යේමනය: "මරාගෙන මැරෙන ප්‍රහාරයකින් විස්සක්වත් මරුට"

Map of Yemen

යේමනයේ දකුණු දිග කලාපයට අයත් ඇඩෙන් වරාය නගරයේ පිහිටි හමුදා කඳවුරකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට හසු වී හමුදා සෙබළුන් විසි දෙනෙකුවත් මරුමුවට පත් වී ඇති බව එරට බලධාරීහු පවසති.

ප්‍රහාරයෙන් තවත් හමුදා භටයන් විසි දෙනෙකුවත් තුවාල ලබා ඇති බවත් වාර්තාවල සඳහන් වේ.

වේතන ලබා ගැනීම සඳහා පෝලිම් ගැසී සිටි හමුදා සෙබළුන් ඉලක්ක කොට ප්‍රහාරකයා විසින් බෝම්බය පුපුවරා හරිනු ලැබ තිබේ.

A member of Yemeni security forces stands guard at the site where a suicide car bomb exploded next to the central bank in Yemen"s second city Aden on October 29, 2016.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, යේමන ආරක්ෂක හමුදා සාමාජිකයෙක්

ජාත්‍යන්තර වශයෙන් පිළිගනු ලැබූ ආණ්ඩුවක් යටතේ පාලනය වන ඇඩෙන් නගරයට මීට පෙර එල්ල වූ ප්‍රහාර ගණනාවක වගකීම ඉස්ලාමීය කැරලිකරුවන් විසින් බාර ගනු ලැබ ඇත.

ඉරානයේ සහාය ලබන හුති කැරලිකරුවන් යේමනයේ සනා අගනුවරින් පළවා හැරීම සඳහා ආණ්ඩුවට පක්ෂ හමුදා උත්සාහ කරමින් සිටිති.

යේමනයේ ආණ්ඩුවට පක්ෂ හමුදා වෙත සෞදි අරාබියේ නායකත්වයෙන් සැදුම් ලත් සන්ධානයේ සහාය හිමි වේ.