යෝගී ව්‍යයාම සහ මුස්ලිම් ආගමික විශ්වාසය අතර ගැටුමක්

ඡායාරූප මූලාශ්‍රය, AFP

පාසල් තුළ යෝගී ව්‍යායාම පුහුණු කිරීම අනිවාර්ය කිරීම සඳහා ඉන්දීය ආණ්ඩුව ඉදිරිපත් කරන සැලසුමකට එරෙහිව ජාතික මට්ටමේ විරෝධතා ව්‍යාපාරයක් දියත් කරන බව එරට මුස්ලිම් පූජකවරු පවසති.

ආගමික කරුණු වලදී මුස්ලිම් ප්‍රජාව වෙනුවෙන් පෙනී සිටින සමස්ත ඉන්දීය මුස්ලිම් නීතිවේදී බල මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ, යෝගී ව්‍යායාම වලදී සූර්යයාට උපහාර දැක්වීම වැනි ආචාර ධර්ම අනුගමනය කිරීමට සිදු වෙන අතර එවැනි භාවිතයන් සිය ආගමික විශ්වාසයන්ට පටහැණි බවයි.

ඡායාරූප මූලාශ්‍රය, AP

අගමැති නරේන්ද්‍ර මෝඩි නායකත්වය දෙන හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂ ආණ්ඩුව ජාතික සංස්කෘතික අංගයක මට්ටමිනුයි යෝගී ව්‍යායාම නංවා ලීමට සැලසුම් කර තිබෙන්නේ.

එහෙත් එමගින් ඉන්දියාවේ හින්දු නොවන ජනතාව සමාජයෙන් වෙන් කෙරෙන බවයි එම යෝගී ව්‍යාපෘතියට එරෙහි කණ්ඩායම් පෙන්වා දෙන්නේ.