ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සිය පුතා දූෂණය කොට ළමා දූෂකයන්ට විකුණූ මවකට සිරදඬුවම්
Dark net නම් රහසිගත අන්තර්ජාල සම්බන්ධතා ඔස්සේ ළමා දූෂකයන්ට සිය පුතා විකිණූ මවකට වසර 12ක සහ මාස හයක සිරදඬුවමක් පැනවීමට ජර්මනියේ අධිකරණයක් නියෝග කළේය.
මවගේ වත්මන් පෙම්වතා ද වසර 12 කට බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණ. පසුගිය ජුනි මාසයේ මේ නඩු විභාගය ආරම්භ වන විට දරුවාගේ වයස අවුරුදු නවයක් විය.
48 හැවිරිදි සහ 39 හැවිරිදි ජර්මානු ජාතිකයන් වන මව සහ ඇයගේ පෙම්වතා අඩුම තරමින් දෙවසරක් මුළුල්ලේ එම දරුවා ලිංගික අපයෝජනයට ලක් කොට තිබේ.
එම දරුවා දිගින් දිගටම ලිංගික අපයෝජනය කිරීමේ චෝදනාව මත අධිකරණය විසින් ස්පාඤ්ඤ ජාතික පුරුෂයෙකුට දස වසරක සිරදඬුවමක් නියම කෙරිණ.
දරුවාට ලිංගික අතවර කිරීමේ චෝදනාව යටතේ තවත් පුරුෂයන් පස් දෙනෙකුට එරෙහිව ද නඩු පවරනු ලැබ තිබේ.
Dark net යනු ප්‍රධාන පෙළේ සෙවුම් යන්ත්‍රවල මෙහෙයුම් පථයට අසු නොවන අන්තර්ජාල පද්ධතියකි.
ළමා ලිංගික දූෂණය, දරුවන්ට බරපතල ලිංගික අතවර කිරීම, බලහත්කාරයෙන් ගණිකා වෘත්තියේ යෙදවීම සහ ළමා නිරුවත් ඡායාරූප බෙදාහැරීම සම්බන්ධයෙන් දරුවාගේ මව සහ පෙම්වතා වැරදිකරුවන් බව අධිකරණය තීන්දු කළේය.
එම දරුවා දැන් හදා වඩා ගැනීම පිණිස වෙනත් පවුලකට භාර දී තිබේ.
එම දරුවාට සහ ඔවුන් දෙදෙනා විසින් අපයෝජනය කරන ලද තවත් තුන් හැවිරිදි දැරියකට යුරෝ 42,500 ක් වන්දි වශයෙන් ගෙවන මෙන් මවට සහ ඇයගේ පෙම්වතාට අධිකරණය නියෝග කළේය.
චුදිත යුවලගේ ළමා අපයෝජන වැළැක්වීමට අපොහොසත්වීම සම්බන්ධයෙන් Baden-Württemberg ප්‍රාන්ත බලධාරීන්ට දැඩි විවේචන එල්ලවෙමින් පවතින බව ජර්මනියේ මාධ්‍ය වාර්තා කරයි.
සෞඛ්‍ය සේවකයන් විසින් අපයෝජනයට ලක්වූ දරුවා තාවකාලිකව මවගෙන් සහ පෙම්වතාගෙන් ඈත්කරන ලද නමුත් පසුව යළිත් වරක් ඔහු ඔවුන්ට භාරදී තිබේ.
මේ තොරතුරුද කියවන්න: