ඔස්ට්‍රේලියාව සහ ඉන්දුනීසියාව අතරේ රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක්

තමන්ගේ දුරකතනයට ඔස්ට්‍රේලියාවේ බුද්ධි සේවා රහසේ සවන් දීම පිළිබඳ ව ඕස්ට්‍රේලියාවේ අගමැති ටෝනි ඇබට් ප්‍රමාණවත් ලෙස කනගාටුව පල නො කිරීම සම්බන්ධයෙන් ඉන්දුනීසියාවේ ජනාධිපති සුසිලෝ බැන්බැන් යුදයානෝ චෝදනා කොට සිටි අතර මෙම දුෂිත ක්‍රියාව වේදනාව ගෙන දෙන්නක් බව පැවසීය.
පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශයක් කළ ඕස්ට්‍රේලියානු අගමැති ටෝනි ඇබට් සමාව ඉල්ලා සිටීම ප්‍රතික්ෂේප කළේය.
‘මේ පිලිබඳව ඔස්ට්‍රේලියාවේ බුද්ධි තොරතුරු පිළිබඳව හෙළිදරව්වක් කරලා ඒ ගැන සමාව ඉල්ලා සිටීමේ ඉල්ලීම් ඉදිරිපත් වෙලා තියෙනවා. ඕනෑම ආණ්ඩුවක පළමු වගකීම රට ආරක්ෂා කර ගෙන ජාතික අභිලාෂයන් මුදුන් පමුණුවා ගැනීමයි.මේ නිසයි හැම ආණ්ඩුවක්ම තොරතුරු එකතු කරන්නේ. ඒ වගේම තමයි හැම ආණ්ඩුවක්ම දන්නවා අනෙක් ආණ්ඩුව තොරතරු එකතු කරනවා කියලා’ යැයි ඕස්ට්‍රේලියානු අගමැති ටෝනි ඇබට් ප්‍රකාශ කළේය.
මේ පුවත මුලින්ම වාර්තා කල ඕස්ට්‍රේලියානු ගුවන් විදුලි සේවාවේ මයිකල් බ්‍රිසේන්ඩ්න් කියා සිටියේ මේ සිදුවීම් හේතුවෙන් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වලට බලපෑමක් වෙතත් අප්‍රසිද්ධියේ කෙරෙන රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුම් තුලින් ඔස්ට්‍රේලියාව සහ ඉන්දුනීසියාව අතරේ ඇති සබඳතා යථා තත්වයට පත් කිරීමට කටයුතු කෙරෙනු ඇති බවයි.




