ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
අවුං සාන් සූ චී: බලයෙන් පහකළ මියන්මාර නායිකාව තවත් වසර හතරකට සිරගත කෙරේ
කලෙක සිට පැවැත්වුණු නඩු විභාග මාලාවක නවතම නඩුව හරහා, බලයෙන් පහකළ නායිකා අවුං සාන් සූ චීට තවත් වසර හතරක සිරදඬුවමක් නියම කරන්නට මියන්මාර අධිකරණයක් කටයුතු කර තිබේ.
නීතිවිරෝධී ලෙස ජංගම සංනිවේදන උපකරණ (වෝකි ටෝකි) සන්තකයේ තබා ගැනීම සහ ආනයනය කිරීමත්, කොවිඩ්-19 නීති කඩ කිරීමත් සම්බන්ධයෙන් ඇය වරදකරු බව තීරණය කෙරිනි.
සූ චී ප්‍රථම වරට වරදකාරිය කරනු ලැබුවේ දෙසැම්බර් මාසයේ දී වන අතර, එහිදී ඇයට වසර දෙකක සිර දඬුවමක් නියම විය.
පසුගිය පෙබරවාරියේ හමුදා කුමන්ත්‍රණයකින් පසු ඇයව රඳවාගෙන සිටින අතර, ඇයට විවිධ වූ චෝදනා දුසිමක් පමණ එල්ලවී ඇත. සූ චී එම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරයි.
එම චෝදනාවන් අසාධාරණ චෝදනාවන් ලෙස හැඳින්වෙන අතර, ඒවා පුළුල් ලෙස හෙළා දැක ඇත.
සඳුදා චෝදනා එල්ල වී ඇත්තේ, හමුදා කුමන්ත්‍රණය සිදු වූ දින ජෙනරාල් මින් අවුං හ්ලේන්ගේ නායකත්වයෙන් යුත් හමුදා සොල්දාදුවන් විසින් ඇගේ නිවස සෝදිසි කළ විට දී මෙම උපකරණ සොයාගත් බව ඔවුන් පැවසීමෙන් අනතුරුව යි.
අගනුවර වන නයි පේ තාව්හි සඳුදා පැවති නඩු විභාගය මාධ්‍යයට විවෘත නොවූ අතර, සූ චීගේ නීතිඥයින්ට මාධ්‍ය සහ මහජනතාව සමග සන්නිවේදනය කිරීම තහනම් කර තිබේ.
නොබෙල් ත්‍යාගලාභි සූ චී පසුගිය මාසයේ දී විසම්මුතිය පැතිරවීම සහ කොවිඩ්-19 නීති කඩකිරීම සම්බන්ධයෙන් වරදකාරිය වූ අතර, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානී මිෂෙල් බැචලේ එය "ව්‍යාජ නඩු විභාගයක්" ලෙස හෙළා දුටුවා ය.
සියලු චෝදනාවලට වරදකරු වුවහොත් සූ චී ජීවිතාන්තය දක්වා සිරගත කළ හැකි බව විශ්වාස කෙරේ.