දකුණු කොරියාවේ ශ්රමික ඉරණම

ඡායාරූප මූලාශ්රය, AFP
දකුණු කොරියාවේ සිටින බොහෝ සංක්රමණික ගොවිපළ සේවකයන් බියවැද්දීමට සහ ප්රචණ්ඩත්වයට ගොදුරු වන බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් මානව හිමිකම් සංවිධානය පවසයි.
අනාවරණය වූ කරුණු ප්රකාශයට පත් වාර්තාව බිටර් හාර්වස්ට් (Bitter Harvest) හෙවත් ‘අමිහිරි අස්වැන්න’ යනුවෙන් නම් කර තිබේ.
‘එක් කාම්බෝජ සේවකයෙක් කියා සිටියා ඔහු දිනකට වැඩි පැය ගණනක් වැඩ කරනවා කියලා. නිවාඩුත් නැහැ. නිවාඩු ඉල්ලුවහම එයාගේ හාම්පුතා පහර දෙනවලු. අපිරිසිදු තත්වයන් යටතේ ඔවුන් ඉන්නේ. බොහෝ දෙනාට වැසිකිළි පහසුකම් නැහැ.’ යනුවෙන් වාර්තාවේ කර්තෘවරිය නොර්මා කෑනග් මුයිකෝ කියා සිටියාය.
පානීය ජලය සම්බන්ධයෙන්ද ගැටළු පවතින බව පවසන ඇය එක් වියට්නාම සේවකයකුට කෘමීනාශක පිරුණු ටැංකියකින් ජලය පානය කිරීමට බල කර ඇති බවත් සඳහන් කළාය.




