ඉන්දුනීසියාවේ අලුත් අගනුවරට තවමත් නමක් නැහැ

ජකර්තා
ඡායාරූප ශීර්ෂ වැකිය, "අපේ ආකෘතීන් අනුව වසර 2050 වනවිට ජකර්තා නගරයෙන් 95% ක්ම වතුරට යට වෙනවා" හෙරී අන්ද්රෙයාස් පවසයි.

ඉන්දුනීසියානු බලධාරීන් සිය අගනුවර වෙනත් ස්ථානයක් කරා ගෙනයාමට තීන්දු කර ඇත.

'ජකර්තා' අගනුවර අත්හැර 'බෝර්නියෝ' දූපතේ නැගෙනහිර කලිමන්තාන් (East Kalimantan) ප්‍රාන්තයට සිය අගනුවර ගෙනයන බව ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ(Joko Widodo) පවසයි.

ජකර්තා අගනුවර භූමියෙහි ඇතැම් කලාප වසරකට අඟල් දහයකින් (සෙන්ටිමීටර 25) ගිලා බසින බව ඇස්තමේන්තු කරනු ලැබ ඇත.

වගුරුබිමක් වන 'ජකර්තා' කෝටියක් පමණ ජනතාව ජීවත්වෙන නගරයකි.

ඉන්දුනීසියාවේ අනාගත අගනුවර නාමය කුමක්දැයි යන්න තවමත් තීන්දු කරනු ලැබ නැත.

ඉන්දුනීසියානු බලධාරීන් විසින් තෝරාගනු ලැබ ඇති අලුත් අගනුවර 'කුතායි කර්ටනගරා' (Kutai Kertanegara) සහ 'පනජාම් පසෙර් උතාරා' (Penajam Paser Utara) නම් අඩු සංවර්ධනයක් සහිත කලාප දෙක අතර පිහිටුවනු ඇතැයි සැලකෙයි.

යෝජිත අලුත් අගනුවර ව්‍යාපෘතියට ඉන්දුනීසියානු මුදලෙන් රුපියා ට්‍රිලියන 466 ක් ($32.79bn) වැය වෙනු ඇතැයි ඇස්තමේන්තු කෙරෙයි.

එහෙත් ජකර්තා අගනුවර පවතින වාහන තදබදය නිසා පමණක් එක් වසරකට රටේ ආර්ථිකය කෙරෙහි රුපයා ට්‍රිලියන සීයක පාඩුවක් සිදු කරන බව ඉන්දුනිසීයාවේ සැලසුම් ඇමතිවරයා පවසයි.

පළාත් පාලන ආයතනවලට ඉහළ මට්ටමේ දේශපාලන බලතල සහ මූල්‍යමය සම්පත් සැපයීමේ උත්සාහයක් වශයෙන් ඉන්දුනීසියානු ආණ්ඩුව ගත වූ වසර දෙක ඇතුළත පුළුල් පරිමාණයේ විමධ්‍යගතකරන ව්‍යාපෘතියක් දියත් කරමින් තිබුණි.

ජකර්තා
ඡායාරූප ශීර්ෂ වැකිය, ජකර්තා අගනුවර මුහුදු ජලයෙන් බේරාගැනීම සඳහා ඉදි කෙරෙන වේල්ලක්

ධනවත් ඉන්දුනීසියානු ප්‍රජාවගෙන් බහුතරය ජකර්තා අගනුවර වාසයට ආසක්ත වූවෝ වෙති.

රටේ ජනගහනයෙන් බහුතරය වත්මන් අගනුවර පිහිටි 'ජාවා' දූපතෙන් පිටත වාසය කරන අතර තමන් වෙනුවෙන් කිසිවක් ඉටු නොකරන බවට බලධාරීන්ට දිගුකලක පටන් චෝදනා කරති.

2050 වනවිට ජකර්තා අගනුවර සහමුලින්ම දියබත් වනු ඇතැයි කලින් ඇස්තමේන්තු කරනු ලැබ තිබුණි.

'ජාවා මුහුද' ආසන්නයේ පිහිටි 'ජකර්තා' අගනුවර ඔස්සේ ගංගා දහතුනක් ගලා බසියි.

එවැනි පරිසරයක අගනුවර නිරන්තරයෙන් ගංවතුරට යටවීම කිසිවකුට පුදුමයක් ද නොවුණි.

විද්‍යාඥයන් පෙන්වා දෙන ආකාරයට අනාගතයේ තත්ත්වය අදටත් වඩා නරක අතට හැරෙනු ඇත.

ගංවතුර සහ මුහුදට බිලිවීම හැරුණ විට කෙමෙන් ගිලා බැසීමේ උවදුරකට ද අති විශාල 'ජකර්තා' අගනුවර ගොදුරු වී ඇත.

ජකර්තා .ඉන්දුනීසියාව
ඡායාරූප ශීර්ෂ වැකිය, ජකර්තා වෙනුවට අලුත් අගනුවර පිහිටුවනු ලබන කලාපය

"ජකර්තා අගනුවර ජලයෙන් යටවී යාම සිනාවට කරුණක් නොවෙයි" යනුවෙන් හෙරී අන්ද්රෙයාස් පවසයි.

'බැන්ඩුන්' තාක්ෂණික ආයතනයට සම්බන්ධව කටයුතු කරන හෙරී අන්ද්රෙයාස් ගිලෙමින් ඇති ජකර්තා අගනුවර ගැන වසර විස්සක කාලයක් හැදෑරීමේ නිරත වෙයි.

"අපේ ආකෘතීන් අනුව වසර 2050 වනවිට ජකර්තා නගරයෙන් 95% ක්ම වතුරට යට වෙනවා" හෙරී අන්ද්රෙයාස් පවසයි.

කියවන්න;