ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන පකිස්ථානයෙන් ඉවත් විය යුතු බවට නියෝගයක්

ඡායාරූප මූලාශ්‍රය, AFP
සියලු ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන දින 60ක් තුළ මෙහෙයුම් අවසන් කර සිය රටෙන් ඉවත් විය යුතු බව පකිස්ථාන රජය නියෝග කර තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පකිස්ථානයේ ක්‍රියාත්මක 'ActionAid' නමැති රාජ්‍ය නොවන සංවිධානය පවසන්නේ, මෙය පකිස්ථානයේ සිවිල් සමාජයට එල්ල වෙමින් පවතින ප්‍රහාරවල තවත් කොටසක් බව ය.
මේ සම්බන්ධයෙන් පකිස්ථාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය මෙතෙක් කිසිදු ප්‍රකාශයක් කර නොමැත.
කෙසේ වෙතත්, 'ActionAid' ආයතනයට පකිස්ථාන රජයෙන් ලැබුණු ලිපියකට අනුව මාස 6කට පසුව එම රාජ්‍ය නොවන සංවිධානය ලියාපදිංචි කිරීම සඳහා යළි අයදුම් කළ හැකි බව ය.
'ActionAid' ආයතනය බීබීසී ලෝක සේවයට පැවසුවේ, මේ වන විට පකිස්ථාන රජය පුණ්‍යායතන (Charity) 18ක් රටින් ඉවත් කර ඇති බව ය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post
මෙම නියෝගය නිකුත් කර ඇත්තේ, පකිස්ථානයේ අදහස් ප්‍රකාශනයේ අයිතිය වෙනුවෙන් මානව හිමිකම් ක්‍රියාකාරීන් සහ මාධ්‍ය නිදහස වෙනුවෙන් සටන් කරන ක්‍රියාකාරීන් දැඩිව හඬ නගන වටපිටාවක ය.
පකිස්ථාන බුද්ධි අංශ රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳව සැකයෙන් බැලීම ආරම්භ වූයේ, 2011 වසරේදී ඔසාමා බින් ලාඩ්න් සෙවීම සඳහා අමෙරිකානු මධ්‍ය බුද්ධි අංශය (CIA) පකිස්ථානය තුළ ව්‍යාජ එන්නත්කරණ වැඩසටහනක නිතර වීමේ සිද්ධීය සැලකිල්ලට ගෙන ය.
මේ සම්බන්ධයෙන් 'Save the Children' ආයතනයට ද පකිස්ථාන නිලධාරීන් චෝදනා එල්ල කර අතර එම ආයතනය එය ප්‍රතික්ෂේප කළේ ය.
2017 වසරේදී ද 'ActionAid' ඇතුළු ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානවලට පකිස්ථානයෙන් ඉවත් වන ලෙසට දැනුම් දුන්න ද, බටහිර රටවල බලපෑම් හේතුවෙන් එම සංවිධාන පකිස්ථානයේ පවත්වාගෙන යාමට අවස්ථාව හිමි විය.
'ActionAid' සහ 'Plan' යන රාජ්‍ය නොවන සංවිධාන තහවුරු කළේ, පකිස්ථානය තුළ රැඳී සිටීම සඳහා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් තමන්ට ලිපි ලැබුණු බව ය. එහෙත්, ඊට හේතු දැක්වීමක් කර නැතැයි ද එම සංවිධාන පවසයි.
'ActionAid' ආයතනයේ පකිස්ථාන වැඩබලන අධ්‍යක්ෂ අබ්දුල් ඛලීක් බීබීසී ලෝක සේවයට පැවසුවේ, මෙම නියෝගයට එරෙහිව අභියාචනා ඉදිරිපත් කිරීමෙන් ඵලක් නොවන බව ය. කෙසේ වෙතත්, පකිස්ථානයේ වෙසෙන අසරණ කොන් වූ දහස් සංඛ්‍යාත ජනතාවට ඉන් වන බලපෑම පිළිබඳව සිය ආයතනයේ අවධානය යොමුව ඇති බව ඔහු සඳහන් කළේ ය.
මේ අතර, 'Plan International' ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, ඔවුන් පකිස්ථානයේ දරුවන් මිලියන 1.6ක අධික පිරිසකට පිහිට වන අතර පකිස්ථාන රජය පනවා ඇති නියෝගය පිළිබඳව කනගාටු වන බව ය.








