නිදි පැදුරේ සිටි මිනිසුන් දහස් ගණනකට දිවි අහිමි කළ තුර්කියට සහ සිරියාවට බල පෑ බිහිසුණු භූමිකම්පාව

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
සිරියානු දේශසීමාව ආසන්නයේ ගිනිකොණ දිග තුර්කියේ හටගත් ප්‍රබල භූමිකම්පාව හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 7800 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර කම්පනයෙන් පසු දකුණු තුර්කියේ සහ උතුරු සිරියානු කලාපයේ බේරා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වේ.
එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පැවසුවේ රික්ටර් මාපකයේ 7.8 ක පළමු කම්පනය දේශීය වේලාවෙන් පස්වරු 04:17 ට (ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 6.47ට පමණ) ගාසීඅන්ටෙප් නගරය ආසන්නයේ කිලෝමීටර් 17.9 (සැතපුම් 11) ගැඹුරකදී ඇති ව ඇති බවයි.
රික්ටර් පරිමාණ 7.5 ක අගයකින් යුත් දෙවන කම්පනය ඊයේ එරට දේශීය වේලාවෙන් 13:30 ට (ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 4ට පමණ) ඇති වූ අතර, එය "පසු කම්පනයක් නොවන" බව නිලධාරීහු පවසති.
තුර්කි රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ, පළමු කම්පනයෙන් තුර්කියේ පමණක් පුද්ගලයින් 3419 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් පුද්ගලයන් 15,000 කට අධික පිරිසක් තුවාල ලැබූ බවය.
මේ වන විට සිරියාවේ පුද්ගලයින් 1600 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව සිරියානු බලධාරීන් වාර්තා කොට තිබේ.
දෙරටේ ම කඩා වැටුණු ගොඩනැගිලි සිය ගණනක සුන්බුන් අතරේ සිරවී සිටින පුද්ගලයන් බේරා ගැනීමට සහන සේවකයෝ මේ වන විට යුහුසුළුව කටයුතු කරති.
සිරියානු සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ, ඇලේපො, ලටාකියා, හමා සහ ටාටස් යන පළාත්වල පුද්ගලයන් මියගොස් ඇති බවයි.
ඉදිරි පැය කිහිපය තුළ මරණ සංඛ්‍යාව සීඝ්රයෙන් ඉහළ යනු ඇතැයි බියක් පවතී.
බොහෝ ගොඩනැගිලි කඩා වැටී ඇති අතර විශාල සුන්බුන් ගොඩවල් යට දිවි ගලවා ගත් අය සෙවීම සඳහා මුදා ගැනීමේ කණ්ඩායම් යොදවා ඇත.
තුර්කි අභ්‍යන්තර කටයුතු අමාත් සුලෙයිමාන් සෝයිලු පැවසුවේ නගර 10 කට බලපෑම් එල්ල වී ඇති බවයි: ගාසියාන්ටේප්, කහමරන්මාර්ෂ්, හාටයි, ඔස්මානියේ,ආඩියාමාන්,මලටියා,ෂාන්ලුර්ෆා,ඩානා,ඩියාර්බකා සහ කිලිස් යනු ඒවායි.
ඩියාර්බකාහි බීබීසී තුර්කි වාර්තාකරුවෙකු වාර්තා කළේ නගරයේ සාප්පු සංකීර්ණයක් ද කඩා වැටී ඇති බවයි.
ජාත්‍යන්තරයෙන් සහය ඉල්ලමින් තුර්කිය නිවේදනයක් නිකුත් කිරීමත් සමග ආධාර ලබා දෙන බවට මේ වන විට ලෝක නායකයින් පොරොන්දු වී තිබේ .
කම්පනය ලෙබනනයට සහ සයිප්‍රසයට ද දැනී ඇත.
ලෙබනන් අගනුවර වන බීරූට් හි ශිෂ්‍යයෙකු වන මොහොමඩ් එල් චමා බීබීසී වෙත පැවසුවේ "මම මොකක් හරි ලියමින් හිටියේ හදිසියේම මුළු ගොඩනැගිල්ලම හෙලවෙන්න ගත්ත. ඒ මට දැනුණේ මොකක්ද කියලා මං දැනන් හිටියේ නෑ "
"මම ජනේලය ළඟ හිටිය නිසා ඒවා කැඩීලා බිඳිලා යයි කියලා මම බය වුණා. විනාඩි හතරක් හෝ පහක් ගත වුණාට පස්සේ ඒක බිහිසුණු වුණා" ඔහු පැවසිය.
ගාසා තීරයේ බීබීසී නිෂ්පාදකවරයෙකු වන රුෂ්ඩි අබුආලාවුෆ් පැවසුවේ ඔහු රැඳී සිටි නිවසේ තත්පර 45 ක පමණ සෙලවීමක් ඇති වූ බවයි.

තුර්කි භූ කම්පන විද්‍යාඥයන් ඇස්තමේන්තු කළේ භූමිකම්පාවේ ප්‍රබලත්වය රික්ටර් මාපක 7.4ක් ලෙසයි. කෙසේ වෙතත් මිනිත්තු කිහිපයකට පසු දෙවන කම්පනයක් කලාපයට පැමිණි බව ඔවුහු පැවසූහ
තුර්කිය පිහිටා ඇත්තේ ලෝකයේ වඩාත්ම ක්‍රියාකාරී භූමිකම්පා කලාපයක ය.
මීට පෙර 1999 වසරේදී, රටේ වයඹ දෙසින් ඇති වූ බලවත් කම්පනයකින් 17,000 කට වැඩි පිරිසක් මිය ගියහ.

ඡායාරූප මූලාශ්‍රය, Anadolu Agency via Getty Images

ඡායාරූප මූලාශ්‍රය, Anadolu Agency via Getty Images

ඡායාරූප මූලාශ්‍රය, Sana via Reuters













