පලා ගිය කොටියෙක් සොයා තමිල්නාඩුවේ මෙහෙයුම්

මිනී කන ව්‍යාඝ්‍රයෙකු අල්ලා ගැනීම සඳහා තමිල් නාඩු බලධාරීන් මෙහෙයුමක් දියත් කර තිබේ.
පසුගිය සතියේ දී මෙම ව්‍යාඝ්‍රයා විසින් මිනිසුන් දෙදෙනෙකු මරා දමනු ලැබ ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.
මෙම මහා පරිමාණ මෙහෙයුම සඳහා අලියන් ද යොදා ගෙන ඇති අතර කැලෑ පැන ඇති ව්‍යාඝ්‍රයා කොටු කර ගැනීම සඳහා ඒ වෙනුවෙන් ම විශේෂිත කූඩු තනා තිබේ.
මෙම සත්වයා යළි මිනිස් වාසයට පැමිණිය හැකි බවට බිය පළ කරන ප්‍රදේශවාසීන් කියා සිටින්නේ කොටියා මරා දැමිය යුතු බවයි.
ඉන්දියාවේ වනාන්තරවල ව්‍යාඝ්‍රයන් තුන්දහස් දෙසීයක් පමණ සිටින බවට ඇස්තමේන්තු කර ඇති අතර එය ලෝක ව්‍යාඝ්‍ර ගහනයෙන් අඩකටත් වැඩියි.
කොටි වාසස්ථාන වගා කටයුතු සඳහා යොදා ගැනීම නිසා ඉන්දියාවේ කොටි මිනිස් ගැටුම් නිරන්තරයෙන් වාර්තා වන්නට පටන් ගෙන තිබේ.




