සිව් වැනි වරටත් ජනපති පදවියේ දිවුරුම් දෙන ව්ලදිමීර් පූතින්

Young Russians have grown up entirely under Mr Putin's leadership

ඡායාරූප මූලාශ්‍රය, AFP

පසුගිය මාර්තු මාසයේ පැවති රුසියාවේ ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ ව්ලදිමීර් පූතින් සඳුදා සිව් වැනි වරටත් ජනපති පදවියේ දිවුරුම් දුන්නේය.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ලෙසින් මේ වනවිට ඔහු වසර 18ක් රටේ පාලන බලය හොබවා තිබෙන අතර, ඔහුගේ එම පාලන සමය සාර් අධිරාජයෙකුගේ පාලනය හා සමාන වූවක් බවට විවේචකයෝ චෝදනා කරති.

පූතින් පාලනයට එරෙහිව මොස්කව් අගනුවර සහ වෙනත් ප්‍රධාන නගරවල පසුගිය සෙනසුරාදා පැවති විරෝධතාවලදී උද්ඝෝෂකයන් සහ කැරලි මර්ධක පොලිසිය අතර ගැටුම් හටගත්තේය.

නගර 19 ක පැවති උද්ඝෝෂණවලදී දහසකට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව ද වාර්තා වේ.

බොහෝ රුසියානුවන් ප්‍රියකරන හැඩි දැඩි පුරුෂ ලක්ෂණ සහිත ප්‍රතිරූපයක් නිර්මාණය කර ගැනීමට පූතින් සමත් විය

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, බොහෝ රුසියානුවන් ප්‍රියකරන හැඩි දැඩි පුරුෂ ලක්ෂණ සහිත ප්‍රතිරූපයක් නිර්මාණය කර ගැනීමට පූතින් සමත් විය

ඇයි මේ උද්ඝෝෂණ?

2012 දී පූතින් පදවියේ දිවුරුම් දුන් අවස්ථාවේදීට වඩා මෙවර උත්සවය සරල මට්ටමකින් පැවැත්වෙනු ඇති බව AFP පුවත් සේවය වාර්තා කර තිබුණි. එහිදී ජනාධිපති පූතින් සිය මැතිවරණ ව්‍යාපාරයට ආධාර කළ ස්වේච්ඡා සේවකයන් පමණක් මුණගැසෙනු ඇතැයි අපේක්ෂා කෙරිණ.

65 හැවිරිදි ජනාධිපති පූතින් මාර්තු මාසයේ පැවති මැතිවරණයේදී 76%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කළ නමුදු, මැතිවරණයේ බරපතල ඡන්ද දූෂණ සිදු වූ බවට ඇතැම් ජාත්‍යන්තර නිරීක්ෂකයෝ චෝදනා කළහ.

එමෙන්ම රටේ ප්‍රධානම විපක්ෂ නායකයා වන අලෙක්සේයි නවාල්නිට (Alexei Navalny) මැතිවරණයට ඉදිරිපත්වීම තහනම් කරනු ලැබ තිබිණ.

රුසියාවේ ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කරමින් සිටින බවට ද දේශීය විරුද්ධවාදීහු ජනාධිපති පූතින්ට චෝදනා කරති.

ජනපති පදවියට පත් රහස් ඔත්තුකරු

Visiting a shooting gallery at the GRU military intelligence headquarters in Moscow in 2006

ඡායාරූප මූලාශ්‍රය, Reuters

  • 1952: ඔක්තෝබර් 07 වෙනි දින රුසියාවේ දෙවැනි ප්‍රධානම නගරය වන ලෙනින්ග්‍රාද් (දැන් සෙන්ට් පීටර්ස්බර්ග්) හිදී උපත ලබයි. නීති අධ්‍යාපනය හදාරා, කේජීබී (KGB) රහස් ඔත්තු සේවයට බැඳෙන ඔහු නැගෙනහිර ජර්මනියේ රහස් ඔත්තුකරුවෙකු ලෙසින් සේවය කරයි
  • 1990 දශකය: සෙන්ට් පීටර්ස්බර්ග් නගරාධිපතිවරයාගේ ප්‍රධානම ආධාරකරු ලෙසින් සේවය කිරීමෙන් අනතුරුව ජනාධිපති බොරිස් යෙල්ත්සින් යටතේ ක්‍රෙම්ලින් පාලනයට සම්බන්ධ වේ. එහිදී ඔහු රුසියාවේ නව රහස් ඔත්තු සේවයේ (FSB) ප්‍රධානියා බවට පත්වේ.
  • 1999: අගමැතිවරයා ලෙස පත්කෙරේ. බොරිස් යෙල්ත්සින් ඉල්ලා අස්වීමෙන් අනතුරුව වැඩබලන ජනාධිපතිවරයා ලෙස පත්කෙරේ.
  • 2000: ජනාධිපති පදවියට තේරී පත්ව, වසර හතරේ පූර්ණ ධුර කාල දෙකක් සේවය කරයි.
  • 2008: තෙවැනි වරටත් ජනපතිවරණයට තරග කළ නොහැකි බැවින්, සිය සමීප හිතවතෙකු වන ද්මිත්‍රි මෙද්වේදෙෆ් ජනපති පදවියට පත්වෙද්දී ඔහු යටතේ අගමැති ධුරයට පත්වේ.
  • 2012: සංශෝධිත නීතිය යටතේ වසර හයකට ජනාධිපති පදවියට තේරී පත්වෙයි
  • 2018: සිව් වැනි වරටත් ජනපති පදවියට තේරී පත්වෙයි

තවත් සබැඳි ලිපි: