ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
යේමන් අගනුවර සානා හිදී ඇතිවූ රාමදාන් තෙරපුමකින් පුද්ගලයින් රැසක් ජිවිතක්ෂයට
- Author, ජෝර්ජ් රයිට්
- Role, බීබීසී පුවත්
යේමන් අගනුවර වූ සනා හි පාසලක රාමදාන් සමය වෙනුවෙන් පැවති ආධාර බෙදා දීමේ වැඩසටහනක දී සිදුවූ තෙරපුමකින් අවම වශයෙන් පුද්ගලයින් 78 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව බලධාරීහු පවසති.
රූපවාහිනීයේ විකාශය වූ දර්ශන වලින් පෙන්නුම් කලේ බාබ් - අල්- යේමන් නගරයේ ජනතාවට ඒකරාශී වීමෙන් ඇතිවූ කලබලකාරී තත්ත්වය මත ඔවුන්ට එහා මෙහා යෑමට නොහැකිව සිටින අයුරුයි.
සිය ගණනක් ජනතාව බදාදා දිනයේදී පාසලකට ඒකරාශි වී සිටියේ එක් පුද්ගලයෙකුට අමෙරිකානු ඩොලර් 09 (ස්ටර්ලි පවුම් 7, යුරෝ 8 වැනි ආධාරයක් ලබා ගැනීමටයි.
2015 වර්ෂය්දී පාලනයේ සිටි ආණ්ඩුව ඉවත් කිරීමෙන් පසු හූති කැරලිකරුවන් නගරයේ පාලන කටයුතු සිදුකරනු ලබයි.
මෙය සංවිධානය කළ බව කියන ප්‍රාදේශීය ව්‍යාපාරිකයින් දෙදෙනා මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර ඇත.
ප්‍රාදේශීය බලධාරීන් සමග සම්බන්ධ නොවී " නිසි පාලනයකින් තොරව ආධාර බෙදාදීම" මෙලෙස තෙරපුමක් ඇතිවීමට බලපෑ බව අමාත්‍යාංශය මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියි.
සනා හි බලධාරීන් සඳහන් කලේ සිදුවීමෙන් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බව හා ඉන් 13 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි.
"මියගිය අය අතර කාන්තාවන් සහ ළමයින් ද සිටි," හූති ආරක්ෂක නිලධාරියෙක් නිර්නාමික ලෙස ඒ.එෆ්.පි. පුවත් ඒජන්සියට පැවසුවේ ඔහුට මාධ්‍යවේදීන් සමඟ කතා කිරීමට අවසර නොමැති වීම හේතුවෙනි.
ඇසෝසියේටඩ් ප්‍රෙස් ප්‍රවෘත්ති ඒජන්සිය, ඇසින් දුටු සාක්ෂිකරුවන් දෙදෙනෙකු උපුටා දක්වමින් කියා සිටියේ හූති සටන්කාමීන් ජනතාව පාලනය කිරීමේ උත්සාහයක් ලෙස අහසට වෙඩි තැබූ බවත්, පෙනෙන විදිහට විදුලි රැහැනකට වැදී පිපිරීමක් සිදු වූ බවත්ය. එය භීතිය ඇතිකිරීමට හේතු වූ අතර, තෙරපීමට හේතු වූ බව ඔවුහු වැඩිදුරටත් පවසා සිටිති.
පසුව කැරලිකරුවන් පාසලට මුද්‍රා තබා මාධ්‍යවේදීන් ඇතුළු පුද්ගලයින්ට එහි ඇතුළුවීම තහනම් කළ බව වාර්තා වෙයි.
ඥාතියෙකු අහිමි වූ සෑම පවුලකටම ඇමරිකානු ඩොලර් 2,000 (පවුම් 1,600) ගෙවීමට හූතිවරු එකඟ වී ඇති අතර තුවාල ලැබූවන්ට ඩොලර් 400 (පවුම් 322) පමණ ලැබෙනු ඇත.
යේමනය පිළිබඳ මූලික කරුණු
- යේමනය 2015 දී උග්‍ර වූ ගැටුමකින් විනාශ වී ඇත, හූතිවරු අගනුවර ඇතුළු රටේ බටහිර ප්‍රදේශයේ විශාල ප්‍රදේශයක පාලනය අත්පත් කර ගත්හ.
- සෞදි අරාබිය සහ ඉරානය අතර වූ බල අරගලයක් ලෙස පුළුල් ලෙස සැලකෙන මෙම ගැටුමෙන් පුද්ගලයින් 150,000 කට වැඩි පිරිසක් මිය ගොස් ඇත.
- මිලියන 23 කට වැඩි ජනතාවක් - ජනගහනයෙන් හතරෙන් තුනකට - යම් ආකාරයක ආධාර අවශ්‍ය වේ.
- යේමනයේ නිල ආණ්ඩුව දැන් ඒඩන්හි පවතින අතර ජනාධිපති අබ්ද්‍රබුහ් මන්සූ හාඩි සෞදි අරාබියේ රැඳී සිටියි.
මෙම සිදුවීම සිදු වූයේ මුස්ලිම්වරුන්ගේ ශුද්ධ වූ රාමසාන් මාසයේ අවසාන දිනවලදී වන අතර එය නිරාහාර කාල පරිච්ඡේදයකින් සලකුණු කර ඇත.
පසුගිය සතියේ යේමනයේ සටන් කරන පාර්ශ්ව අතර ප්‍රධාන සිරකරුවන් හුවමාරුවක් ආරම්භ වූ අතර එය වසර අටක විනාශකාරී ගැටුම අවසන් කිරීමේ වේගවත් උත්සාහයේ කොටසක් ලෙස සැලකෙයි.
හූති උත්තරීතර පරිණාමීය කමිටුවේ ප්‍රධානියා වන මොහොමඩ් අලි අල්-හූති බදාදා සිදුවූ මෙම තෙරපුම රටේ මානුෂීය අර්බුදයක් බවට දොස් පවරනු ලැබුවේය.
"සිදු වූ දෙයට සහ ආක්‍රමණශීලීත්වය හා අවහිර කිරීම් හේතුවෙන් යේමන ජනතාව ජීවත් වන කටුක යථාර්ථය සඳහා ආක්‍රමණශීලී රටවල් වගකිව යුතු ය," ඔහු ට්විටර් සටහනක් තබමින් පැවසීය.