මොරොක්කෝවේ භූ කම්පනය: 2000 කට අධික ජීවිත හානි
- Author, ලෝරන්ස් පීටර් සහ ඇලෙක්ස් ක්ලීඩර්මන්
- Role, බීබීසී පුවත්
මොරොක්කෝවේ මධ්‍යම ප්‍රදේශයට බලපෑ ඒකක 6.8 ක ප්‍රභලත්වයෙන් යුත් භූ කම්පනය හමුවේ මේ වනවිට අවම වශයෙන් පුද්ගලයින් 2000 කට අධික පිරිසක් මියගොස් ඇතැයි එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පවසයි.
පුද්ගලයින් 1,400 කට අධික පිරිසක් බරපතල තුවාල තිබේ.
එහි අපිකේන්ද්‍රය මරාච් සිට කිලෝ මීටර් 71 ක් (සැතපුම් 44) පමණ නිරිතදිගින් පිහිටි හයි ඇට්ලස් කඳුකරයේ කිලෝ මීටර් 18.5 ක් පමණ ගැඹුරින් පිහිටා ඇතැයි ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.
භූ කම්පනය එරට වේලාවෙන් සිකුරාදා රාත්‍රී 23:11 ට පමණ (ශ්‍රී ලංකා වේලාවෙන් අලුයම 3.41ට පමණ) බලපා තිබේ. ඉන් මිනිත්තු 19 කට පසුව ඒකක 4.9 ක විශාලත්වයෙන් යුතු පසු කම්පනයක් ද හට ගෙන ඇත.
මරාච් සහ දකුණු දිග ප්‍රදේශ කිහිපයක ජනයා එමගින් මිය ගොස් ඇතැයි අමාත්‍යාංශය පවසයි.
විපතට පත්වූවන්ගෙන් බොහෝ දෙනෙක් ගම්බඳ ප්‍රදේශ ආශ්‍රිතව සිටින බව විශ්වාස කෙරේ.
අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසන පරිදි ලැහැවුස්,මරාච්, ක්වාර්සාසෙට්, ඇසිලැල්, ෂිශාවා සහ තෙරුදෙන්ත් යන පළාත්වල සහ නාගරාශ්‍රිත ප්‍රදේශවල පුද්ගලයින් භූ කම්පනයෙන් මිය ගොස් ඇත.
පසු කම්පනවල බලපෑම් හමුවේ යළි නිවෙස් වෙත නොයන ලෙස මොරොක්කෝ රජය විපතට පත් ජනතාවට අනතුරු අඟවා ඇති නිසා බොහෝ පිරිසක් රාත්‍රිය එළිමහනේ ගත කොට තිබේ.
තුවාල ලැබූ පුද්ගලයින් මරාච් රෝහල වෙත ගලා ඒම හේතුවෙන් බලධාරීන් ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලා ඇත්තේ රුධිරය පරිත්‍යාග කරන ලෙසයි.
යුනෙස්කෝ ලෝක උරුම ප්‍රදේශයක් වන මෙඩිනා හි ප්‍රදේශ රැසකට භූ කම්පනයෙන් හානි සිදුව ඇති අතර නගරයේ පිහිටි නිවාසවල ඉතිරි වී ඇති සුන්බුන් යට පවුල් පිටින් සිරවී සිටින බව පැවසේ.
ඇතැම් ගොඩනැගිලි කඩා වැටී ඇති බව එක් නිවැසියෙක් රොයිටර්ස් පුවත් සේවය වෙත පවසා ඇත. ගොඩනැගිලි කඩා වැටෙන් අයුරු X සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන වීඩියෝ රැසකින් පෙන්නුම් කරයි. එහෙත් ඒ කොහේ දැයි බීබීසී මගින් හඳුනාගෙන නැත.
සංචාරක ආකර්ෂණයක් ඇති මරාච් හි පැරණි නගරයේ ප්‍රධාන චතුරශ්‍රය අසල ඓතිහාසික කුටුබියා මුස්ලිම් පල්ලියේ ප්‍රාසාදශෘංගය වටා දූවිලි ඇති අයුරු දැකගත හැකි විය.
"ප්‍රචණ්ඩ කම්පනයක්" දැනුණු බව සහ "ගොඩනැගිලි සෙලවෙණු" දුටු බව එක් පුද්ගලයෙකු විස්තර කළේය.
"මිනිස්සු හැමෝම ෂෝක් වෙලා බයවෙලා ඉන්නේ. ළමයි අඬමින් ඉන්නවා දෙමාපියෝ කලබල වෙලා ඉන්නේ,"අබ්දෙල්හක් එල් අම්‍රානි AFP පුවත් සේවයට පවසා තිබේ.
ඔහු පැවසුවේ විදුලි සැපයුම් සහ දුරකථන සැපයුම් පද්ධතිය මිනිත්තු 10 ක කාලයකට ඇණ හිට තිබූ බවයි.
භූ කම්පනය හට ගන්නා අවස්ථාවේ මරාච් හි වෙසෙන පුද්ගලයෙකු වන ෆයිසාල් බදූර් රිය ධාවනය කරමින් සිට තිබේ.
"මම නැවතුණා,මට තේරුණා මොකක්ද වෙන්න යන ව්‍යසනය කියලා,"ඔහු AFP පුවත් සේවයට පැවසීය."කෑ ගැහිලි වගේම හඬා වැළපීම් දරා ගන්න බැරිතරම්"

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප මූලාශ්‍රය, Reuters
භූ කම්පනයේ අපිකේන්ද්‍රය උස් ඇට්ලස් කඳුකරයේ ප්‍රධාන ප්‍රදේශය මදක් ගැඹුරින් පිහිටා ඇත- එහි කම්පනය කිලෝ මීටර් 350 ක් දුරින් පිහිටි අරෙබාත් අගනුවරට මෙන්ම කැසබ්ලන්කා සහ ස්වෙරා යන ප්‍රදේශවලට ද දැනී ඇත.
අපිකේන්ද්‍රය ආසන්නයේ පිහිටි කඳුකර ගම්මානවල පිහිටි සැහැල්ලු ගොඩනැගිලි ආරක්ෂා වී නොතිබිය හැකි අතර ඒවා දුර බැහැර ප්‍රදේශ හේතුවෙන් ජීවිත හානි තීරණය කිරීමට යම් කාලයක් ගත වනු ඇත.
මොරොක්කෝවේ වෙසෙන බ්‍රිතාන්‍ය ජාතික මාධ්‍යවේදීයෙකු වෙන මාටින් ජේ අවදි වී තිබුණේ කෑ ගැසීම් ශබ්ද මගිනි.

ඡායාරූප මූලාශ්‍රය, EPA
ඔහු බීබීසී රේඩියෝ 4 හි අද වැඩසටහනට එක්වෙමින් පැවසුවේ "පැය දෙකකට පස්සේ දෙවෙනි භූ කම්පනයක් එයි කියලා අනාවැකි පළ කර තිබුණ නිසා බයට, මේ හැන්දෑවේ මොරොක්කෝවේ හැම නගරයකම වගේ බොහෝ දෙනා තමන්ගේ ගෙවල් වලින්, මහල් නිවාසවලින් එළියට ඇවිල්ලා බිම වාඩි වෙලා හිටියා. දෙවියන්ට ස්තූතිවන්ත වෙන්න ඒක එහෙම උනේ නෑ"
භූ කම්පනය අසල්වැසි ඇල්ජීරියාවට ද දැනී තිබේ, නමුත් එහි ජීවිත හානි හෝ දේපළ හානි වාර්තා වී නොමැති බව බලධාරීහු පවසති.
දිල්ලි නුවරදී G 20 සමුළුව අමතමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළේ ජාත්‍යන්තර ප්‍රජාව මොරොක්කෝවේ සහයට පැමිණෙනු ඇති බවයි.
ස්පාඤ්ඤයේ අග්‍රාමාත්‍ය පේද්‍රෝ සැන්චෙස් "මොරොක්කෝවේ ජනතාවට සහයෝගය" පළ කළේය.
ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් පැවසුවේ මෙම පුවත ඇසීමෙන් තමන් "අතිශය කණගාටුවට පත්වූ " බවත්, මොරොක්කෝවට සහය ලබා දෙන බවත්ය.











