ජනගහනය: ඉන්දියාව චීනය අභිබවා යන ලකුණු

India population
ඡායාරූප ශීර්ෂ වැකිය, ඉන්දියානුවන් වැඩි කලක් ජීවත් වීම ජනගහන වර්ධනයට එක් හේතුවක් ලෙස සැලකේ
Published

වසර දෙදහස් විසි අට වනවිට ඉන්දියාව ලෝකයේ වැඩිම ජනගහනයක් වාර්තා කරමින් චීනය අභිබවා යාමේ ලකුණු පෙන්නුම් කරන බව එක්සත් ජාතීන්ගේ අලුත් වාර්තාවක් පෙන්වා දෙයි.

මෙම සියවසේ මැද භාගයේදී සමස්ත ලෝක ජනගහනය බිලියන 7.2 සිට 9.6 දක්වා වර්ධනය වීම අපේක්ෂා කරන බවයි මෙම වාර්තාව පෙන්වා දෙන්නේ.

පෙර ගණන් බලා තිබුනාට වඩා වැඩි වේගයකින් ලෝක ජනගහනය වර්ධනය වන බවත් එයට සංවර්ධනය වන රටවලින්, විශේෂයෙන්ම අප්‍රිකාවෙන් වැඩි පුර දායකත්වයක් ලැබෙතැයි ද බලාපොරොත්තු වන බවත් වාර්තාවේ සඳහන්.

ඉන්දියාව චීනය වැනි රටවල මෙතෙක් දරු උපත් සංඛ්‍යාවේ අඩුවීමක් පෙන්වා නැතත් ඉන්දියාව ජනගහන වර්ධනයක් පෙන්නුම් කර තිබේ.

ඉන්දියානුවන් වැඩි කලක් ජීවත් වීම මෙයට එක් හේතුවක් ලෙස සැලකේ.

එබැවින් 2028 දී ඉන්දියාවේ හා චීනයේ ජනගහනය බිලියන 1.45 බැගින් වනු ඇතැයි අපේක්ෂිතයි.