මුස්ලිම් ප්‍රජාවට එරෙහිව ප්‍රහාර කණගාටුවට කරුණක්-දලයි ලාමා

ශ්‍රී ලංකාවේ සහ බුරුමයේ මුස්ලිම් ප්‍රජාවට එරෙහිව එල්ල කෙරෙමින් ඇති බෞද්ධ ප්‍රචණ්ඩ ප්‍රහාර ඉතාම කණගාටුවට කරුණකැයි ටිබට් බෞද්ධ නායක දලයි ලාමා පවසයි.
තම දේශයෙන් පිටමංව ඉන්දියාවේ වෙසෙන නොබෙල් ත්‍යාගලාභී දලයි ලාමා,ඇමෙරිකා එක්සත් ජනපදයේ මේරිලන්ඩ් සරසවියේදී අදහස් දක්වමින්,ආගමේ නාමයෙන් මිනිසුන් මැරීම සිතා ගැනීමට පවා අසීරු දෙයක් බවයි සඳහන් කළේ.
තවදුරටත් කරුණු පැහැදිළි කළ උන්වහන්සේ ,මුස්ලිම් ජනතාව සම්බන්ධයෙන් අශුභාවාදීව සිතන බෞද්ධයන් අමතමින්, බුදුන් වහන්සේගේ ඉගැන්වීම් සිහියට නඟා ගන්නා මෙන් ඔවුන්ට උපදෙස් දුන්හ.
ශ්‍රී ලංකාවේ සහ බුරුමයේ මුස්ලිම් විරෝධී ප්‍රහාරවලට ඇතැම් බෞද්ධ භික්ෂූන්ද හවුල් වීම, පසුගිය දිනවල ජනමාධ්‍යයන්හි ප්‍රධාන සිරස්තල බවට පත්වයි තිබුනේ




