ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඕස්ට්‍රේලියාවේ ළමා ලිංගික අපචාර: 'නිර්දේශ පිළිගන්නවා'- අගමැති
ඕස්ට්‍රේලියාවේ ළමා අපචාර සම්බන්ධ රාජකීය කොමිසම් වාර්තාවේ සියළුම නිර්දේශ පාහේ පිළිගනිමින්, වින්දිතයන්ගෙන් සමාව අයැදීමට ඕස්ට්‍රේලියානු රජය පියවර ගනිමින් සිටියි.
ඕස්ට්‍රේලියානු ආයතන තුළ දස දහස් ගණන් දරුවන් අපයෝජනයට ලක්වී ඇති බව වසර පහක කාලයක් පුරා පැවැත්වුන මෙම විභාගයේදී අනාවරණය විය.
අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් බදාදා (ජුනි 13) මාධ්‍ය අමතමින් "වින්දිතයන් ඔවුන්ගේ අත්දැකීම් හෙළිකර තිබෙනවා. අපි ඔවුන්ට ගෞරව කළ යුතුයි," යනුවෙන් පැවසීය.
පසුගිය දෙසැම්බර් මාසයේ අවසන් වූ රාජකීය කොමිසමේ විභාගය සඳහා, දෙවස්ථානයන්හි, පාසල් සහ ක්‍රීඩා සමාජවල දී අපහරණයට ලක් වූ 8,000 කට අධික පිරිසක් වාචික සාක්ෂි දුන්හ.
එහි අවසන් වාර්තාව මගින් රජයට සහ අනෙකුත් ආයතනවලට 400 කට වැඩි නිර්දේශ ඉදිරිපත් කර තිබේ. පාපෝච්ඡාරණ සහ බඹසර පිළිබඳ තම රීති වෙනස් කරන ලෙස කතෝලික සභාවට යෝජනා කිරීම ද එම නිර්දේශ අතර තිබේ.
ෆෙඩරල් රජයට කරන ලද යෝජනා 122 සම්පූර්ණයෙන් පිළිගැනීමට ප්‍රථම ඉන් යෝජනා 18 ක් සම්බන්ධයෙන් තවදුරටත් ප්‍රාදේශීය පරිපාලන සමගත් සාකච්ඡා කළ යුතු බව අග්‍රාමාත්‍යවරයා පැවසීය.
ළමා ආරක්ෂාව පිළිබඳ ජාතික ආයතනක් පිහිටුවිය යුතු බවට කොමිසම කරන ලද මූලික නිර්දේශයක් දැනටමත් ක්‍රියාවට නගනු ලැබ තිබේ.
වින්දිතයන්ට වන්දි ගෙවීමට තමන් ද සම්බන්ධ වන බව අපහරණ චෝදනාවන් වැඩිම සංඛ්‍යාවක් එල්ලවී ඇති කතෝලික සභාව පවසයි. එහෙත් පාපෙච්ඡාරණයන් සම්බන්ධයෙන් පවතින රීති වෙනස් කිරීම කතෝලික සභාව ප්‍රතික්ෂේප කොට තිබේ.
තවත් පුවත්: