ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
භූමි කම්පාව : 'තුර්කියේ සිටි ශ්‍රී ලාංකික කාන්තාවක් ගැන තොරතුරක් නෑ'
තුර්කියේ සිටි ශ්‍රී ලාංකික කාන්තාවක් ගැන භූමි කම්පාවෙන් පසු තොරතුරක් සොයා ගැනීමට නොහැකි වූ බව තුර්කියේ ශ්‍රී ලංකා තානාපති හසන්ති උරුගොඩවත්ත දිසානායක BBC සිංහල සේවයට පැවසුවාය.
තානාපති කාර්යාලයේ තොරතුරුවලට අනුව ශ්‍රී ලාංකිකයන් 14 දෙනෙකු භූ කම්පන සිදු වූ ප්‍රදේශවල ජීවත් වී තිබේ. භූ කම්පනවලින් අනතුරුව ඉන් 13 දෙනෙකු නිරුපද්‍රිතව සිටින බවට තොරතුරු ලැබී ඇත.
මේ දක්වා තොරතුරක් නොලද කාන්තාවගේ දුරකථනය පමණක් හමු වී තිබේ.
සිරියානු දේශසීමාව ආසන්නයේ ගිනිකොණ දිග තුර්කියේ හටගත් ප්‍රබල භූ කම්පනවලින් මිය ගිය පුද්ගලයන් ගණන 4300 ඉක්මවා ඇති අතර තුවාල ලැබූ සංඛ්‍යාව 15,000කට අධික වේ.