ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
යේමනය: "මරාගෙන මැරෙන ප්‍රහාරයකින් විස්සක්වත් මරුට"
යේමනයේ දකුණු දිග කලාපයට අයත් ඇඩෙන් වරාය නගරයේ පිහිටි හමුදා කඳවුරකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට හසු වී හමුදා සෙබළුන් විසි දෙනෙකුවත් මරුමුවට පත් වී ඇති බව එරට බලධාරීහු පවසති.
ප්‍රහාරයෙන් තවත් හමුදා භටයන් විසි දෙනෙකුවත් තුවාල ලබා ඇති බවත් වාර්තාවල සඳහන් වේ.
වේතන ලබා ගැනීම සඳහා පෝලිම් ගැසී සිටි හමුදා සෙබළුන් ඉලක්ක කොට ප්‍රහාරකයා විසින් බෝම්බය පුපුවරා හරිනු ලැබ තිබේ.
ජාත්‍යන්තර වශයෙන් පිළිගනු ලැබූ ආණ්ඩුවක් යටතේ පාලනය වන ඇඩෙන් නගරයට මීට පෙර එල්ල වූ ප්‍රහාර ගණනාවක වගකීම ඉස්ලාමීය කැරලිකරුවන් විසින් බාර ගනු ලැබ ඇත.
ඉරානයේ සහාය ලබන හුති කැරලිකරුවන් යේමනයේ සනා අගනුවරින් පළවා හැරීම සඳහා ආණ්ඩුවට පක්ෂ හමුදා උත්සාහ කරමින් සිටිති.
යේමනයේ ආණ්ඩුවට පක්ෂ හමුදා වෙත සෞදි අරාබියේ නායකත්වයෙන් සැදුම් ලත් සන්ධානයේ සහාය හිමි වේ.