ඊජිප්තුවේ සිවිල් යුදයක පෙරනිමිති

කයිරෝ අගනුවර මුස්ලිම් පල්ලියක් ඉදිරිපිට විරෝධතාවාදීන් විශාල පිරිසක් මරා දමන ලද බවට මුස්ලිම් සහෝදරත්වය යුද හමුදාවට චෝදනා කරයි.
මහජනතාවට වෙඩි තබන ලද බවට මුස්ලිම් සහෝදරත්වය චෝදනා කළත්, ඊජිප්තු අභ්‍යන්තර කටයුතු භාර ඇමති වරයා කියා සිටින්නේ, රබා අල් අදවියා මුස්ලිම් පල්ලියේ වාඩිලා සිටි පුද්ගලයන්ට ඉන් ඉවත්ව යන මෙන් නියෝග කරනු ලැබීමෙන් අනතුරුව යුද හමුදාව විරෝධතාවාදීන්ගේ ප්‍රහාරයකට ගොදුරු වූ බවයි.
ජාත්‍යන්තර ප්‍රතිචාරය
ඊජිප්තුවේ මහජන ජීවිත විනාශ කිරීමට බලය පාවිච්චි කරනු ලැබීම බ්‍රිතාන්‍යය විසින් මේ අතර තරයේ හෙලා දකිනු ලැබුණි.
බ්‍රිතාන්‍ය විදේශ ලේකම් විලියම් හේග් ප්‍රකාශයක් කරමින්,ජීව උණ්ඩවලින් වෙඩි තැබීම ඇතුළු සියලු ප්‍රචණ්ඩ ප්‍රහාර නතර කරන මෙන් ඊජිප්තු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.
පසුගිය බදාදා කයිරෝ නගරයේ සංචාරයක නිරත වෙමින් සිටි බ්‍රිතාන්‍ය ඇමති,අලිස්ටෙයාර් බර්ට් බීබීසියට ප්‍රකාශ කළේ,ඊජිප්තුව අතිශයින්ම දුෂ්කර අවස්තාවක පසු වෙන වන බවයි.
යුරෝපා හවුලේ විදේශ ප්‍රතිපත්ති සම්පාදන අංශයේ ප්‍රධානී, කැතරින් ඈෂ්ටන් අදහස් දක්වමින්,ඊයේ රාත්‍රියේ ඊජිප්තුවෙන් වාර්තා වූ ප්‍රචණ්ඩ තත්වය සම්බන්ධයෙන් ඇය බලවත් සංතාපයට පත් වූ බවයි කියා සිටියේ.
තවදුරටත් කරුණු දැක් වූ යුරෝපා හවුලේ විදේශ ප්‍රතිපත්ති සම්පාදන අංශයේ නායිකාව,සාමකාමීව විරෝධය පල කිරීමේ අයිතියට ගරුකරන මෙන් ඉල්ලීමක් ද කළාය .
ලිබියාවේත් ගැටුම්
මේ අතර ලිබියානු කණ්ඩායම් එරට ප්‍රධාන නගර දෙකක පිහිටි මුස්ලිම් සහෝදරත්වයට සම්බන්ධ කාර්යාල දෙකකට පහර දුන් බවක් වාර්තා වෙයි.
මුස්ලිම් සහෝදරත්වයේ ප්‍රතිවාදීන් එවැනි ප්‍රහාරයක් එල්ල කළේ, බෙන්ඝාෂි නගරයේ මුල්පෙළේ අනාගමික නායකයකු වූ අබ්ද්-අල් -සලාම් -අල්-මිස්මාරි මරා දමනු ලැබීමට විරෝධය පල කිරීමක් හැටියටයි .








