නෝර්වේ: ඖෂධ නැතිව මනෝව්‍යාධීන්ට ප්‍රතිකාර කරන්නේ කෙසේද?

Norway,psychosis
ඡායාරූප ශීර්ෂ වැකිය, කලා නිර්මාණ මාලින්ගේ මානසික තත්ත්වය යහපත් තත්ත්වයක පවත්වා ගැනීමට උපකාරයක් වී ඇත

මනෝ ව්‍යාධීන්ගෙන් පීඩාවිඳින බොහෝදෙනෙක් තමන් පෙළෙන මායාකාරී තත්ත්වයෙන් මිදී සහනයක් ලබාගනු සඳහා ප්‍රබල ඖෂධ වර්ගවල පිහිට පතති. එහෙත් එම ඖෂධ මගින් ඇතිකෙරෙන අතුරු ආබාධ රැසකි. එවැනි තත්ත්වයක් යටතේ අතුරු ආබාධකාරක ප්‍රබල ඖෂධවලින් තොරව ජීවත්වීමට මනාප රෝගීන් වෙනුවෙන් විශේෂ ප්‍රතිකාර ක්‍රමයක් නෝර්වේ රාජ්‍යයේ දැන් ක්‍රියාත්මක කෙරෙන රැඩිකල් ජාතික සෞඛ්‍ය ක්‍රමය මගින් ක්‍රියාත්මක කරනු ලබයි.

මාලින්ගේ ජීවිතයට බේරුමක් ලබන විට ඇයට වයස අවුරුදු 21ක් විය.

නව යොවුන් වියේ පසු වූ මාලින් දැඩි මානසික පීඩනයකින් මෙන්ම ස්වයං-අභිමානයක් සමඟ පොරබදමින් සිටියාය.

අනතුරුව ඇය තරබාරු මෙන්ම වැදගැම්මකට නැති තැනැත්තියකැයි ඇයගේම හිස තුළින් නැගෙන පණිවුඩයක් මාලින් අමතා කියන්නට විය.එමගින් කියැවුනේ ඇය සියදිවි හානිකර ගතයුතු බවය.

''ඔහු ඉතාම කෝපයට පත්වුණා. ඔහුට විශාල බලයක් පැවතුන නිසා මා හුදෙකලා කිරීමට බල කෙරුණා. අන්තිමේ දී මට බිත්ති අතරින් එලියට එන සතුන්ගේ අඬු වගේ දේවල් පේන්න පටන් ගත්තා''මාලින් පවසන්නීය.

Norway,psychosis

අනතුරුව මාලින් ඇය ජීවත්වූ උතුරු නෝර්වේ හි 'ෆ්යෝර්ඩ්ස්'(fjords)නගරය හැරදමා සරසවිය බලා පිටත්ව ගියාය. එහෙත් වැඩි දවසක් ගත නොවුණි. මාලින් තුළ විශාල කඩා වැටීමක් සිදු වූ අතර ඇයට සිය සයනයෙන් නැගිටගත නොහැකි තත්ත්වයක් උදා විය.

මාලින්ගේ පවුලේ සාමාජිකයෝ වහා පැමිණ ඇය රැගෙන ගිය අතර ඇය මනෝචිකිත්සාගාරයකට ඇතුළත් කරන ලදුව වසරක පමණ කාලයක් එහි රැඳී සිටිමින් ප්‍රතිකාර ලැබුවාය. මෙය ඇය රෝහලකට ඇතුළත් කෙරුණ පළමු අවස්ථාවයි. එම චිකිත්සාගාරයේ දී මාලින් සඳහා කරන ලද එකම ප්‍රතිකාරය ඉතා ප්‍රබල ඖෂධ ලබාදීමය.

''මගේ ජීවිතය ඖෂධවලින් පිරීගියා. මනස බොඳ වෙන්නට පටන් ගත්තා. මගේ සංවේදීභාවයන් සහ හැඟීම් සමඟ කිසිදු සබඳතාවක් නොමැතිව මම මගේ ජීවිතය දෙස ඔහේ බලාගෙන හිටියා'' මාලින් පවසන්නීය.

''දිගින් දිගටම සිදුවෙමින් තිබුණේ එකම ක්‍රියාවලියක්.මම උදව්වක් පැතුවා. ඔවුන්ට පුළුවන් වුණේ මට ඖෂධ දීම පමණයි. ඒත් කිසිම ප්‍රගතියක් ලැබුවේ නැහැ''

''ඒක හරිම විනාශකාරී තත්ත්වයක්. කෙනෙකුට අවශ්‍ය කරන්නේ සුවපත්වීම. මිනිස්සු කියාවි-මේක ඔබේ ජීවිතය,දැන් සෑහීමකට පත්වෙන්න කියල. නමුත්,මට දැන් ගෙවන මේ ජීවිතයෙන් සෑහීමට පත්වෙන්න බැහැ''

මනෝචිකිත්සක ප්‍රතිකාර සම්බන්ධයෙන් මාලින් ලද අත්දැකීම අසාමාන්‍ය වූවක් නොවේ. මනෝව්‍යාධීන්ගෙන් පෙළෙන බොහෝ දෙනෙක් ඔවුන්ට නියමකරනු ලබන ඖෂධ මගින් සාමාන්‍ය ජීවිතයක් අත්කර ගැනීමට සමත්වෙන නමුත් එවැනි ව්‍යාධීන්ගෙන් පෙළෙන්නන්ගෙන් 20%ක් පමණ එමගින් ලබන සහනයක් නොමැත. අධික විඩාව,බර වැඩිවීම,කොලේස්ට්‍රෝල් බහුලවීම සහ දියවැඩියාව වැනි අතුරු ආබාධවලට ඔවුහු ගොදුරු වෙති.

බලය පාවිච්චිකරමින් සිදුකෙරෙන දිගුකාලීන ප්‍රශ්න මතුකෙරෙන ඉහත කී ඖෂධ මගින් ලබන සමස්ත ප්‍රතිලාභ සම්බන්ධයෙන් නෝර්වේ සමාජයෙහි මැසිවිලි පළවෙමින් පවතී. එම කාරණය අතින් දැනට ලැබී ඇති සීමිත ජාත්‍යන්තර සැසඳීම් සංඛ්‍යාව අනුව බොහෝ වෙනත් රටවලට වඩා නොර්වේ හි පවතින්නේ වඩාත් පොදු තත්ත්වයකි.

මානසික ව්‍යාධීන් සඳහා ප්‍රතිකාර කෙරෙන ආයතනයන්හි බලහත්කාරයෙන් හුදෙකලා කරනු ලැබීමේ නෝර්වේ පිළිවෙත වෙනස්විය යුතුව ඇතැයි වධහිංසාවන්ට එරෙහි එක්සත් ජාතීන්ගේ කමිටුව මගින් අඟවනු ලැබ ඇත.

මාලින් මෙන්ම, උමතු අදහස් සහිත ඉතා බරපතල මානසික පීඩනයකින් පෙළුණු මෙටේ එලින්ග්ස්ඩේලන්(Mette Ellingsdalen) වසර දහතුනක කාලයක් මනෝව්‍යාධි සහනකාරක ඖෂධ දෙනලද තවත් කාන්තාවකි. එහෙත් එය ඇයට ප්‍රතිකාරයක් නොවුණි.වෙනත් රෝගීන් මෙන් නොව ශාරීරික මට්ටමින් පිරිහීමක් ප්‍රදර්ශනය නොකළ 'මෙටේ' සඳහා ඖෂධ එන්නත් මගින් ශරීරගත කරනු ලැබුණි. ඇය ඖෂධ ප්‍රතික්‍ෂේප කළේනම්, මෙටේ රෝහල්ගත නොකිරීමට ඉඩකඩ තිබුණි.

''මම මේ ක්‍රමය තුළට ඇද දමපු කුඩා අවධියේ පටන් පොර බදමින් සිටි විශාල අර්බුදයක් තිබුණා. මම ඉතා ශක්තිමත් ලෙස ඊට මුහුණ දෙමිනුයි සිටියේ. මේ ඖෂධ මගින් ඇතැම් රෝග ලක්‍ෂණ සීමා කරනවා. නමුත් ඒ සමඟ ඒවා මගින් අපගේ ක්‍රියාකාරකම් සමඟ ගනුදෙනු කිරීමට අප සතු ශක්තිය,අපේ හැකියාවන් හීන කරනවා. කොහොමහරි,මට මගේම කතාව අහිමි කෙරුණා'' ඇය සඳහන් කළාය.

Norway,psychosis

අන්තිමේදී,අවුරුදු පහක් තිස්සේ උත්සාහ කළත් ඖෂධ නැතිව ජීවත්වීමට අපොහොසත් වීමෙන් අනතුරුව තමා විසින් පාවිච්චියට ගනු ලබන ඖෂධ ප්‍රමාණය ක්‍රමයෙන් අඩුකර ගැනීමට 'මෙටේ' සමත් වූවාය.අනතුරුව 2005 වසරේ දී ඇය නෝර්වේ මානසික සෞඛ්‍ය ක්‍රමයේ වෙනසක් ඇතිකිරීමේ සංවිධානය සමඟ එක්වූවාය. දැන් ඇය මනෝ ව්‍යාධීන්ගෙන් පෙළෙන රෝගීන් සඳහා පිහිටුවන ලද "අපි ජයගනිමු'' නම් සංවිධානයේ සභාපතිවරියයි.

''බලපෑම අවම කිරීම සඳහා ඇති වඩාත් පහසුතම මාවත මහජනයාට තෝරාගැනීමක් සඳහා අවකාශ සැලසීමයි. ඔවුන්ට 'ඔව්' කියා එකඟවිය හැකි ප්‍රතිකාරයක් තෝරාගැනීම''ඇය පෙන්වා දෙන්නීය.

ඖෂධ නොදී ප්‍රතිකාර කරනු ලබන සායනික වාට්ටු ලසපයන ලෙස නොර්වේ සෞඛ්‍ය අඇමැති බෙන්ට් හෝයි(Bent Hoie) විසින් 2016 වසරේ දී එරට ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ට නියෝග කළ අතර එය මෙටේ වැනි අය විසින් අවුරුදු ගණනාවක් ගෙනයමින් තිබුණ උපදේශන සේවා පල දැරීමක් බවට පත්විය.ඖෂධ නොමැතිව ප්‍රතිකාර කරනු ලබන රටවල් කීපයක් ඇති අතර,එම ක්‍රමය තෝරාගනිමින් එය විකල්ප ප්‍රතිකාරයක මට්ටමින් ආණ්ඩුවේ මනෝ චිකිත්සක වැඩපිළිවෙලට ඇතුළත් කරන ලද පළමු රට බවට ඒ සමඟ නෝර්වේ පත්විය.

වෛද්‍ය මැග්නස් හෝල්ඩ් ආර්ක්ටික් සාගර මුවදොරෙහි පිහිටි 'ට්‍රොම්සෝ'(Tromso)නගරයේ උතුරු නෝර්වේ සරසවි රෝහලේ මානසික සෞඛ්‍ය සහ මත්ද්‍රව්‍ය අවභාවිතය රෝගීන්ට ප්‍රතිකාර කෙරෙන අංශයේ එවක අධ්‍යක්ෂවරයාව සිටියේය. වෛද්‍ය මැග්නස් වසර ගණනාවක් රෝගීන් සඳහා ඖෂධ වර්ග වැඩි වශයෙන් නියමකරනු ලබන අංශවල කටයුතු කළ අතර විකල්ප ප්‍රතිකාරයක් සම්බන්ධයෙන් ද උනන්දුවක් දැක්වීය. ඒ අනුව වෛද්‍යවරයා සිය රෝහලේ ඖෂධ යොදා නොගනිමින් ප්‍රතිකාර කෙරෙන අංශය පවත්වාගෙන යාමේ කාර්යය භාර ගත්තේය.

"මගේ පැත්තෙන් බැලුවොත්, මට ඇති වඩාත් වැදගත් දෙය නම් මිනිසුන්ට විවිධ ක්‍රම අත්හදා බැලීමට ඉඩකඩ සැලසීම''වෛද්‍යවරයා සඳහන් කළේය.

''ඖෂධ වර්ග ශරීරයේ ක්‍රියාත්මක වෙන ආකාරය සහ ඒ ගැන ඔබ දන්නා තොරතුරු ගැන රෝගියා දැනුවත් කළ යුතුව තියෙනවා. ඖෂධ නිපදවන සමාගම් සමඟ සහයෝගයෙන් කටයුතු කරනවිට ඔවුන් ඖෂධ ක්‍රියාකරන ආකාරය සම්බන්ධයෙන් මහජනයාට කියන කරුණු සහමුලින්ම නිවරැදි නොවන බවත්, ඒවායේ ඇති අන්තරාය ගැන දැනුවත් නොකරන බවත් පෙනීයනවා. නිදසුනක් වශයෙන්, බරපතල මානසික ගැටලු සහිත අයගේ මොළයේ එක්තරා ආකාරයක රසායනික අසමතුලිතතාවයක් ඇති බවට මිථ්‍යා මතයක් පවතිනවා. ඒත්ඇත්ත වශයෙන් ඒ මතය සනාථ කෙරෙන පර්යේෂණයක් සිදුකෙරී නැහැ''

'ට්‍රොම්සෝ' රෝහලේ මනෝ චිකිත්සක අංශයේ ප්‍රතිකාර ලබන බොහෝ රෝගීන් ඖෂධවලින් ක්‍රමයෙන් ඈත් කරනු ලබන අතර ඔවුන්ට ප්‍රතිකාර කිරීම සඳහා කලක් ගතවෙයි.

"අපෙන් ප්‍රතිකාර ලබන රෝගීන්ට එම ක්‍රමය වැඩකරන බවක් පෙනෙනවා'' වෛද්‍ය මැග්නස් පවසයි.

"ඇතැම් රෝගීන් මේ ව්‍යාධිය සම්බන්ධයෙන් කවදාවත් කිසිදු ආකාරයක ඖෂධයක් නැවත පාවිච්චි නොකරන්න පුළුවන්. නමුත් ඇතැමෙක් කාලෙකට පස්සේ නැවතත් බෙහෙත් සොයන්න ඉඩකඩ තියෙනවා. ඒ අතරම තවත් සමහර රෝගීන් ඔවුන් පාවිච්චියට ගනුලබන ඖෂධ මාත්‍රාව අඩු කරන්න පුළුවන් "

දැන් 34 වෙනි වියේ පසුවෙන මාලින් ඉහත කී රෝහලේ එම අංශයේ රෝගී කාන්තාවකි.

සති කීපයක් රෝහලේ ගතකරන මාලින් නැවත මාස කීපයකට සිය නිවසට යන්නීය. එම කාලය තුල ඇය සිය බලු සුරතලා වන 'යාරෙක්' සමඟ කාලය ගතකරයි. තනිවම වාසය ඇයට පහසු නැත. මානසික සෞඛ්‍ය අතින් ඇය සුවය ලබන්නේ සෙමෙනි. අයට ඇසෙනවා යයි කියන ශබ්ද තවමත් අතුරුදහන්ව නැත. එහි තේරුම ඇයට තවමත් අද්භූත ශබ්ද ඇසෙන බවකි.

මාලින් දැන් පාවිච්චි කරන්නේ සිත සංසුන් කරගැනීම සඳහා රාත්‍රි කාලයේ ගන්නා ඖෂධ පමණි. ඖෂධ පාවිච්චි කරමින් සිටි අවධියෙහි තමා නොලද විකල්පයක් වූ දැඩි ප්‍රතිකාර ක්‍රමයක් රෝහලේ මෙම අංශයේ තමා සඳහා ක්‍රියාත්මක වෙන බව මාලින් පවසන්නීය. සුවය ලැබීම අතින් දැන් ඇයගේ ප්‍රධාන අවධානය යොමුවෙමින් පවතින්නේ කලාව කෙරෙහිය.

''මගේ රෝග ලක්ෂණ අඩුකර ගැනීමට වඩා මම දැන් අවධානය යොමුකරන්නේ මගේ හැඟීම් සමඟ යළි සම්බන්ධ වෙන්නයි. මට ඇසෙන ශබ්දයට උවමනා කරන්නේ මොනවද? කියල දැනගැනීම සඳහා අපි විපරම් කරනවා. එය නතර කිරීමට මම කරන්න අවශ්‍ය කුමක්ද? කියල''

තමාට දැන් වැඩකිරීම ගැන සිතීමට තරම් ප්‍රමාණවත් ශක්තියක් ඇතැයි මාලින් අදහස් කරයි. ඇයගේ බලාපොරොත්තුව නෝර්වේහි විශාල බල්ලන් යොදාගනිමින් හිමමත ඇදගෙන යන රථ පාවිච්චිකරනු ලබන සංචාරක කර්මාන්තය දෙසට යොමුවීමය.

"මම දැන් පළමු වතාවට මා සොයා ගැනීමට පටන්ගෙන ඇති බවක් මට හැඟෙනවා. මම දැන් මගේ ස්වයං-අභිමානය ගොඩනඟා ගැනීමට පටන්ගෙනයි ඉන්නේ. අනාගතය පිළිබඳ යම් බලාපොරොත්තුවක් ඇතිකර ගැනීම අතින් දැන් මට ධෛර්යය උපදවා ගන්න පුළුවන්.ඇත්තෙන්ම, පුදුමයි!"

Norway,psychosis

මාලින් කියන ආකාරයේ කතන්දර දැන් ඇසෙන්නට පටන්ගෙන ඇත. එහෙත් ඖෂධ නොමැතිව කරනු ලබන ප්‍රතිකාර සම්බන්ධයෙන් නෝර්වේ සමාජයේ තවමත් විසංවාදයක් ද පවතී.

බොහෝ රෝගීන් ගත්විට මානසික ප්‍රතිකාර අතිශයින් වැදගත් වෙයි. ක්ලෝඩියා විසිවෙනි වියේ පසුවන්නියකි.යොවුන් විය ගතකරමින් සිටියදී ඇය මායාකාරී හැඟීම් වලියකට ගොදුරු වූ අතර සියදිවි හානිකර ගැනීමේ හැඟීමකට ගොදුරු වූවාය. ක්ලෝඩියා පෙළන ලද එක මානසික පීඩාවක් වුණේ ඇයට දෙනලද ඖෂධ 'වස' හැටියට ඇය විසින් විශ්වාස කරනු ලැබීමය. එවැනි තත්ත්වයක් යටතේ එම ඖෂධ නතරකරන ලද අතර ඇය යහපත් අතට හැරුණාය.

"එහෙත් එක්තරා කාල පරාශයක පෙළුන මානසික ආතතියකින් පස්සේ මම ආයෙත් රෝගී වුණා. මට ආයෙත් මුලසිට පටන් ගන්නයි සිද්ධ වුණේ. අඩුතරමින් මගේ හිස වතුරට ඉහළින් තබා ගැනීමට පවා මට දැන් බෙහෙත් අවශ්‍ය කරනවා කියල මම හිතනවා''

''නෝර්මල්- සාමාන්‍යයි- කියන වචනයටවත් මම ඇත්තෙන්ම මනාප නැහැ. නමුත්,මම දැන් ඖෂධ ගන්නවා කිව්වාම ඒක මට හරිම සතුටක්. මගේ ඉගෙනීමේ කාලය තුළ මටත් අදහස් මගින් හවුල්වෙන්න පුළුවන්ය කියන හැඟීම මට තියෙනව. යාළුවන් සහ වෙනත් කාර්යයන් සමඟ මට දැන් කාලය ගතකරන්න පුළුවන්. ඖෂධ ගන්නේ නැතිකොට මගේ ක්‍රියාකාරිත්වය පහත වැටෙමින් තිබුණා. ආතතියක් දැනුණා.අවුල් සහගත තත්ත්වයක් තිබුණේ''

විවේචකයන්ට අනුව ඖෂධ නොමැති ප්‍රතිකාර ක්‍රමය ප්‍රතිඵලදායක උදාහරණයකට වඩා මතවාදයක් පමණි.'ඔස්ලෝ' නගරයේ මනෝචිකිත්සකයකු වන වෛද්‍ය ජෑන් අයිවර් රෝස්බර්ග්(Dr Jan Ivar Rossberg) එය හඳුන්වන ලද්දේ 1960 සහ 1970 දශකයන්හි සිදුකරන ලද අසාර්ථක අත්හදා බැලීමක් හැටියටය.

''මෙවැනි ක්‍රියාමාර්ගයක් ඵලදායී නොවන බව ඉතිහාසය මගින් අපට පෙන්වා දී තිබෙනවා.ඒ නිසා අපි එම ක්‍රමය භාවිත කරනු ලැබීම නතර කළා..බෙහෙත් නැතිව සුවයක් ලබාදිය හැකි බව පෙන්වන ප්‍රතිකාර රටාවක් අප සතුව නැහැ''වෛද්‍යවරයා සඳහන් කළේය.

ආරම්භක අවස්ථාවේ පටන් මනෝව්‍යාධීන්ගෙන් පෙළෙන රෝගීන්ට ප්‍රතිකාර කිරීම අතින් සාර්ථක වැඩ පිළිවෙල වන්නේ ඖෂධ උපයෝගීකර ගනිමින් කරනු ලබන ප්‍රතිකාර බව අත්දැකීම් මගින් පෙන්නුම් කෙරෙන බවත් වෛද්‍ය ජෑන් අයිවර් රෝස්බර්ග් පවසයි.මායාව සහ අද්භූත දර්ශන පෙනීම ඉතා දැඩි තත්ත්වයක පවතින විට ක්‍රමානුකූලව බෙහෙත් ප්‍රමාණය අඩුකරන තෙක් දෙවසරක පමණ කාලයක් ඖෂධ දීම අවශ්‍ය කරන බව ඔහුගේ අදහසයි.

එහෙත් වෛද්‍ය මැග්නස් හෝල්ඩ් එම අදහස සමඟ එකඟ නැත.. ට්‍රොම්සෝ නගරයේ ඖෂධ නොදී ප්‍රතිකාර ලබාදෙන අංශයේ වසර කීපයක් ගත්කළ රෝගීන් උපයෝගීකර ගනිමින් පර්යේෂණ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ඔහු සූදානම්වෙමින් සිටියි. එම අංශයේ රෝගීන් සියදිවි නසාගැනීමක් ගැන වාර්තා වී නැත. එහෙත් එය ඖෂධ නැතිව ප්‍රතිකාර කළ හැකිය යන අදහසට ප්‍රබල සාක්ෂියක් ද නොවේ.

''ඇත්ත වශයෙන්ම,අපගේ ඉලක්කයක් විය යුතුව ඇති නමුත් සමස්තයක් ලෙස ගත්විට මානසික සෞඛ්‍ය ක්‍ෂේත්‍රය තුළ සාක්ෂි මත පදනම් වූ අදහස දුෂ්කර වූවක්'' ඔහු පවසයි.

Norway,psychosis

ඡායාරූප මූලාශ්‍රය, JAN FREDRIK FRANTZEN

''ඒ එක්කම අපි දන්නා දෙයක් තියෙනව. ඒ මනෝ චිකිත්සාවේ දී රෝග විනිශ්චය සිදුකරනු ලැබීම හුදෙක් වර්ගීකරණ ක්‍රියාදාමයක් වබ බව. අපි පුද්ගලයකු භින්නෝන්මාදයෙන් පීඩා විඳින බවට රෝග විනිශ්චය කළත්,එම තැනැත්තා සමඟ කරන සංවාදයේ දී ඔහුගේ මොළයේ කිසිදු වැරදි ක්‍රියාකාරිත්වයක් පෙනෙන්නේ නැහැ.CT හෝ MRI ස්කෑන් මගින් ද කිසිවක් පෙන්නුම් කරන්නේ නැහැ''

ඖෂධ නොදී සිදුකරනු ලබන ප්‍රතිකාර රටාව අනාගතයේදී සංවර්ධනය වනු ඇත්තේ කෙසේද? යන්න සම්බන්ධයෙන්ද විසංවාදයක් පවතී.

මනෝ ව්‍යාධීන්ගෙන් දරුණු ලෙස පීඩාවිඳින රෝගීන් ඖෂධ රහිතව ප්‍රතිකාර කරන අංශවලට යොමුකළ නොහැකි තත්ත්වයක් පවතී. පුද්ගලයන් දරුණු අඩියක සිටින මොහොතක ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව සහ උපකාරය ලබාදෙන්නේ නම්,එම දුෂ්කර අදියර පසුකළ හැකි බවට ඒ ගැන අදහස් දක්වන කණ්ඩායම් කියා සිටිති.

මේ අතර දරුණු මනෝව්‍යාධීන්ට ගොදුරු වූවන්ට ප්‍රතිකාර කරන විශේෂඥ වෛද්‍ය ටෝර් ලාර්සන් එම අදහස ගැන කණස්සල්ල පළකරයි. ප්‍රතිකාර නොකළ මනෝ ව්‍යාධියකින් පෙළෙන බොහෝ රෝගීන් තමන් රෝගාතුරව සිටින බව නොදන්නා අතර ඖෂධ පාවිච්චිය ඇතිව හෝ හෝ නැතිව ප්‍රතිකාර කිරීමට ඔවුන් එකඟ නොවන බව ඔහු පෙන්වා දෙයි. එසේම බෙහෙත් නොදෙන සායන ක්‍රියාත්මක වන්නේ ස්වේච්ඡා පදනමෙන බවත් වෛද්‍යවරයා පවසයි..

ප්‍රතිකාර නොකළ මනෝ ව්‍යාධීන් සඳහා ප්‍රතිකාර නොලද බොහෝ දෙනා වීදිවල ජීවත්වන බව අධ්‍යයනවලින් පෙනී යන බවත් වෛද්‍ය ලාර්සන් පවසයි. ප්‍රතිකාර නොලද 30%ක් පමණ මානසික රෝගීහු අපරාධ සිදුකරති. නෑදෑයන්ට සහ වෙනත් අයට හිංසා කරති.

ඔවුන් විසින් සිදුකරනු ලබන මිනීමැරුම් සංඛ්‍යාවත් වැඩිවෙමින් ඇත.

2019 වසරේ දී මානසික රෝගියකු විසින් 67 හැවිරිදි කාන්තාවක් සුසාන භූමියක දී පොරොවකින් කපාකොටා මරා දමන ලද සිද්ධියක් ඔහු මෙහිදී නිදසුනක් ලෙස දක්වයි.

එම මනුෂ්‍ය ඝාතකයා මත්ද්‍රව්‍ය රහිත ප්‍රතිකාර වැඩසටහනකට අයත් නොවූ අතර ඔහු ඖෂධ ගැනීමෙන් වැලකී සිටියේය,එසේම ඔහු මත්ද්‍රව්‍ය පාවිච්චිකර ඇත.

එම ඛේදජනක අපරාධය 2017 වසරේ දී නීතියේ වෙනසක් පිළිබඳ විවාදයකට ද හේතුවිය. සිය ප්‍රතිකාර සම්බන්ධයෙන් තීරණ ගැනීමට හැකි රෝගීන්ට හදිසි අවදානමක් ඇති වුවහොත් මිස, කැමැත්තෙන් තොරව ඖෂධ ගැනීම සඳහා බල කළ නොහැකි බව එමගින් කියැවුණි. එම පරිසරය තුළ අනතුරුදායක පුද්ගලයන් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීම අතින් වෛද්‍යවරුන්ට වඩාත් අපහසු තත්ත්වයක් ඇතිකළ බව විවේචකයන් පවසා ඇත.

Norway,psychosis
ඡායාරූප ශීර්ෂ වැකිය, මාලින් විසින් අඳින ලද සිතුවමක්. ඇය එය නම්කරනු ලැබ තිබෙන්නේ ''බලාපොරොත්තුවක් නොවීම'' යනුවෙනි

නෝර්වේ සමාජයේ මානසික ව්‍යාධීන්ගෙන් පෙළෙන ජනයාට ඖෂධ නැතිව ප්‍රතිකාර ලබාදීමේ වැඩසටහනට සහාය දුන් 54 හැවිරිදි හැකොන් රයන් උලන්ඩ්ගේ විශ්වාසය මෙවැන්නකි. අන්තරායන් පිළිබඳ මෙම සංවාදය මගින් මානසික රෝගවලින් පීඩාවිඳින මිනිසුන්ගේ අභියෝගාත්මක චර්යාන්වන්ගෙන් සමාජය ආරක්ෂා කිරීමේ න්‍යාය පත්‍රයක් සඟවන බව ඔහුගේ විශ්වාසයයි.

''ඔවුන් මහජනයාට සහනය සලසන න්‍යාය පත්‍රයක් පෙරට තබනවා'' ඔහු පවසයි.එසේම ඔහු වැඩිදුරටත් පවසන්නේ එම අනතුරු අඟවන ස්නායුමය රෝග ලක්ෂණ අත්විඳින පුද්ගලයන්ට වැදගත් වීමට ඉඩකඩ ඇති බවය.

'' මනෝව්‍යාධියකින් පෙළෙන සමයක පුද්ගලයකු තුළ දකින්න ලැබෙන්නේ හදිසි ව්‍යාකූල භාවයක්''

ඖෂධ රහිත ප්‍රතිකාර ව්‍යාපෘතීන්ට ප්‍රවේශවීමට අදහස් කරන අයට නිලධාරීවාදී සහ වියදම් ප්‍රශ්නවලට තවමත් මුහුණ දීමට සිදුව ඇති බවත් රයන් උලන්ඩ් පවසයි.

මේ සමස්ත ක්‍රියාදාමය අධීක්ෂණය කළ යුතුව තියෙනව'' රයන් උලන්ඩ් පෙන්වා දෙයි.

''මෙතෙක් වෙච්ච දේවල් පුනරීක්ෂණය කිරීමේ උවමනාවක් තියෙනව. පවතින ක්‍රමයෙන් ඔබ්බට ගිහින් වෙනසක් කිරීම සඳහා ඉල්ලා සිටින තැනැත්තෙක් දකින්න මම කැමතියි''

නෝර්වේ හි සිදුවෙමින් පවතින්නේ කුමක්ද? යන්න සම්බන්ධයෙන් ලොවපුරා මනෝචිකිත්සකයන් සහ රෝගීහු බලා සිටිති. බෙහෙත් යොදා නොගනිමින් මානසික ව්‍යාධීන්ගෙන් පෙලෙන ජනයාට ප්‍රතිකාර කරනු ලැබීම තවත් රෝගනාශක පිළියමක් හෝ මනෝ ව්‍යාධි ප්‍රතිකාරයන්හි යහපත සඳහා වෙනසක් ඇති කෙරෙන බලයක් එහි පැවතිය හැකිය. මනෝව්‍යාධීන්ගෙන් පෙලෙන ජනයාගේ ජීවිත යහපත් අතට ගෙනඒම සඳහා නෝර්වේ ආණ්ඩුව තීරණාත්මක පියවර ගෙන ඇත.ලෝක මට්ටමින් බලන විට,මානසික ව්‍යාධීන්ගෙන් පෙලෙන ජනයාට ප්‍රතිකාර කිරීම සහ වධ හිංසා අවම කිරීමේ මාවත් යළි ඇස්තමේන්තු කෙරෙමින් පවතී.

බෙහෙත් යොදා නොගනිමින් මානසික ව්‍යාධීන්ගෙන් පෙලෙන ජනයාට ප්‍රතිකාර කරනු ලැබීම තවත් රෝගනාශක පිළියමක් හෝ මනෝ ව්‍යාධි ප්‍රතිකාරයන්හි යහපත සඳහා වෙනසක් ඇති කෙරෙන බලයක් එහි පැවතිය හැකිය.

කියවන්න;