ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
තුර්කි-සිරියා භූමිකම්පාව : සතුන්ට භූ කම්පන ගැන අනාවැකි කිව හැකි ද?
තුර්කියේ සහ සිරියාවේ ඇතිවූ භූ කම්පනවලින් පසු, සතුන් විසින් එම ව්‍යසනයන් ගැන අනාවැකි පළකර ඇතැ යි සමාජ මාධ්‍යවල ප්‍රචාරය විය.
වෛරල් වූ එවැනි විඩියෝ එක රැයකින් මිලියන ගණනක් දෙනා නරඹා තිබුණි.
මෙම විඩියෝ පටිගතකර තිබුණේ කොහේදීදැ යි විමර්ශනය කළ අපි, ඇත්තෙන්ම සතුන්ට ඉදිරියේ දී සිදුවන ව්‍යසනයන් සම්බන්ධයෙන් අනතුරු ඇඟවිය හැකි ද යන්න පිළිබඳව සත්ත්ව හැසිරීම් පිළිබඳ විශේෂඥයන් සමග කතාබහ කළෙමු.