පොලීසියක් තුළ ඝාතනයක්

අහමදි සුළු ජනවර්ගය මුස්ලිම් නොවන බවට එක්දහස් නවසිය හැත්තෑ හතරේ දී ප්‍රකාශයට පත් කෙරිණි

ඡායාරූප මූලාශ්‍රය,

ඡායාරූප ශීර්ෂ වැකිය, අහමදි සුළු ජනවර්ගය මුස්ලිම් නොවන බවට එක්දහස් නවසිය හැත්තෑ හතරේ දී ප්‍රකාශයට පත් කෙරිණි

පකිස්තානයේ පොලීසියක ට ඇතුල් වූ යොවුන් වියේ පසු වන්නෙකු විසින් සුළු ජන වර්ගයකට අයත් ඉස්ලාම් ජාතිකයෙක් පොලීසිය තුළ දී වෙඩි තබා ඝාතනය කළ බව පකිස්තාන බලධාරීහු පවසති.

වෙඩි තැබීම සිදු වෙද්දී පොලිස් සිර කුඩුවක සිටි හැටපස් වියැති කලීල් අහමඩ් නැමැත්තා දෙවියන්ට අපහාස කළේ යැයි චෝදනා ලැබ මෙසේ ඝාතනයට ලක්වූ බවයි සඳහන් වන්නේ.

සිකුරාදා රාත්‍රියේ පන්ජාබ් ප්‍රාන්තයේ ගම්මානයක පොලිස් ස්ථානයක දී මෙම ඝාතනය සිදු වී ඇත්තේ ඊට දින හතරකට පෙර දෙවියන්ට අපහාස කිරීමට එරෙහිව ඇති පකිස්තාන නීතිය යටතේ අත් අඩංගුවට ගත් කලීල් අහමඩ් නැමැත්තා පොලිස් රැඳවුම් භාරයේ සිටියදී ය.

කලීල් ට ඇප ලබාදෙන දෙස ඉල්ලා ප්‍රාදේශීය අධිකරණයකට යොමු කර තිබූ අයදුම් පත පිලිබඳ තීරණය අපේක්ෂාවෙන් සිටියදීය මෙසේ ඔහු මරා දමා ඇත්තේ.

මියගිය කලීල් අහමඩ් අයත් අහමදි සුළු ජනවර්ගය මුස්ලිම් නොවන බවට එක්දහස් නවසිය හැත්තෑ හතරේ දී ප්‍රකාශයට පත් කර තිබිණි.