සුනාමි එදා සහ අද

සුනාමි ව්‍යසනය සිදු වී වසර දහයක් ගත වී තිබේ. එම ව්‍යසනයෙන් හානි වූ ගම් සහ නගර ප්‍රතිසංස්කරණය වන අකාරය ඡායාරූප මගින් දැක්වෙයි.

මීට දශකයකට ඉහතදී ඉන්දුනීසියානු මුහුදු කලාපයේ සිදු වූ විශාලතම භූ කම්පනයෙන් හට ගත් සුනාමි ව්‍යසනයෙන් ඉන්දියන් සාගරය අවට ජීවත් වූ සමස්ත ජනතාවටම දැඩි බලපෑම් එල්ල විය. මෙහිදි පුද්ගලයන් 225 000 කට අධික පිරිසක් මරු මුවට පත්වුනා.වසර දහයකට පසු මේ වනවිට, සුනාමියෙන් අධික බලපෑම් එල්ල වූ ඉන්දුනීසියාව හා තායිලන්තයේ වෙරළාශ්‍රිත ප්‍රදේශ සාමාන්‍ය තත්ත්වයට පත්ව තිබේ.
ඡායාරූප ශීර්ෂ වැකිය, මීට දශකයකට ඉහතදී ඉන්දුනීසියානු මුහුදු කලාපයේ සිදු වූ විශාලතම භූ කම්පනයෙන් හට ගත් සුනාමි ව්‍යසනයෙන් ඉන්දියන් සාගරය අවට ජීවත් වූ සමස්ත ජනතාවටම දැඩි බලපෑම් එල්ල විය. මෙහිදි පුද්ගලයන් 225 000 කට අධික පිරිසක් මරු මුවට පත්වුනා.වසර දහයකට පසු මේ වනවිට, සුනාමියෙන් අධික බලපෑම් එල්ල වූ ඉන්දුනීසියාව හා තායිලන්තයේ වෙරළාශ්‍රිත ප්‍රදේශ සාමාන්‍ය තත්ත්වයට පත්ව තිබේ.
තායිලන්තයේ වෙරළාශ්‍රිත විදේශීය ලැගුම් හල් සම්පූර්ණයෙන් විනාශ විය. සුනාමියෙන් ඉන්දුනීසියාවේ අචේ ප්‍රාන්තයේ ධීවර බෝට්ටු දහස් ගණනක් මුළුමනින් විනාශ විය. ප්‍රධාන කෘෂිකාර්මික භූමීද මුහුදු ජලෙයන් යට විය.
ඡායාරූප ශීර්ෂ වැකිය, තායිලන්තයේ වෙරළාශ්‍රිත විදේශීය ලැගුම් හල් සම්පූර්ණයෙන් විනාශ විය. සුනාමියෙන් ඉන්දුනීසියාවේ අචේ ප්‍රාන්තයේ ධීවර බෝට්ටු දහස් ගණනක් මුළුමනින් විනාශ විය. ප්‍රධාන කෘෂිකාර්මික භූමීද මුහුදු ජලෙයන් යට විය.
අචේ ප්‍රාන්තයේ හා නියාස් දූපත ආසන්නයේ පුද්ගලයන් 170 000 ක් සුනාමියෙන් අතුරුදන්වී හෝ මරුමුවට පත්වී ඇති බව සඳහන්.
ඡායාරූප ශීර්ෂ වැකිය, අචේ ප්‍රාන්තයේ හා නියාස් දූපත ආසන්නයේ පුද්ගලයන් 170 000 ක් සුනාමියෙන් අතුරුදන්වී හෝ මරුමුවට පත්වී ඇති බව සඳහන්.
මෙම ගුවනින් ගත් ඡායාරූප මගින් දැක්වෙන්නේ අචේ බණ්ඩා හි විනාශයට පත් ගෘහාශ්‍රිත ප්‍රදේශ ක්‍රමානුකූලව ප්‍රතිසංස්කරණය කර ඇති ආකාරයයි.
ඡායාරූප ශීර්ෂ වැකිය, මෙම ගුවනින් ගත් ඡායාරූප මගින් දැක්වෙන්නේ අචේ බණ්ඩා හි විනාශයට පත් ගෘහාශ්‍රිත ප්‍රදේශ ක්‍රමානුකූලව ප්‍රතිසංස්කරණය කර ඇති ආකාරයයි.
2005 වසරේ ජනවාරී මාසයේදී අචේ හි ඛෙසර් දිස්ත්‍රික්කයේ ප්‍රධාන වෙරළාශ්‍රිත මාර්ගය, ගමන් කළ නොහැකි සේ සුනු විසුනුව තිබු අයුරුත් පසුව 2014 නොවැම්බර් වන විට එම ස්ථානයේම නව අධිවේගී මාර්ගය ඉදි කර තිබෙන අයුරුත් ඡායාරූපයෙන් දැක්වෙයි.
ඡායාරූප ශීර්ෂ වැකිය, 2005 වසරේ ජනවාරී මාසයේදී අචේ හි ඛෙසර් දිස්ත්‍රික්කයේ ප්‍රධාන වෙරළාශ්‍රිත මාර්ගය, ගමන් කළ නොහැකි සේ සුනු විසුනුව තිබු අයුරුත් පසුව 2014 නොවැම්බර් වන විට එම ස්ථානයේම නව අධිවේගී මාර්ගය ඉදි කර තිබෙන අයුරුත් ඡායාරූපයෙන් දැක්වෙයි.
සුනාමියෙන් වෙරළාශ්‍රිත ප්‍රදේශ රැසක් හානියට පත් විය. මිලබා නගරයද මීට අයත් වේ. ඉන්දුනීසියාවේ අචේ කොටා ලෙසට මෙම නගරය හැදින්වේ.
ඡායාරූප ශීර්ෂ වැකිය, සුනාමියෙන් වෙරළාශ්‍රිත ප්‍රදේශ රැසක් හානියට පත් විය. මිලබා නගරයද මීට අයත් වේ. ඉන්දුනීසියාවේ අචේ කොටා ලෙසට මෙම නගරය හැදින්වේ.
අචේ බණ්ඩා හි ලම්පූක් ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානයකට ද මෙහිදී හානි විය. ඒ දැවැන්ත සුනාමි රළ පහරට ලක්වීමෙන්. මෙම ඉරි තලා ගිය භූමියට මේ වන විට නව ජීවයක් ලැබි තිබේ.
ඡායාරූප ශීර්ෂ වැකිය, අචේ බණ්ඩා හි ලම්පූක් ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානයකට ද මෙහිදී හානි විය. ඒ දැවැන්ත සුනාමි රළ පහරට ලක්වීමෙන්. මෙම ඉරි තලා ගිය භූමියට මේ වන විට නව ජීවයක් ලැබි තිබේ.
සුනාමියෙන් තායිලන්තයේ වැඩිම බලපෑමක් එල්ල වූ දිස්ත්‍රික් නම් පැන්ග් නා, රැනොන්ග්, ට්‍රෑන්ග්,ක්‍රාබි සහ පුකට්. පුකට් හි පැටොන්ග් වෙරළේ හොලිඩේ ඉන් හෝටලයේ නාන තටාකය විවිධ කැබලිවලින් වැසි ගියේය.ඉන් වසර දහයකට පසු විදේශිකයන් නැවතත් පැමිණියේ ප්‍රතිසංස්කරණය කරන ලද ස්ථානයට යි.
ඡායාරූප ශීර්ෂ වැකිය, සුනාමියෙන් තායිලන්තයේ වැඩිම බලපෑමක් එල්ල වූ දිස්ත්‍රික් නම් පැන්ග් නා, රැනොන්ග්, ට්‍රෑන්ග්,ක්‍රාබි සහ පුකට්. පුකට් හි පැටොන්ග් වෙරළේ හොලිඩේ ඉන් හෝටලයේ නාන තටාකය විවිධ කැබලිවලින් වැසි ගියේය.ඉන් වසර දහයකට පසු විදේශිකයන් නැවතත් පැමිණියේ ප්‍රතිසංස්කරණය කරන ලද ස්ථානයට යි.
විදේශීය සංචාරකයන් බහුලව සංචාරය කරන කෝපීපි ප්‍රදේශයට සුනාමියෙන් දැඩි බලපෑම් එල්ල විය. මෙම ව්‍යසනයෙන් දිවි ගලවා ගත් සියලු දෙනාට කඩිනමින් දූපතෙන් පිට වන ලෙසට දැනුම් දෙන ලදී.
ඡායාරූප ශීර්ෂ වැකිය, විදේශීය සංචාරකයන් බහුලව සංචාරය කරන කෝපීපි ප්‍රදේශයට සුනාමියෙන් දැඩි බලපෑම් එල්ල විය. මෙම ව්‍යසනයෙන් දිවි ගලවා ගත් සියලු දෙනාට කඩිනමින් දූපතෙන් පිට වන ලෙසට දැනුම් දෙන ලදී.
කෝපීපි හී ටොන් සායි මුහුදු බොක්ක ආශ්‍රිතව තිබූ වෙළඳ සල්, ආපන ශාලා, සහ බංගලා නිවාස මුළුමනින් විනාශ විය. 2014 ෙදසැම්බර් වන විට එම සියලු ස්ථාන සුනාමියට පෙර තිබු අයුරින්ම දිස්විය.
ඡායාරූප ශීර්ෂ වැකිය, කෝපීපි හී ටොන් සායි මුහුදු බොක්ක ආශ්‍රිතව තිබූ වෙළඳ සල්, ආපන ශාලා, සහ බංගලා නිවාස මුළුමනින් විනාශ විය. 2014 ෙදසැම්බර් වන විට එම සියලු ස්ථාන සුනාමියට පෙර තිබු අයුරින්ම දිස්විය.