තායිලන්ත අර්බුදය උග්‍ර අතට හැරෙන ළකුණු

විරෝධතා ව්‍යාපාරයක් ගෙනයමින් සිටින තායිලන්ත ආණ්ඩු විරෝධී උද්ඝෝෂකයෝ බැංකොක් අගනුවර විශේෂ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් වෙන මෙන් නිලධාරීන්ට බල කරමින් සිටිති.
ඇමෙරිකානු FBI ෆෙඩරල් රහස් ඔත්තු අංශයට සමාන ආයතනයක් වන තායිලන්ත විශේෂ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උද්ඝෝෂකයන් සිය ගණනක් විසින් වට කරනු ලැබ ඇති බවයි වාර්තා වන්නේ.
තායිලන්ත අගමැතිනි, යින්ලුක් ශිනවත් ගේ ආණ්ඩුව අඩපණ කර දැමීම සඳහා පෙරට ගෙන යමින් පවතින වැඩ පිළිවෙලක කොටසක් හැටියටයි, එම වටලෑම සිදු කෙරෙන්නේ.
වෙනත් අමාත්‍යංශත් විරෝධතාවාදීන් ගේ ඉලක්ක බවට පත් වී ඇති බවත් තායිලන්තයෙන් ලැබෙන වාර්තා මගින් පැවසෙයි.
එවැනි තත්වයක් උද්ගත වී ඇති නමුත් එය නොතකා හරින අගමැති ලේකම් සූරා නන්ද් විජ්ජාජීව බීබීසියට කියා සිටියේ, ආණ්ඩුව අර්බුදයකින් තොරව ක්‍රියාත්මක වෙන අතර නීතිය සහ සාමය ස්ථාපිත කිරීම සඳහා යුද හමුදාව යෙදවීමේ සැලැස්මක් නොමැති බවයි.




