කෝටි විස්සක මත් ද්‍රව්‍ය හමුවෙයි

හොර බඩු වෙළෙඳ පොලේ ඩොලර් කෝටි විස්සක් තරම් වටිනාකමක් සහිත මත්ද්‍රව්‍ය තොගයක් ඕස්ට්‍රේලියානු පොලිසිය විසින් අල්ලා ගෙන ඇත.
එම මත් ද්‍රව්‍ය තොගය ලොරියක ටයර්වල අසුරා තිබියදීයි, පොලිසියට හසු වී තිබෙන්නේ.
ඉතා ශූර අන්දමින් සඟවා තිබු මෙම මත් ද්‍රව්‍ය තොගය එක්ස්රේ ඡායාරුප මගින් සොයා ගැනීමට හැකිවූ බවයි වික්ටෝරියා ප්‍රාන්තයේ රේගු නිලධාරියකු වන ග්‍රැහැම් ක්‍රිසොහොස් ප්‍රකාශ කර සිටියේ.
පොහොසත් ගැනුම් කරුවන්
ඔත්තුවක් අනුව නිලධාරීන් මත් තොගය අල්ලා ගෙන තිබෙන්නේ, මෙල්බර්න් වරායේදී.
කුඩා පැකට් රාශියක අසුරා තිබුන මත් තොගය චීනයෙන් ගෙන එන්නට ඇතැයි සැලකේ.
පොහොසත් ගැනුම් කරුවන් ඇති හෙයින් ඔස්ට්‍රේලියාවේ තහනම් මත් ද්‍රව්‍ය වෙළෙඳාම වැඩිවෙමින් පවතින බවයි වාර්තාවල දැක්වෙන්නේ.




