තෙවැනි චාල්ස් රජුගේ රාජාභිෂේකය පිළිබඳ පූර්ණ විස්තරයක්

King Charles III and Queen Consort Camilla
    • Author, දෘශ්‍ය ජනමාධ්‍ය කණ්ඩායම
    • Role, බීබීසී පුවත්

එක්සත් රාජධානියේත්, ඉන් පිටතත් වෙසෙන මිලියන සංඛ්‍යාත ජනකායක් තෙවැනි චාල්ස් රජුගේ රාජාභිෂේකය - එනම්, ආගමික මෙහෙයක් හා උත්සවශ්‍රීය එක්තැන් කරන සංකේතාත්මක උත්සවය - සැමරීම සඳහා සූදානම්වෙමින් සිටිති.

එය මැයි හයවැනි දා වෙස්ට්මින්ස්ටර් ආසන දෙව් මැඳුරේ දී (වෙස්ට්මින්ස්ටර් ඇබී) පැවැත්වීමට නියමිත අතර, එදින රාජ මෙහෙසිය කැමිලා සමග ඔටුනු පළඳින රජු, වර්ෂ 1066න් පසු එම දෙව් මැඳුරේ දී කිරුළු පළන් 40 වැනි රාජ්‍යත්වය දරන අධිරාජ්‍යයා වනු ඇත.

උත්සවශ්‍රීයෙන් හා උපචාර විධීන්ගෙන් සැදි මෙදින, වසර 1000කට වඩා පැරණි චාරිත්‍රයන් ද පිළිපදිනු ඇත්තේ ය. එය මෙසේ සිදුවනු ඇතැ යි අපි අපේක්ෂා කරමු.

06:00 time banner

සැමරුම් විධිමත් ලෙස ආරම්භවන්නේ බකිංහැම් මාළිගයේ සිට වෙස්ට්මින්ස්ටර් ඇබී වෙත ගමන් කරනා පෙරහැරකිනි. එය ගමන් කරනා මඟ දෙපස පිහිටුවා ඇති නැරඹුම් ස්ථාන බ්‍රිතාන්‍ය සම්මත වේලාවෙන් පැය 06:00ට (ලංකා වේලාවෙන් පෙ.ව. 10:30ට) විවෘත කෙරෙනු ඇත.

Map showing King's Procession route from Buckingham Palace along The Mall to Trafalgar Square, then down Whitehall and Parliament Street before turning into Parliament Square and Broad Sanctuary to reach the Great West Door of Westminster Abbey

ද මෝල් හා වයිට්හෝල් මාර්ග දිගට පිහිටි නැරඹුම් ස්ථානවලට මහජනයාට ප්‍රවේශය ලබාදෙනු ඇත්තේ පැමිණෙන පිළිවෙලට ය. එම ස්ථාන පිරී ගිය පසු හයිඩ් පාක්, ග්‍රීන් පාක් හා සේන්ට් ජේම්ස් පාක් යන ස්ථානයන්හි පිහිටි නිල මහජන දර්ශන තිර වෙත ජනයා යොමුකෙරෙනු ඇත.

හමුදා නිලධරයින්, ජාතික සෞඛ්‍ය සේවයේ සහ සමාජ සේවා කාර්යය මණ්ඩලය ඇතුළු ආරාධිත අමුත්තන් සඳහා වන පීඨිකාව බකිංහැම් මාළිගයට පිටතින් ඉදිකර ඇත.

වෙස්ට්මින්ස්ටර් ඇබී වෙත ගමන් ගන්නා පෙරහැරට සහභාගී වන රජුගේ ආරක්ෂක පිරිස හා අශ්වාරෝහක බලඇණියෙන් බොහෝකොටම සැදුම්ලත් හමුදා නිලධාරීන් (සාමාජිකයින් 200කට මඳක් අඩු) සෙනසුරාදා උදෑසන එකතුවීම ඇරඹෙනු ඇත.

තවත් සේවා සපයන්නන් 1000ක් මාර්ගය දිගට පෙළගැසෙනු ඇතත්, 1953 දී පැවැත්වුණු රාජාභිෂේකයට සාපේක්ෂව මෙම පෙරහැර විශාලත්වයෙන් කුඩාවනු ඇත. 1953 දී අනෙක් රාජකීය පවුල් හා පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල අගමැතිවරුන් ද මීට සහභාගීවිය.

පෙරහැර ඇරඹෙයි

පෙරහැර බකිංහැම් මාළිගයෙන් ඇරඹී ද මෝල් මාර්ගය දිගේ ට්‍රැෆල්ගා චතුරස්‍රය වෙත ගමන්කර, අනතුරුව වෙස්ට්මින්ස්ටර් ඇබීහි ග්‍රේට් වෙස්ට් ද්වාරය වෙත ළඟාවීම සඳහා වයිට්හෝල් මාර්ගය හා පාර්ලිමේන්තු මාර්ගය දිගේ පාර්ලිමේන්තු චතුරස්‍රය හා බ්‍රෝඩ් සැන්ක්චුවෙරි වෙත හැරෙණු ඇත.

සාම්ප්‍රදායට පිටින් යමින්, චාල්ස් රජු හා කැමිලා රාජ මෙහෙසිය පැරණි හා වඩාත් අපහසුදායක රන් රාජකීය අශ්වරථය වෙනුවට දියමන්ති ජුබිලි රාජකීය අශ්වරථයේ ගමන් ගනු ඇත.

Graphic showing some of the features of the Diamond Jubilee State Coach - including that it has air conditioning and hydraulic suspension

වෙස්ට්මින්ස්ටර් ඇබී වෙත ප්‍රාප්තවීම

පෙරහැර පැය 11:00ට ස්වල්ප වේලාවකට පෙර ආසන දෙව් මැඳුර වෙත පැමිණෙතැ යි අපේක්ෂා කරන අතර, චාල්ස් රජු, ඔහුට පෙර රජවරුන් පැළඳි වඩාත් සාම්ප්‍රදායික සරුවාලය සහ සේද මේස් වෙනුවට හමුදා නිල ඇඳුම හැඳීමට ඉඩකඩ තිබේ.

line
11:00 time banner

චාල්ස් රජු ග්‍රේට් වෙස්ට් ද්වාරයෙන් ඇතුළුවී පල්ලියේ මධ්‍ය කොටස හරහා ගොස්, ආසන දෙව් මැඳුරේ මධ්‍ය අවකාශය වෙත පිවිසෙනු ඇත.

Graphic showing the inside Westminster Abbey and the position of the nave, quire, coronation area and the high altar

පැය 11:00ට උත්සවය ඇරඹීමට නියමිතවන අතර, එය රජු විසින් තෝරාගැනුණු සංගීත ඛණ්ඩයන් මඟින් විරාම ගැන්වෙනු ඇත. මෙම සංගීත ඛණ්ඩයන් අතරට බ්‍රිතාන්‍ය සංගීතඥ ඇන්ඩෘ ලොයිඩ් වෙබර් විසින් නිර්මිත ඛණ්ඩයක් ද ඇතුළුව අලුතින් නිර්මාණය කරවන ලද සංගීත කොටස් 12ක් හා රජුගේ පියා වූ ෆිලිප් කුමරු සිහිකරනු පිණිස ග්‍රීක සාම්ප්‍රදායික සංගීතය ද ඇතුළත් ය.

වෙස්ට්මින්ස්ටර් ඇබීහි අතවැසි ළමුන් අතර රජුගේ මුණුබුරු ජෝර්ජ් කුමරු ද, කැමිලාගේ මුණුබුරු මිණිබිරියන් වන ලෝලා, එළිසා, ගස්, ලුවී සහ ෆ්‍රෙඩී ද සිටිනු ඇත. ආසන දෙව් මැඳුර තුළ දී පෙරහැරට සහභාගී වන ඇතැමුන් රජුට ඉදිරියෙන් රාජ අභිෂේක භාණ්ඩ රැගෙන යනු ඇති අතර, උත්සවය සඳහා අවශ්‍යවන තෙක් ඉන් බොහෝමයක් අල්තාරය මත පිහිටුවනු ඇත.

Line break banner

රාජ අභිෂේක භාණ්ඩ මොනවා ද?

රාජකීය පවුලේ වෙබ් අඩවියට අනුව එක්සත් රාජධානිය යනු රාජාභිෂේකයන් සඳහා තවමත් රාජ අභිෂේක භාණ්ඩ භාවිතා කරන එකම යුරෝපීය රට යි. රාජ අභිෂේක භාණ්ඩ හෙවත් රාජ කකුධ යනු ඔටුන්න, ගෝලය හා සෙංකෝලය වැනි රාජකීයත්වයේ සංකේතයන් ය.

මේ එක් එක් වස්තූන් රාජතන්ත්‍රයේ සේවයේ සහ වගකීම්හි විවිධ අංගයන් සංකේතවත් කරයි.

උත්සවයේ ප්‍රධාන අවස්ථාවන්හි දී රජුගේ ගෝලය, රජුගේ කුරුසිය සහිත සෙංකෝලය, සහ රජුගේ පරෙවියා සහිත සෙංකෝලය සහ අනෙකුත් අංගයන් චාල්ස් රජු වෙත පිරිනමනු ඇත.

Graphic showing the Sovereign's Orb, symbolising the Christian world, the Sceptre with Cross representing kingly power and justice, and the Sceptre with Dove representing the King's spiritual role

රජුගේ යෂ්ටීන් පිළිබිඹු කරමින්, කැමිලාට ද පරෙවියා සහිත රාජ මෙහෙසියගේ යෂ්ටිය සහ කුරුසය සහිත රාජ මෙහෙසියගේ සෙංකෝලය පිරිනමනු ලැබෙයි.

Line break banner

දේව මෙහෙය සඳහා අදියර කිහිපයක් ඇති අතර පැය දෙකකට අඩු කාලයක් පවතිනු ඇතැ යි අපේක්ෂා කෙරේ.

පළමු අදියර: හඳුන්වාදීම

ඇන්ග්ලෝ-සැක්සන් සමය දක්වා දිවෙන සම්ප්‍රදායකට අනුව, මෙහිදී චාල්ස් රජු "මහජනයා" වෙත ඉදිරිපත් කෙරෙනු ඇත.

වසර 700ක් පැරණි රාජාභිෂේක ආසනය අසලින් සිටගෙන සිටින කැන්ටබරියේ අගරදගුරු ජස්ටින් වෙබ්ලි ආසන දෙව් මැඳුරේ දෙපසටම හැරී චාල්ස් "නිසැක රජු" ලෙස හඳුන්වාදෙනු ඇති අතර, අනතුරුව රජුට ප්‍රණාමය හා මෙහෙවර දක්වන්නැ යි රැස්ව සිටින සභාවෙන් ඉල්ලා සිටිනු ඇත.

සභාව "ගෝඩ් සේව් ද කිං!" (දෙවියෝ රජු රකිත්වා) යනුවෙන් හඬ නගා පවසනු ඇති අතර, සෑම හඳුන්වාදීමකටම පසු ට්‍රම්පට් වාදනය කෙරෙනු ඇත.

සාන්ත එඩ්වඩ්ගේ ආසනය හෝ එඩ්වඩ් රජුගේ ආසනය ලෙස ද හැඳින්වෙන 'රාජාභිෂේක ආසනය', එක්සත් රාජධානිය තුළ තවමත් එහි මුල් අරමුණ සඳහා භාවිතා කෙරෙන පැරණිතම ගෘහ භාණ්ඩයබව විශ්වාස කෙරෙයි. රජුන් හා රාජිණියන් 26 දෙනෙකු ඒ මත හිඳ ඔටුනු පළඳා ඇත.

Graphic of the Coronation Chair highlighting the carved graffiti blamed on choirboys and some of the remaining gold-leaf decoration. It also shows where the Stone of Destiny will be placed under the seat.

ඡායාරූප මූලාශ්‍රය, AFP

එය මුලින්ම තනවා තිබුණේ එංගලන්තයේ පළමු එඩ්වඩ් රජුගේ අණ පරිදි දෛවයේ පාෂාණය අඩංගුකරවීමට ය. එම පාෂාණය ස්කොට්ලන්තයේ ස්කෝන් ප්‍රදේශය ආසන්නයෙන් ගෙන එන ලද්දකි.

ස්කොට්ලන්ත රාජතන්ත්‍රයේ පෞරාණික සංකේතයක් වන මෙම පාෂාණය 1996 දී ආපිට ස්කොට්ලන්තය වෙත ලබාදුන් නමුත්, දේව මෙහෙය අතරේ භාවිතා කිරීම සඳහා නැවතත් ලන්ඩනය වෙත ගෙන ඒමට නියමිත ය.

රාජාභිෂේකය අතරතුරේ දී, උත්සවයේ ආගමික ස්වභාවය අවධාරණය කිරීම සඳහා ඕක් අසුන උස් අල්තාරය ඉදිරිපිට ඊට මුහුණලා, "කොස්මාති පාදිකාව" ලෙස හැඳින්වෙන ඓතිහාසික මධ්‍යකාලීන මොසෙයික් පොළොව මධ්‍යයේ තබනු ඇත.

Graphic showing the central area of Westminster Abbey where the coronation will take place and how the chairs the King and Queen Consort will use may be arranged

දෙවැනි අදියර: දිවුරුම

රජු බයිබලය මත අත තබා රාජාභිෂේක ප්‍රතිඥාව ලබාදීමට පෙර, රජු සිය පාලන සමය තුළ දී නීතිය හා එංගලන්ත සභාව ආරක්ෂා කරනබවට තහවුරු කරන්නැ යි කැන්ටබරියේ අගරදගුරු ඉල්ලා සිටිනු ඇත. මෙය නීතිමය අවශ්‍යතාවකි.

බ්‍රිතාන්‍යය තුළ අදහන විවිධාකාර ආගම් පිළිගැනීම සඳහා චාල්ස් රජු වචන කීපයක් පවසනු ඇති නමුත්, මෙය ප්‍රතිඥාවෙහි කොටසක් නොවනු ඇති අතර තවමත් තහවුරුකර ඇත්තේ ද නැත.

තෙවැනි අදියර: අභිෂේක කිරීම

එංගලන්ත සභාවේ ද නායකයා වන රජුගේ අධ්‍යාත්මික තත්ත්වය අවධාරණය කරමින්, රජුගේ චාරිත්‍රානුකූල ලෝගුව ඉවත් කෙරෙනු ඇති අතර රජු අභිෂේක ලැබීම සඳහා රාජාභිෂේක ආසනය මත අසුන්ගනු ඇත.

ප්‍රථමයෙන් අගරදගුරු තැන විසින් රන් ෆ්ලාස්කුවක් වන ඇම්පියුලාවෙන් රාජාභිෂේක කෙණෙස්සට විශේෂ තෙල් වර්ගයක් වත්කරනු ඇත. අනතුරුව රජුගේ හිස, පපුව හා අත් මත කුරුසය ලකුණුකර රජු අභිෂේක කරනු ඇත.

ඇම්පියුලාව තනා තිබුණේ දෙවැනි චාල්ස්ගේ රාජාභිෂේකය සඳහා වන නමුදු, එහි හැඩය අතීත අනුරුවක් හා ජනප්‍රවාදයක් දක්වා දිවෙයි. ජනප්‍රවාදයට අනුව, 12 වැනි සියවසේ දී කන්‍යා මරියතුමිය සාන්ත තෝමස් අ බෙකට් වෙත පෙනී සිට, එංගලන්තයේ අනාගත රජුන් අභිෂේක කිරීමට යොදාගනු පිණිස රන්වන් රාජාලියෙකු ලබා දී ඇත.

ඉංග්‍රීසි සිවිල් යුද්ධයෙන් අනතුරුව ඔලිවර් ක්‍රොම්වෙල් සිදුකළ රාජ කකුධ විනාශය කිරීමෙන් ගැලවීගත් රාජාභිෂේක කෙණෙස්ස ඊට වඩා බොහෝ පැරණි ය.

Graphic showing ampulla and spoon

මෙහිදී භාවිතා කෙරෙන තෙල ද, ජෙරුසෙලමේ ඔලිව් කන්දේ වතු දෙකකින් නෙළන ලද ඔලිව් එනගරයේම පිහිටි ශුද්ධ වූ සොහොන් ගැබේ පල්ලියේ දී සිදුකෙරුණු විශේෂ උත්සවයක දී කැප කර රාජාභිෂේකය සඳහා විශේෂයෙන්ම නිෂ්පාදනය කෙරුණකි.

මෙම අවස්ථාව උත්සවයේ ඉතාමත්ම පූජනීය කොටස ලෙස සලකනබැවින්, රජු සභාවට දර්ශනයවීම වැලැක්වීම සඳහා අසුනට ඉහළින් වියනක් ඔසවනු ඇත.

සිව්වැනි අදියර: නිලප්‍රතිෂ්ඨානය

මේ, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔටුනු පළඳවන මොහොත යි - මෙහිදී රජු ඔහුගේ ජීවිතයේ එකම වරකට සාන්ත එඩ්වඩ්ගේ ඔටුන්න පළඳිනු ඇත.

ඔටුන්න නම්කර තිබෙන්නේ ඇන්ග්ලෝ-සැක්සන් රජෙකු සහ සාන්තුවරයෙකු වූ එඩ්වඩ් ද කන්ෆෙසර්ට අයත්ව තිබූ පෙර අනුරුවක නමින් වන අතර, වර්ෂ 1220 සිට ක්‍රොම්වෙල් එය උණුකර දමවන තෙක් රාජාභිෂේකයන් සඳහා භාවිතාකර ඇතැ යි කියැවේ.

එඩ්වඩ් පැළඳ සිටි ඔටුන්න වැනිම වඩාත් ගරුගම්භීර ඔටුන්නක් අවශ්‍යවූ දෙවැනි චාල්ස් රජු වෙනුවෙන් එය සාදා තිබුණි.

Graphic of St Edward's Crown which weighs over 2kg - it has a solid gold frame and is decorated with rubies, amethysts, sapphires, garnet and topazes

තෙවැනි චාල්ස් එය පළඳින සත්වැනි රජු ය. ඔහුට පෙර, දෙවැනි චාල්ස්, දෙවැනි ජේම්ස්, තෙවැනි විලියම්, පස්වැනි ජෝර්ජ්, සයවැනි ජෝර්ජ් හා, අවසන් වරට 1953 දී ඇගේ රාජාභිෂේකයට එය පැළඳි දෙවැනි එලිසබෙත් රැජිණ ඔහුට පෙර එය පැළඳුවෝ වෙති.

පළමුවෙන්ම රජුගේ ගෝලය, රාජාභිෂේක මුදුව, රජුගේ කුරුසිය සහිත සෙංකෝලය, සහ රජුගේ පරෙවියා සහිත සෙංකෝලය සහ අනෙකුත් අංගයන් රජු වෙත පිරිනැමෙනු ඇත.

මීළඟට අගරදගුරු තැන සාන්ත එඩ්වඩ්ගේ ඔටුන්න රජුගේ හිස මත පිහිටුවයි. එවිට ට්‍රම්පට් නාද කෙරෙනු ඇති අතර එක්සත් රාජධානිය පුරා තුවක්කු ආචාර වෙඩිමුර පැවැත්වීම සිදුකෙරෙනු ඇත.

ටවර් ඔෆ් ලන්ඩන් මාළිගාව දෙසට උණ්ඩ 62ක ආචාරයක් තැබෙනු ඇති අතර, හෝස් ගාඩ්ස් පරේඩ් පිටිය දෙසට තුවක්කු හයක ආචාර වෙඩිමුරයක් පැවැත්වෙනු ඇත. එඩින්බරෝ, කාඩිෆ් සහ බෙල්ෆාස්ට් ඇතුළු එක්සත් රාජධානිය පුරා පිහිටි තවත් ස්ථාන 11ක දී සහ දියත්කර ඇති රාජකීය නාවික හමුදා නෞකාවල දී තවත් උණ්ඩ 21 බැගින් ආචාර වෙඩි තබනු ඇත.

පස්වන අදියර: සිංහාසනාරූඩය

උත්සවයේ අවසන් කොටසේ දී රජු සිංහාසනය මත අසුන්ගනියි. අගරදගුරු, බිෂොප්වරුන් සහ රාජධානියේ අනෙකුත් සමයින් විසින් ඔහු එය මතට ඔසවා තැබීමට ද ඉඩ තිබේ.

මීළඟට, සාම්ප්‍රදායිකව, රාජකීය අනුප්‍රාප්තිකන් හා සමයින් රජු ඉදිරියේ දණ නමා, පක්ෂපාතීත්වය ගැන දිවුරමින්, ඔහුගේ දකුණු අත සිඹිමින් ප්‍රණාමය දක්වනු ඇත.

කෙසේ නමුත්, චාල්ස් රජුට ප්‍රණාම දක්වන එකම රාජකීය ආදිපාදවරයා වනු ඇත්තේ විලියම් කුමරු පමණකැ යි සිතනු ලැබේ.

රාජ මෙහෙසිය

ප්‍රණාම දැක්වීමෙන් පසු, වඩාත් සරල උත්සවයක් මඟින් කැමිලා රැජිණ අභිෂේක ගන්වා, ඔටුනු පළඳවා සිංහාසනාරූඬ කෙරෙනු ඇත. නමුත් ඇයට ප්‍රතිඥාවක් ලබාදීමට සිදුවන්නේ නැත.

ඇයට ඔටුනු පළඳවනු ලබන්නේ මේරි රැජිණගේ ඔටුන්නෙනි. මෙය පස්වැනි ජෝර්ජ්ගේ රාජාභිෂේක අවස්ථාවේ දී මේරි රැජිණට ඔටුනු පැළඳවීම සඳහා තනවා තිබේ. නමුත් එහි ආරුක්කු කීපයක් ඉවත්කර, කලිනන් III, IV සහ V දියමන්ති ත්‍රිත්වය යළි සවිකර සැකසෙමින් පවතියි.

Graphic of Queen Mary's Crown before it is modified and showing the three Cullinan diamonds

පිටත්වීම

රජු හා රාජ මෙහෙසිය ඔවුන්ගේ සිංහාසනවලින් නැගිට, අනතුරුව සාන්ත එඩ්වඩ්ගේ පල්ලියට පිවිසීමට ඉඩ ඇත - මෙහිදී චාල්ස් සාන්ත එඩ්වඩ්ගේ ඔටුන්න ඔහුගේ හිසෙන් ගලවා, ඒ වෙනුවට රාජකීය රාජ්‍ය ඔටුන්න පළඳා, ජාතික ගීය වාදනය වන අතරේ ආසන දෙව් මැඳුරෙන් පිටවන පෙරහැරට එකතුවෙයි.

Graphic of Imperial State Crown and highlighting the St Edward's sapphire (said to be from Edward the Confessor's ring), the Black Prince Ruby (reportedly worn by Henry V in battle) and the Cullinan II diamond

පසුව රජු හා රාජ මෙහෙසිය ඔවුන් පැමිණි මාර්ගයෙන්ම ආපිට බකිංහැම් මාළිගය බලා පිටත්ව යනු ඇත. මෙවර ඔවුන් ගමන් කරනු ඇත්තේ, 1831 සතරවැනි විලියම්ගේ රාජාභිෂේකයේ සිට සෑම රාජාභිෂේකයක දීම භාවිතාකර ඇති, අවු. 260ක් පැරණි රන් රාජකීය අශ්වරථයෙහි ය.

Graphic of Gold State Coach highlighting that it is made of wood coated in gold leaf and weighs four tonnes

වාර්තාවලින් පැවසෙන පරිදි, වේල්ස් කුමරුගේ දරුවන් තිදෙනා වන ජෝර්ජ් හා ලුවී කුමාරවරුන් ද ෂාලට් කුමරිය ද ඔවුන්ගේ දෙමාපියන් සමග, රන් රාජකීය අශ්වරථයට පිටුපසින් ගමන් ගන්නා රථයකින් පෙරහැරේ පැමිණෙනු ඇත.

එක්සත් රාජධානියේ සන්නද්ධ හමුදා සාමාජිකයින් 4000කට ආසන්න පිරිසක්, එරට ආරක්ෂක අමාත්‍යාංශය විසින් පරම්පරාවක කාලයක දී සිදුවෙන එවැනි ආකාරයේ විශාලතම හමුදා චාරිත්‍රානුකූල මෙහෙයුම ලෙස හැඳින්වෙන අවස්ථාවට සහභාගීවනු ඇත.

Graphic showing some of the uniforms likely to be worn for the postilions, Yeoman of the Guard, Household Cavalry and the groom and footman

පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල ද, බ්‍රිතාන්‍යයේ විදේශ රාෂ්ට්‍රයන්හි ද නියෝජිතයින් ඔවුන් හා එක්වනු ඇත.

එසේම, රාජකීය බ්‍රිතාන්‍ය සේනාංකය විසින් පාර්ලිමේන්තු චතුරස්‍රයේ දී පෙරහැර මාර්ගය සඳහා ගෞරව ආරක්ෂකයින් 100 දෙනෙකු ලබාදෙනු ඇත.

Map showing the Coronation Procession route from Westminster Abbey back to Buckingham Palace

ආසන දෙව් මැඳුරේ සිට මාළිගා භූමිය දක්වා දිවෙන මාර්ගය කිලෝමීටර 2.29ක් දිගු ය. පෙළපාළියට පැමිණ සිටින හමුදා නිලධාරීන්ගෙන් රජුට සහ රැජිණට රාජකීය ආචාරයක් ද, ඔල්වර හඬ ත්‍රිත්වයක් ද ලැබෙනු ඇත.

1953 දී මෙම මාර්ගය සැතපුම් සතරකට වඩා (කිලෝමීටර 6.4කට වැඩි) දිගුවූ අතර, මුළු පෙරහැරටම එක් තැනක් පසු කිරීම සඳහා ගතවූ කාලය මිනිත්තු 45ක් විය.

බකිංහැම් මාළිගයට ඉහළින් ගුවන් හමුදා පියාසැරිය

1902 දී පැවැති සත්වැනි එඩ්වඩ්ගේ රාජාභිෂේකයෙන් පසු, නව රජු ද මෝල් මාර්ගයේ රැස්ව සිටින ජනයාට බකිංහැම් මාළිගා සඳලුතලයේ සිට ආචාර කිරීම සාමාන්‍ය සිරිතක්ව පැවැතිණි. 1953 දී ගුවන් යානා සිය ගණනක් යොදාගෙන සිදුකෙරුණු පියාසැරිය නැරඹීමට මහ රැජිණගේ මව, දරුවන්, සොයුරිය සහ අනෙකුත් රාජකීයයන් ඇය සමග එක්විය.

Annotated images showing the Buckingham Palace balcony during Queen Elizabeth II's coronation - with Prince Charles, Princess Anne, Prince Philip, the Queen Mother and Princess Margaret among those present

චාල්ස් රජු හා කැමිලා රැජිණ ද මෙම සම්ප්‍රදාය ඉදිරියට ගෙනයනු ඇතැ යි බකිංහැම් මාළිගය තහවුරුකර තිබේ. නමුත් ඊට කුමන රාජකීය සාමාජිකයින් එක්වනු ඇත්ද යන්න තවමත් තහවුරුවී නැත.

අනතුරුව, හමුදා හා රාජකීය නාවික හමුදා සාමාජිකයින් සහභාගී වන මිනිත්තු හයක ගුවන් යානා පියාසැරියකින් සහ රාජකීය ගුවන් හමුදාවේ 'රෙඩ් ඇරෝස්' ගුවන් කරණම් කණ්ඩායම විසින් සිදුකරන සංදර්ශනයකින් පසු, එතනට රැස්ව සිටින ජනයා එදින මහජන සැමරුම්හි අවසානය දකිනු ඇත.

රචනය සහ නිෂ්පාදනය ක්‍රිස් ක්ලේටන්, සැලසුම් නිර්මාණය ලිලී හියුන් සහ සෝවි බාතොලමිව්, රූප සටහන් නිර්මාණය ජෙනී ලෝ