පූතින් සහ ට්‍රම්ප්: මෙන්න වෙනස

පුතින් ට්‍රම්ප්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පූතින් සිකුරාදා (ජුලි 07) පළමු වරට මුහුණට මුහුණ හමුවිය.

ලෝක නායකයන් දෙපළ එසේ හමු වූයේ ජර්මනියේ හැම්බර්ග් නුවර පැවති G-20 සමුළුවේදීය.

එම හමුව තුළ ඔවුන් වෙතින් පළ වූ ශාරීරික ඉරියව් (Body language) පිළිබඳ සමාජ ජාල ඔස්සේ විවිධ අදහස් පළ වෙමින් පවතී.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පූතින් යන නායකයන් දෙදෙනාම එහිදී දැඩි ආත්ම විශ්වාසයකින් පසු වූ බව ශාරීරික ඉරියව් ප්‍රකාශනය පිළිබඳ ප්‍රවීණයෙකු වන මේරි සිවිඑල්ලෝ පැවසුවාය.

එසේ නමුත් දෙදෙනා වෙතින් ප්‍රකාශනය වූ ශාරීරික ඉරියව්වල විශාල වෙනසක් දැකිය හැකි බව ඇය වැඩිදුරටත් කියා සිටියාය.

line
line

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අතට අතදීම අවධානයට ලක් වූ අවස්ථා බොහෝය.

ට්‍රම්ප්, පූතින් සහ ඇමරිකානු ජනාධිපතිවරණය

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පූතින්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ආධිපත්‍ය පෙන්නුම් නොකර එනම් අනෙක් පුද්ගලයාගේ අතට මදක් ඉහළින් අත දිගු නොකොට ජනාධිපති ට්‍රම්ප් හා ජනාධිපති පූතින් අතර සමාන මට්ටමේ අතට අතදීමක් සිදු වූ බව මේරි සිවිඑල්ලෝ පෙන්වා දෙයි.

උස සහ ශරීර ප්‍රමාණය ගත් විට ජනාධිපති පූතින් ජනාධිපති ට්‍රම්ප්ට වඩා සාපේක්ෂ වශයෙන් කුඩාය.

ඇමරිකාව සහ රුසියාව සාමාන්‍යයෙන් සළකනු ලබන්නේ විරුද්ධ මත දරන කඳවුරු දෙකක් වශයෙනි.

line
line

මෙවර ඇමරිකානු ජනාධිපතිවරණයේ දී එවක ජනාධිපති අපේක්ෂකයාව සිටි ට්‍රම්ප් වෙත රුසියාවේ සහාය හිමි වූ බවට චෝදනා එල්ල වේ.

දෙරටේ නායක හමුව ජාත්‍යන්තර අවධානයට ලක් වෙන්නේ එවන් වටපිටාවකදීය.

රුසියානු ජනාධිපතිවරයා සහ ඇමරිකානු ජනාධිපතිවරයා අතර සමානකම් මොනවාද?

Vladimir Putin on horse, on holiday near Kyzyl in southern Siberia, 3 Aug 09

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, බොහෝ රුසියානුවන් ප්‍රියකරන හැඩිදැඩි පුරුෂ ලක්ෂණ සහිත ප්‍රතිරූපයක් නිර්මාණය කර ගැනීමට පූතින් සමත් විය
Mr Putin riding with bikers in Black Sea port of Novorossiysk, Russia

ඡායාරූප මූලාශ්‍රය, AFP

රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පූතින් KGB ඔත්තු සේවයේ හිටපු සාමාජිකයෙකි. ඇමරිකාවේ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දේපළ වෙළඳාම් ව්‍යාපාරිකයෙකි.

වසර 2000 සිට රුසියාවේ දේශපාලන වේදිකාවේ ඉහළින්ම සිටින ජනාධිපති පූතින්, ජූඩෝ කළුපටි ධාරියෙකි(Black belt) . සෝවියට් පාලන සමයේ ලෙනින්ග්‍රාද්හි රළු පරිසරයක හැදී වැඩුණු ඔහු වීදි සටන්කරුවෙකු වශයෙන් ද නමක් දිනා ගත් අයෙකි.

තම අතීත අත්දැකීම්වලින් උගත් දෑ සිහිපත් කරමින් ඔහු වරෙක කියා සිටියේ "ගැටුම වැළැක්වීමට නොහැකි නම් ඔබ පළමු ප්‍රහාරය එල්ල කළ යුතුයි" යනුවෙනි.

අනෙක් අතින් නිව්යෝක් නුවර දේපළ වෙළඳාම් ව්‍යාපාරිකයෙකු ගේ පුතෙකු වන ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉතා ධනවත් පවුලකින් පැවත එන්නෙකි.

line
line

වියට්නාම් යුද සමයේ හමුදා සේවය සඳහා තෝරා ගනු ලැබීමෙන් වැළකී සිටීමට ඔහු සමත් විය. සිය පියාගෙන් ඇමරිකානු ඩොලර් දස ලක්ෂයක ණය මුදලක් ලබා ගත් ඔහු තමාගේම දේපළ ව්‍යාපාරයක් ආරම්භ කළේය.

පසුව මහල් ගොඩනැගිලි, හෝටල්, ගොල්ෆ් පිටි ඇතුළු ක්ෂේත්‍ර දක්වා සිය ව්‍යාපාර ව්‍යාප්ත කිරීමට ඔහු සමත් විය.

පවුලේ සාමාජිකයන්

ට්‍රම්ප්
ඡායාරූප ශීර්ෂ වැකිය, 1986: ඩොනල්ඩ් ට්‍රම්ප් සිය පවුලේ සාමාජිකයන් සමග (වම් පසින්) 1976: සිය දේපළ වෙළඳාම් ව්‍යාපාරය අරඹමින්
Donald Trump

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඩොනල්ඩ් ට්‍රම්ප් සිය බිරිඳ මෙලනියා සහ දරුවන් සමග

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පවුලේ සාමාජිකයෝ ධවල මන්දිරයේ කටයුතු හා සම්බන්ධව සිටිති. නමුත් ජනාධිපති පූතින් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් සම්බන්ධයෙන් පවතින්නේ වෙනස් තත්ත්වයකි.

ජනාධිපති ට්‍රම්ප්ගේ දියණිය ඉවන්කාට ධවල මන්දිරයේ කාර්යාලයක් වෙන් කර ඇති අතර ඇයගේ ස්වාමි පුර්ෂයා ජෙරාඩ් කුෂ්නර් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු වශයෙන් කටයුතු කරයි.

ජනාධිපති පූතින් විසින් සිය පෞද්ගලික ජීවිතය හා පවුලේ සාමාජිකයන් පිළිබඳ කරුණු බාහිර ලෝකයෙන් දැඩි ලෙස ආවරණය කරගනු ලබයි.

ජනාධිපති පූතින් සහ ඔහුගේ පෙර බිරිඳ වූ ලුද්මිලා වසර තිහකට ආසන්න කාලයක් විවාහ වී සිටියහ.

ඔවුන්ගේ දික්කසාදය 2013 වසරේදී නිවේදනය කෙරුණු අතර ජනාධිපතිවරයා සිය දියණියන් දෙදෙනා මහජන අවධානයට ලක් නොවී තබා ගැනීමට වගබලා ගනියි.

පූතින්ගේ දියණියන්

Mr Putin's daughter Katerina Tikhonova dancing rock 'n' roll

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ජනාධිපති පූතින්ගේ බාල දියණිය කතරිනා තිහනෝවා

ජනාධිපති දියණියන් සම්බන්ධයෙන් කරුණු වාර්තා වූයේ අල්ප වශයෙනි.

නමුත් ජනාධිපති පූතින්ගේ බාල දියණිය කතරිනා වෙනත් නමක් භාවිත කරමින් මොස්කව් නුවර වාසය කරන බවට 2015 වසරේ දී මාධ්‍ය වාර්තා පළ විය.

ඇය මොස්කව් රාජ්‍ය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ නිලයක් දරන බවත් එම මාධ්‍ය වාර්තාවල සඳහන් වුණි.

එමෙන්ම කතරිනා රොක් ඇන්ඩ් රෝල් නර්තන ශිල්පිනියකි.

ශාස්ත්‍රීය අධ්‍යාපනයේ නිරත ජනාධිපති පූතින්ගේ වැඩිමහල් දියණිය අන්තරාසර්ග විද්‍යාව (Endocrinology) පිළිබඳ හදාරන්නීය.

ව්ලැද්මීර් පූතින්: ඔත්තුකරුවෙකු ගේ සිට ජනාධිපති ධුරය දක්වා

Russian President Vladimir Putin (L) in judo outfit fights against 10-year-old Japanese schoolgirl Natsumi Gomi as he visits a Tokyo judo training center Kodokan hall 05 September 2000. Putin, who has a black belt in the sport, was thrown over her shoulder onto the mat.

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ජනාධිපති පූතින්, ජූඩෝ කළුපටි (Black belt) ධාරියෙකි
line
  • 1952 ඔක්තෝබර් 07 වෙනිදා ලෙනින්ග්‍රාද්හි (වත්මන් ශාන්ත පීටර්ස්බර්ග්) උපත ලැබීය
  • විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පසු නීතිය හදාරා KGB ඔත්තු සේවයට සම්බන්ධ විය
  • කොමියුනිස්ට් පාලනයේ පැවති නැගෙනහිර ජර්මනියේ ඔත්තුකරුවෙකු වශයෙන් සේවය කළේය. KGB ඔත්තු සේවයේ ඔහු සමග කටයුතු කළ ඇතැම් සගයන් පූතින් පාලනයේ ඉහළ තනතුරුවලට පත් කෙරිණි.
  • 90 දශකය: තමන්ට නීති අධ්‍යාපනය දුන් ශාන්ත පීටර්ස්බර්ග්හි නගරාධිපතිවරයා වූ අනතෝලි සොබ්චක්ගේ ප්‍රධාන ආධාරකරුවෙකු වශයෙන් පූතින් කටයුතු කළේය.
  • බොරිස් යෙල්ට්සින් ගේ ක්‍රෙම්ලින් පාලනයට සම්බන්ධ වූ පූතින් FSB හෙවත් ෆෙඩරල් ආරක්ෂක සේවයේ (KGB ඔත්තු සේවයේ ප්‍රධාන අනුප්‍රාප්තික ආයතනය) ප්‍රධානියා වශයෙන් පත් කෙරිණි. පසුව ඔහු අගමැතිවරයා බවට පත් විය.
  • 1999 වසරේ ජනවාරි 01 වෙනිදා යෙල්ට්සින් ජනාධිපති ධුරයෙන් ඉවත් වූ අතර වැඩබලන ජනාධිපතිවරයා වශයෙන් පූතින් පත් කෙරිණි.
  • 2000 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් ඔහු පහසු ජයක් ලැබීය.