වෙනිසුවෙලා සිරකරු කැරැල්ලෙන් මරණ හැට අටක්

කෝපයට පත් සිරකරු ඥාතීන් ඉවත් කරනු ලැබීම සඳහා පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ බවක් වාර්තා වෙයි
ඡායාරූප ශීර්ෂ වැකිය, කෝපයට පත් සිරකරු ඥාතීන් ඉවත් කරනු ලැබීම සඳහා පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ බවක් වාර්තා වෙයි

වෙනිසුවෙලා පොලිස් මධ්‍යස්ථානයක සිරකරුවන්ගේ කැරැල්ලක් මුල්කර ගත් ගැටුමකින් හැට අට දෙනෙකු මරණයට පත් වූ බව 'වලෙන්සියා' (Valencia) අගනුවරින් වාර්තා වෙයි.

සිරකරුවන් පළා යාමේ සැලැස්මක් වශයෙන් ඇඳ මෙට්ටවලට ගිනි තබනු ලැබීමෙන් ආරම්භ වූ ගින්න නිසා බොහෝ ජීවිත විනාශ වුනා විය හැකැයි වෙනිසුවෙලා වාර්තා මගින් පැවසෙයි.

ඇතැමුන් ගින්නෙන් පිලිස්සී මරණයට පත්ව ඇති අතර, එම ගින්නත් සමග පැතිර ගිය දුමාරය නිසා හුස්ම හිරවීමෙන් තවත් බොහෝ මරණ සිදු වුනා විය හැකියයි සිරකරුවන්ගේ නෑදෑයෝ පවසති.

මරණයට පත් වූවන්ගෙන් ඇති බහුතරය රැඳවියන් වන නමුත් සිරකරුවන් බැලීමට පැමිණ සිටි කාන්තාවන් දෙදෙනකුත් මරණයට පත්ව ඇතැයි වෙනිසුලා නිලධාරියෙක් ප්‍රකාශ කළේය.

ඇඳ මෙට්ටවලට ගිනි තබනු ලැබ ගින්න පැතිර යත්ම, එක් රැඳවියකු විසින් පොලි නිලධාරියකුගේ පදයකට වෙඩි තබනු ලැබ ඇති බව වාර්තා මගින් පෙන්නුම් කෙරෙන්නේ යයි බන්ධනාගාර අධීක්ෂණය කරන වෙනිසුවෙලා සංවිධානයක් (A Window on Freedom) පවසයි.

තොරතුරු නොදෙන බව පවසමින් කෝපයට පත්ව සිටින සිරකරු ඥාතීන්

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, තොරතුරු නොදෙන බව පවසමින් කෝපයට පත්ව සිටින සිරකරු ඥාතීන්

එම ගින්නත් සමඟ පොලිස් මධ්‍යස්ථානය අවට රැස්වූ කෝපයට පත් සිරකරු ඥාතීන් ඉවත් කරනු ලැබීම සඳහා පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ බවක් ද වාර්තා වෙයි.

සිදු වුණේ කුමක්ද යන්න නිල මට්ටමින් තවමත් තහවුරු කරනු ලැබ නැත.

එම අපරාධය සම්බන්ධයෙන් වහාම පූර්ණ පරීක්ෂණයක් ආරම්භ කරන බව වෙනිසුවෙලා ආණ්ඩුව පවසයි.

තවත් පුවත්;