ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සීතල දරා ගැනීමට නොහැකිව මිය යන උතුරු පළාතේ ගවයින් හා එළුවන්
මැන්ඩවුස් සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් උතුරු පළාතට පවතින අධික සීතල කාළගුණ තත්වයට මුහුණ දීමට නොහැකිව කිලිනොච්චිය, මුලතිව් හා වවුනියාව දිස්ත්‍රික්කයන්හි ගවයින් 250 කට ආසන්න පිරිසක් හා එළුවන් රැසක් මියගොස් ඇති බව ගොවි ජනතාව පවසති.
ගොවි ජනතාව පවසන්නේ එළිමහන් ගව මඩුවල සිටි එළ ගවයින් රැසක් එලෙස මියගොස් ඇති බවයි.
ඇතැම් ගවයින් සීතල දරා ගැනීමට නොහැකිව සිහිසුන්ව ඇති බවද වාර්තා වේ.
සුළි කුණාටුවේ බලපෑම මත වවුනියාව දිස්ත්‍රික්කයට හා කිලිනොච්චිය දිස්ත්‍රික්කයට සෙල්සියස් අංශක 19 ක පමණ අවම උෂ්ණත්වයක් ඊයේ(08) සවස වන විට පැවතිණි.