ඉන්දියාවේ ආර්ථික වර්ධන වේගයේ අවපාතයක්

අවුරුදු දහයක කාල පරාසයක් ඇතුළත ඉන්දියාවේ දක්නට ලැබුන පහළම ආර්ථික වර්ධන වේගය වර්තමානයේ දක්නට ලැබෙන බව අලුත්ම සංඛ්‍යා දත්තවලින් පෙනී යයි.
ගෙවී ගිය වසර ඇතුළත ඉන්දියාවේ ආර්ථික සංවර්ධන වේගය සියයට පහකට පමණක් සීමා වුන බවයි, අලුත්ම ප්‍රකාශන මගින් පෙන්නුම් කෙරෙන්නේ.
එය මෙයින් අවුරුදු පහකට පෙර මෙන්ම, පසුගියදාත් වාර්තා කෙරුන සියයට දහයකට ආසන්න ආර්ථික සංවර්ධන අනුපාතයට සාපේක්ෂව විශාල මට්ටමේ අවපාතයක්.
ව්‍යාපාරික ක්‍ෂේත්‍රයෙහි විශ්වාසය පහත වැටීම, අධි උද්ධමනය, ආයෝජන පහත වැටීම, ඉන්දියානු අපනයන සඳහා යුරෝපා රටවල තිබුන ඉල්ලුම පහත වැටීම වැනි කරුණු ඉහත කී ආර්ථික සංවර්ධන පිරිහීමට හේතු වීය යන්න විශ්ලේෂකයන්ගේ විග්‍රහයයි.




