තුර්කි-සිරියා භූමි කම්පාව: සිදුවුයේ කුමක්ද ?

පුද්ගලයින් 5000 කට අධික පිරිසකට මරු කැඳවූ ප්‍රබල භූ කම්පනයෙන් පසු දකුණු තුර්කියේ සහ උතුරු සිරියානු කලාපයේ බේරා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වේ.

පුද්ගලයන් 15,000කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා තිබේ.

ඊයේ ජනවාරි 06 එරට වේලාවෙන් අලුයම් කාලයේදී සිදුවූ රික්ටර් මාපකයේ 7.8ක ප්‍රබලත්වයෙන් යුත් පළමු භූ කම්පනයෙන් පසු නැවත එම කලාපයේම 7.5ක භූ කම්පනයක් සිදු විය. භූ කම්පනයේ අපිකේන්ද්‍රය පිහිටියේ තුර්කියේ කහමරන්මාර්ෂ් නගරය ආසන්නයේය.