ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඉතාලියේ වියළි කාලගුණය නිසා වෙනීසියේ ඇළ මාර්ග සිඳී යයි
ශීත සෘතුවේ සති කිහිපයක වියළි කාලගුණය නිසා මෙවර ඇල්ප්ස් කඳුකරයට ලැබී ඇත්තේ සාමාන්‍ය හිම පතනයෙන් අඩකටත් වඩා අඩුවෙනි.
මෙනිසා ඉතාලියට තවත් නියඟයකට මුහුණදීමට සිදුවනු ඇතැ යි කණස්සල්ලක් මතුවී තිබේ.
සාමාන්‍යයෙන් ජල ගැල්මට මුහුණදෙන නිසාවෙන් ලෝක අවධානයට ලක්වන වැනීසියේ ප්‍රසිද්ධ ඇළ මාර්ග කිහිපයක ගොන්ඩෝලා, ජල ටැක්සි සහ ගිලන්රථවලට සැරිසැරීමට නොහැකිවන තරමට අසාමාන්‍ය ලෙස ජල මට්ටම පහත වැටී ඇතිබැවින්, මෙසේ නියඟයක් ගැන අනතුරු හඟවා ඇත.