඔල්වරසන් දී සරණාගතයන් පිළිගනී

ඔස්ට්‍රියාවේ සිට දුම්රියෙන් ජර්මනියේ මියුනික් නගරයට පැමිණි සරණාගතයන් අත්පොළසන් මැද පිළිගත් අන්දම බර්ලින් නුවර සිටින බීබීසී වාර්තාකරු ජෙනී හිල් දුටුවා ය.
සරණ සොයා පැමිණි බොහෝ දෙනා සිරියානුවන් බවයි පැවසෙන්නේ.
ජර්මානුවන් විශාල පිරිසක් සරණාගතයන් පිළිගැනීමට පැමිණ සිටි අතර ඔවුන් රස කැවිලි සහ පානීය ජලය බෙදා දී තිබේ.
15:46
'යුරෝපය අවදි විය යුතුයි'
“යුරෝපය සරණාගත අර්බුදය සම්බන්ධයෙන් අවදියෙන් කටයුතු කළ යුතුයි, සිහින දැකපු කාලය අවසන්”, යැයි ඔස්ට්‍රියානු ස්වදේශ කටයුතු ඇමති ජොහානා මික්ලෙයිට්නර් කියා සිටියි.

ඡායාරූප මූලාශ්‍රය, b
“දැන් යුරෝපා මහද්වීපයට අභියෝගයක් එල්ල වී ඇත. මේ දැවැන්ත අභියෝගය ජය ගැනීම සඳහා යුරෝපා මහද්වීපය එකම පිළිතුරක් ලබා දිය යුතුයි.
යුරෝපයෙන් ඉවත් වීමෙන් හෝ ඔස්ට්‍රියානු දේශසීමාව වටා කටු කම්බි ගැසීමෙන් මේ ගැටළුව විසඳේ යැයි කිසිවෙක් සිතන්නේ නම් එය වැරදියි, යැයි ඇය තවදුරටත් කියා සිටියි.

ඡායාරූප මූලාශ්‍රය, b
සරණාගතයන් වෙනුවෙන් ඔස්ට්‍රියානු දේශ සීමාව අසල රතු කුරුස සංවිධානයේ තාවකාලික කාර්යාලයක් පවත්වා ගෙන යනු ලබන අතර බොහෝ දෙනා වියානා අගනුවර බලා දුම්රියෙන් ගමන් කරන බවයි වාර්තා වන්නේ.
තම රටේ දේශපාලන රැකවරණ ඉල්ලා සිටීමට හෝ ජර්මනිය බලා ගමන් කිරීමට මෙම සරණාගතයන්ට ඉඩ දී ඇති බවයි ඔස්ට්‍රියානු බලධාරීන් පවසන්නේ.
සිරියානු අර්බුදයෙන් පළා එන සරණාගතයන් සඳහා රැකවරණ දෙන බව ජර්මනිය ප්‍රකාශ කර තිබේ.
සිය ගණනක් සරණාගතයෝ මියුනික් නගරය වෙත පැමිණෙමින් සිටිති.
සරණාගත අර්බුදය දිගටම පවතිනු ඇතැයි යුරෝපා සංගමයේ විදේශ කටයුතු භාර කොමසාරිස් ෆෙඩෙරිකා මොහෙරිනි ලක්සම්බර්ග් හී පැවති සාකච්ඡාවක දී අනතුරු අඟවා සිටියා

ඡායාරූප මූලාශ්‍රය, bb
හංගේරියානු බලධාරීන් විසින් සරණාගතයන්ට සිය අපේක්ෂිත ගමනාන්ත කරා යෑම නතර කරමින් පනවා තිබූ තහංචි අනපේක්ෂිත ලෙස ඉවත් කිරීමත් සමඟ දහස් සංඛ්‍යාත සරණාගතයෝ ඔස්ට්‍රියාව බලා ගමන් ගනිමින් සිටිති.








