සුනාමිය;අමිහිරි මතකය තුලින් උපන් සුහදතාවය

ඡායාරූප මූලාශ්‍රය, AFP
2004 සුනාමියේ දහවැනි සංවත්සරය (දෙසැම්බර් 26) වෙනුවෙන් බොහෝ රටවල සමරු වැඩ සටහන් ක්‍රියාත්මක විය.
සුනාමියෙන් දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ද හයදහසකට අධික ජීවිත විනාශයක් සිදු වූ අතර ඔවුන් වෙනුවෙන් ද සමරු වැඩ සටහන් ක්‍රියාත්මක කෙරෙමින් පැවතුණි.
ඉන්දුනීසියාවේ ද 2014 සුනාමි ව්‍යසනයේ දහවැනි සංවත්සරය අද අනුස්මරණය කෙරුණි.සුනාමියේ දී වැඩිම හානිය සිදු වූ රට ඉන්දුනීසියාවයි.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ඉන්දුනීසියානු මුහුදු පත්ලේ සිදු වූ මහා භූ කම්පනය සමඟ ආරම්භ වූ සුනාමි ව්‍යසනයෙන් ජීවිතක්ෂයට පත් රටවල් දාහතරක සමස්ත ජන සංඛ්‍යාව 225 000 කට අධික යයි ඇස්තමේන්තු කෙරෙනවා.
ඉන්දුනීසියාවෙන් පමණක් 175000 ක් මරණ වාර්තා විය.

ඡායාරූප මූලාශ්‍රය, AFP
එම සමරු වැඩසටහන් වලට ‘අචේ’ ප්‍රාන්තයේ ‘බණ්ඩා අචේ’ ප්‍රධාන නගරයේ නිල සමරු සිහිවටනයක් විවෘත කිරීමක් ද ඇතුලත් විය.
දස වසරකට පෙර මුහුණ දුන් ඛේදවාචකයේ දී සහන සැලසීමට ඉදිරිපත් වූ ස්වේච්ඡා සේවකන්ට සහ ලෝකවාසී ජනතාවට ඉන්දුනීසියානු උප ජනාධිපති යූසුෆ් කල්ලා සිය ප්‍රසංශාව පුද කළ අතර තම රටට පිහිට වූ රටවල තානාපතිවරුන්ට ඔහු තිලින ප්‍රදානය කළේය.
අමතක නොවන උදව්
උප ජනාධිපති යූසුෆ් කල්ලා (Jusuf Kalla) අදහස් දක්වමින්,එම කලාපයට එල්ල වූ සුනාමි මුහුදු රැල්ලට හසු වීමෙන් ජීවිත අහිමි වූ දහස් ගණනක් මළසිරුරු එදා හමු වූ බවයි.

ඡායාරූප මූලාශ්‍රය, AFP
2004 සුනාමියේ දී තායිලන්තයේ ද අටදහසක පමණ ජීවිත විනාශයක් සිදු විය.ඔවුන්ගෙන් වැඩි දෙනෙක් විදේශීය සංචාරකයන් වූහ.
තායිලන්තයේ දී එදා එම ව්‍යසනයේ දී දිවි බේරුණ ඇතැම් සංචාරකයන් මෙන්ම දිවි අහිමි වූ ඔස්ට්‍රියා, ස්විට්සර්ලන්ත සහ ජර්මන් සංචාරකයන් ගේ ඥාතීන් Khao Lak වෙරළට පැමිණ මියගිය අය වෙනුවෙන් මල්වඩම් තැන්පත් කළහ.
තායිලන්තයේ Phang-nga ප්‍රාන්තයේ Ban Nam Khem සුනාමි අනුස්මරණ උද්‍යානයට රැස්වූ ජනතාව විපතට ගොදුරුවූවන්ගේ නාම පුවරු ඇතුලත් ස්මාරකය ඉදිරිපිට රෝස මල් තැන්පත් කොට පුෂ්පෝපහාර දක්වා විපතට පත්වූවන් සිහිපත් කළහ.

ඡායාරූප මූලාශ්‍රය, AFP
සුනාමි අනුස්මරණ උත්සවයට එක් වූ අගමැති චන ඔචා විපතට පත් වූවන් වෙනුවෙන් මල් වඩමක් තැන්පත් කළේය.








