ප්‍රහාරයට වගකිව යුත්තන් අල්ලා ගන්නවා - ඉන්දීය අගමැති

Mahendra Karma killed in attack
ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රහාරයෙන් මියගිය මහේන්ද්‍ර කර්මා මාඕවාදීන්ට එරෙහිව ව්‍යාපාරයක් ආරම්භ කිරීම පිණිස මූලික වූවෙක්

ඉන්දියාවේ පාලක කොන්ග්‍රස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් ඉලක්ක කර සෙනසුරාදා එල්ල වූ ප්‍රහාරයට වගකිව යුත්තන් අල්ලා ගන්නා බවට ඉන්දීය අගමැති මන්මෝහන් සිංග් ප්‍රතිඥා දුන්නේය.

කොන්ග්‍රස් පක්ෂ සාමාජිකයන් රැගත් වාහන පෙලට මාඕවාදී කැරලිකරුවන් සැඟවී සිට එල්ල කළ මෙම ප්‍රහාරයෙන් විසිතුන් දෙනකු මියගොස් ඇති අතර තවත් තිහකට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි පොලීසිය පවසන්නේ.

මධ්‍යම ඉන්දියාවේ චතිස්ගාර් ප්‍රදේශයේදී සිදුවූ මෙම ප්‍රහාරය සඳහා මාඕවාදී කැරලිකරුවන් දෙසියයකට අධික පිරිසක් සහභාගි වී තිබේ.

පාලක කොන්ග්‍රස් පක්ෂයේ ප්‍රාන්ත සංවිධායකයා සහ මාඕ විරෝධී අතිරේක හමුදාවේ නායකයා ද මියගිය අය අතර සිටින බවයි වාර්තා වන්නේ.