ඇමරිකාවේ යුද කඳවුරක් තුළ තිදෙනෙක් මරුට

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ඇමෙරිකා එක්සත් ජනපද ටෙක්සාස් ප්‍රාන්තයේ ෆෝට් හුඩ් යුධ හමුදා කඳවුර තුළ හමුදා සොල්දාදුවෙකු සිදු කළ විවෘත වෙඩි තැබීමකින් තිදෙනෙකු මියගොස් තවත් දහසය දෙනෙකු තුවාල ලබා තිබේ.
අනතුරුව සොල්දාදුවා ද එම ගිනි අවියෙන් ම තමාට වෙඩි තබා ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.
ෆෝට් හුඩ් කඳවුර එක්සත් ජනපදයේ විශාලතම යුධ හමුදා කඳවුරයි.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ආයුධ සන්නද්ධ පුද්ගලයා 2011 වසරේ දී සොල්දාදුවෙකු ලෙස ඉරාකයේ සේවය කළ අයෙකු බවයි වාර්තා වන්නේ.
ඔහු විසින් යුධ හමුදා කඳවුරට ගෙනෙන ලද අර්ධ ස්වයංක්‍රීය පිස්තෝලයක් උපයෝගී කර ගනිමින් යුධ හමුදා වෛද්‍ය බලකා මූලස්ථානයේදී තම සේවා සාමාජිකයන් හට විවෘත වෙඩි තැබීමක නිරත වී තිබේ.
සොල්දාදුවා ඒ වන විට මානසික අවපීඩනය සහ භ්‍රාන්තිය ආදී ව්‍යාදීන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගනිමින් සිටි බවයි වාර්තා වන්නේ.
වර්ෂ 2009 දී යුධ හමුදාවේ විශේෂඥ මානසික වෛද්‍යවරයෙකු අතින්ම දහතුන් දෙනෙකුට මරු කැඳවමින් සහ තිස් දෙනෙකුට අධික පිරිසකට තුවාල සිදු කරමින් ඇමෙරිකානු ඉතිහාසයේ විශාලතම විවෘත වෙඩි තැබීම සිදු වූයේද මෙම ෆෝට් හුඩ් යුධ හමුදා කඳවුරේදීයි.




