ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'සදාකාලික රසායනික ද්‍රව්‍ය': සත්ත්ව විශේෂ 300කට අධික සංඛ්‍යාවක දක්නට ලැබෙන PFAS මොනවා ද?
පැන්ඩා වලසුන්, මුහුදු සිංහයන් සහ අශ්වයන් යනු "සදාකාලික රසායනික ද්‍රව්‍ය" ලෙස ද හැඳින්වෙන විෂ සහිත PFASවලින් දූෂිත රුධිරය ඇති ලොව පුරා සිටින සත්ත්ව විශේෂ 300කට වැඩි ප්‍රමාණයකට අයත් සත්ත්ව විශේෂ කීපයකි.
මේ බව හෙළිව තිබෙන්නේ 'Environmental Working Group' නම් පාරිසරික ක්‍රියාකාරී කණ්ඩායම විසින් මෑතක දී සිදුකරන ලද අධ්‍යයනයක් මඟිනි.
මිනිසා විසින් සාදන ලද මේ රසායනික ද්‍රව්‍ය, රූපලාවන්‍ය ද්‍රව්‍යවල සිට ආහාර පිසීමේ නන්ස්ටික් උපකරණ දක්වා අති පුළුල් පරාසයක දක්නට ලැබෙයි.
මේවායේ ඇති අවාසිය නම්, ඒවාට විෂ සහිත බලපෑම් ඇතිකළ හැකිවීම යි.