ට්‍රම්ප්ගේ බෑණා "රහසිගත ප්‍රයත්නයක"

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
රුසියාව සමඟ සබඳතා පවත්වාගැනීම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බෑණනුවන් වන ජෙයාඩ් කුෂ්නර්, රහසිගත සන්නිවේදන මාර්ගයක් යොදා ගැනීමට උත්සාහකර ඇතිබව ඇමරිකානු මාධ්‍ය පවසයි.
'වොෂිංටන් පොස්ට්' සහ 'නිව්යෝර්ක් ටයිම්ස්' පුවත්පත් පවසන්නේ රුසියාව සමඟ කෙරෙන සාකච්ඡාවලට එක්සත් ජනපද බලධාරීන් විසින් රහසින් සවන්දෙනු ලැබීම වැළැක්වීම සඳහා රුසියානු සන්නිවේදන පහසුකම් භාවිත කිරීමට ජෙයාඩ් කුෂ්නර් ප්‍රයත්නයක් දැරූ බවය.
ඉවන්කා
එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ සහායකයෙකු ලෙස ධවල මන්දිරයට පත්වීමක් ලැබසිටින ජෙයාඩ් කුෂ්නර්, ජනාධිපති ට්‍රම්ප්ගේ දියණිය වන ඉවන්කා ට්‍රම්ප්ගේ සැමියා ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
රුසියාව සමඟ සබඳතාව සහ රහසිගත සංනිවේදන මාර්ගයක් පිළිබඳව ඇමරිකානු පුවත්පත් පළකර ඇති වාර්තා සම්බන්ධයෙන් ඔහු මෙතෙක් ප්‍රතිචාර පළකර නොමැත.
ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් දිනවීම සඳහා රුසියාව මැදිහත් වූ බවට නැගෙන චෝදනා සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණයට අදාලව ජනාධිපතිවරයාගේ බෑණාගෙන්ද ප්‍රශ්නකිරීමට නියමිතය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය පිළිබඳ ඉතා රහස්‍ය තොරතුරු රුසියානු විදේශ ඇමතිවරයාට හෙළි කර ඇතැයි ඇමරිකානු මාධ්‍ය මීට පෙර වාර්තා කර තිබුණි.
ඇමරිකාව සමග රහස් තොරතුරු බෙදා ගන්නා වෙනත් පාර්ශවයක් විසින් ලබා දෙන ලද එම තොරතුරු වෙනත් කිසිදු පාර්ශවයක් සමග හුවමාරු කරගැනීමට එක්සත් ජනපදයට අවසර දී නොතිබුණු බව ද වොෂිංටන් පොස්ට් පුවත්පත පැවසීය.
ඇමරිකානු ජනාධිපතිවරණයට බලපෑම් කිරීම සඳහා හැකරුන් යොදා ගත් බවට එල්ල කරන චෝදනා රුසියාව ප්‍රතික්ෂේප කරයි.










