එක්සත් ජනපදය සහ කියුබාව විරසකය අත හරින ලකුණු

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ඇමරිකානු රටවල සමුළුව ආරම්භ කරමින් එක්සත් ජනපදයේ සහ කියුබාවේ විදේශ ඇමතිවරුන් පැනමාවේ දී හමු විය.
මීට අඩ සියවසකට පෙර සිදු වූ කියුබානු විප්ලවයෙන් පසු දෙරට අතර ඉහල පෙළේ නායකයන් හමු වන ප්‍රථම අවස්ථාව මෙයයි.
එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ජෝන් කෙරී සහ කියුබානු විදේශ ඇමති බෘනෝ රොද්රිගුස් පැය දෙකක් පමණ සාකච්ඡා කර තිබේ.
විවෘත නොවූ
මෙය විවෘත නොවූ සාකච්ඡාවක් වන අතර එක්සත් ජනපදය කියා සිටියේ එය 'ඉතා ඵලදායී' සාකච්ඡාවක් වූ බවයි.
ඇමරිකානු රටවල සමුළුව අතරතුර ජනාධිපති ඔබාමා සහ කියුබානු ජනාධිපති රාවුල් කැස්ත්‍රෝ ද ප්‍රථම වතාවට නිල වශයෙන් හමු වනු ඇති බවට අපේක්ෂා කෙරෙයි.
ත්‍රස්තවාදයට අනුබල දෙන රටවල ලැයිස්තුවෙන් කියුබාව ඉවත් කිරීමට එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නිර්දේශ කර ඇති බව ද ජ්‍යෙෂ්ඨ සෙනෙට් සභිකයෙකු සනාථ කර තිබේ.
එම ලැයිස්තුවෙන් කියුබාව ඉවත් කිරීම නිසා දෙරට අතර තානාපති සබඳතා ඇති කර ගැනීමට මඟ පෑදෙනු ඇත.




