ජපන් අගමැති යුද සමරු ගමනට චීන විරෝධය

මතභේදයට තුඩු දී තිබෙන තෝකියෝවේ පිහිටි පුදසුනකට <link type="page"><caption> ජපාන අගමැතිවරයා උපහාර පිදීම</caption><url href="http://www.bbc.co.uk/news/world-asia-25517376" platform="highweb"/></link> සම්බන්ධයෙන් විරෝධය පෑම සඳහා චීන රජය එරට ජපන් තානාපතිවරයා කැඳවා තිබේ.
යසුකුනි ස්මාරකය දෙවැනි ලෝක යුද්ධයෙන් මියගිය යුද අපරාධ කරුවන් ඇතුළු ජපන් ජාතිකයන් සමරන තැනක්.
බලයේ සිටියදී ජපාන අගමැතිවරයකු මෙම පුදසුනට උපහාර දැක්වූයේ වසර හතකට පසු ප්‍රථම වතාවටයි.

උපහාර දැක්වීමෙන් අනතුරුව කතා කළ ජපාන අගමැති ශින්සෝ ඇබේ කියා සිටියේ "සාමය වෙනුවෙන්ද, දෙවැනි ලෝක යුද්ධයේ දී ජීවිත පූජා කළවුන් වෙනුවෙන් ද," තමන් යාඥා කළ බවයි.
චීන විදේශ අමාත්‍ය ප්‍රකාශක කින් ගැන් ප්‍රකාශ කළේ තම දේශය මෙම ගමන හෙලා දකින බව.
ජපානය සිය "ආක්‍රමණශීලී ඉතිහාසය දෙස ආපසු හැරී බැලීම පිලිබඳ පොරොන්දුව ට ගරු කළ,"යුතු යැයි ඔහු ප්‍රකාශ කළේය.
ජපානය විසින් දෙවැනි ලෝක සංග්‍රාමයේ දී ආක්‍රමණය කරනු ලැබු යාබද දකුණු කොරියාවේද අගමැති ගමනට විරෝධය පළ විය.
ජපාන අගමැතිවරයා ගත් මෙම තීරණය නිසා කලාපීය මතභේද තවත් උණුසුම් වන බවයි එක්සත් ජනපදය පවසන්නේ.








