ප්‍රංශයේ නියැන්ඩතාල් වාස බිමකින් මතුවූ අවුරුදු 50,000ක් පැරණි නූලක්

ඡායාරූප මූලාශ්‍රය, PA Media
ප්‍රංශයේ ගුහාවකින් වසර 50,000ක් පැරණි නූලක කොටසක් හමුවීමත් සමග නූතන මානවයාට වඩා නියැන්ඩතාල් මානවයා ඥානනාත්මක බවින් අඩු බවට වූ අදහස සම්බන්ධයෙන් තවදුරත් සැක මතු කර තිබේ. එය මෙතෙක් හමුවූ පැරණිතම නූල වේ.
'Scientific Reports'සඟරාවේ පළ කෙරුණු අධ්‍යයනයෙන් කියැවුණේ පට තුනකින් යුතුව ශාක පට්ටයකින් සකස් කරගන්නා ලද සිහින් නූල් කැබැල්ල, අබ්රි ඩු මාරාස් හි ශෛලමය මෙවලමක් මතදී නිරීක්ෂණය කරන ලද බවය.
යුගල, කට්ටල හා අංක වැනි සංකල්ප පිළිබඳ නියැන්ඩතාල් මානවයා තුළ අවබෝධයක් වූ බව මින් පෙන්නුම් කෙරේ.
අඹරන ලද තන්තු මගින් රෙදිපිළි, මලු, දැල් මෙන්ම බෝට්ටු සඳහා ද පදනම සපයයි.
වසර 40,000 ට පමණ පෙර තුරන්ව ගිය නියැන්ඩතාල් මානවයා, චිත්‍ර ශිල්පය පිළිබඳ මෙන්ම බෙලිකටු පබළු සෑදු බව දැන ගැනීමට ලැබේ.
ගින්න පාලනයටත්, හිසට වහලක් ඇතිව දිවි ගෙවීමටත් දැන සිටි ඔවුන් විශාල සතුන් දඩයමෙහි ලා දක්ෂ දඩයක්කරුවන් වුවා සේම අවශ්‍යයෙන් ම, සිය මළගියවුන් සුසානවල භූමදාන කළහ.
අබ්රි ඩු මාරාස් වැනි බිම්වලින් පුරා විද්‍යාඥයින් සහ පුරා මානව විද්‍යාඥයින් විසින් සොයාගනු ලබන්නේ සත්ත්ව අවශේෂ හෝ ශෛලමය මෙවලම් පමණි. නරක්වන සුලු දේ සාමාන්‍යයෙන් සොයාගත නොහැක.

ඡායාරූප මූලාශ්‍රය, PA Media
පොළොවේ තට්ටුවකින් සොයාගන්නා ලද ගල් මෙවලම වසර 52,000 ත් 41,000ත් අතර කාලයක් පැරණිය.
නමුත් ප්‍රංශ, ඇමෙරිකානු හා ස්පාඤ්ඤ පර්යේෂකයින් පිරිසකගෙන් සමන්විත කණ්ඩායමක් විසින් මෙම නූල් කැබැල්ල සොයාගනු ලැබුවේ මිලිමීටර 60ක් පමණ දිග ගල් මෙවලමක යටි පැත්තේ එය ඇලී තිබියදීය.
කේතුධර වෘක්ෂයක ඇතුළත පට්ටයෙන් සකසා ගන්නට ඇතැයි විශ්වාස කෙරෙන එම නූල මිලිමීටර 6.2ක් දිග හා මිලිමීටර 0.5ක තරම් පළලකින් යුක්තවේ.
තන්තු ඛණ්ඩ තුනක් වෙන් කරගත් පසු ඒවා ඔරලෝසු මුහුණතේ දකුණු පසට යන ආකාරයෙන් අඹරා ඇත (S-twist). නූල සැකසීම සඳහා එම පොටවල් ඔරලෝසු මුහුණතේ ආපස්සට යන අයුරින් ඔතා තිබේ (Z-twist).

ඡායාරූප මූලාශ්‍රය, PA Media
මෙම අධ්‍යයනයේ ප්‍රධාන කර්තෘවරයා වන ඔහායෝ හි කෙන්යොන් විද්‍යාලයේ බෲස් හාඩි පවසන්නේ මෙසේ නූලක් නිපැයීම තුළින්, ශාඛ පිළිබඳ පරිසර විද්‍යාත්මක අවබෝධයක් මෙන්ම ඒවා වෙනස්ම ආකාරයේ කෘත්‍යාත්මක ද්‍රව්‍ය බවට පරිවර්තනය කරගැනීම සම්බන්ධයෙන් නියැන්ඩතාල් සතුවූ අවබෝධය පෙන්වන බවය.
එසේම අංක ශාස්ත්‍රය පිළිබඳ සංජානන අවබෝධයක් සේම සන්දර්භ සංවේදී මෙහෙයුම් ස්මරණය ද මෙම නූල නිපදවීම හරහා හැඟවෙන බවද මෙම අධ්‍යයනයට අනුව පෙන්වා දේ. මක්නිසාද යත් එකවර බහුවිධ, අනුක්‍රමික මෙහෙයුම් පිළිබඳ සෝදිසියෙන් සිටීම ඊට අවශ්‍ය වන බැවිනි.
මෙම තොරතුරුද දැනගන්න:









