ආයෝජකයින් ආකර්ෂණයට මෝඩිගෙන් අලුත් වැඩක්

ඡායාරූප මූලාශ්‍රය, epa

ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝඩි ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමේ සහ රැකියා අවස්ථා පුළුල් කිරීමේ අදහසින් නිෂ්පාදන ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම සඳහා ඉතා ඉහල මට්ටමේ වැඩ පිළිවලක් ආරම්භ කොට තිබේ.

‘ඉන්දියානු නිෂ්පාදන’ නමින් හඳුන්වා ඇති මෙම වැඩ පිළිවෙල යටතේ රථ වාහන, ඖෂධ, බලශක්ති මෙන්ම තොරතුරු තාක්ෂණ ඇතුළු නිෂ්පාදන අංශ විසි පහක් සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට නියමිතයි.

ඊට අමතරව කම්කරු නීතිය සහ නිෂ්පාදන ක්ෂේත්‍රයට අත්‍යවශ්‍ය සේවාවන් වැඩි දියුණු කිරීමටද මෙම වැඩ පිළිවෙල යටතේ කටයුතු යොදා ඇති බවයි වාර්තා වෙන්නේ.

නරේන්ද්‍ර මෝඩි ඉන්දියානු අගමැති ධුරයට පත්වීමෙන් පසු ඇමරිකා එක්සත් ජනපදයේ සිය පළමු සංචාරය පසුගිය සිකුරාදා ආරම්භ කරනු ලැබීය.