ඉරාන සමාජය නවීකරණය කරන බව නව ජනාධිපති කියා සිටියි

සමාජ නවීකරණය සහ සෙසු ලෝකය සමඟ සහසම්බන්ධතාවයෙන් ක්‍රියා කරන බවට දුන් ප්‍රතිඥා ඉටුකිරීමෙහිලා තමා කැප වන බව ඉරානයේ නව ජනාධිපති හසන් රොහානි(Hasan Rouhani) ප්‍රකාශ කරයි.
ඔහු එම අදහස් පල කලේ ඉරාන් රූපවාහිනිය සමඟ සජීවී සාකච්ඡාවකට එක්වෙමින්.
නවීකරණය යනු යටත්වීමක් හෝ අර්බුදයක් මතු කිරීමක් නොව, ලෝකය සමඟ සාධනීය බලපෑමක් සහිතව නිර්මාණාත්මක මට්ටමින් කටයුතු කිරීමක්ය යන්නයි,ජනාධිපති හසන් රොහානිගේ විග්‍රහය වුනේ.
මහජනතාව වෙනසක් වෙනුවෙන් ඡන්දය දුන් බව කියා සිටි ඉරාන් ජනාධිපතිවරයා,ආණ්ඩුව ඔවුන්ගේ අදහස් පුළුල් මට්ටමින් සැලකිල්ලට ගත යුතුව ඇතැයි ද සඳහන් කළේය.
නව ජනාධිපතිවරයා ඉන්පෙර කළ ප්‍රකාශයකදී යුරේනියම් බල ගැන්වීමේ ඉරාන් වැඩපිළිවෙල නතර නොකරන නමුත්, රටේ න්‍යෂ්ටික ව්‍යාපෘතිය වඩාත් විනිවිද පෙනෙන මට්ටමකින් පවත්වා ගෙන යාමට සුදානම් යයි කියා ඇත.




