ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ලොව පළමු වරට දිවි බේරා ගැනීමට යොදාගත් ඩ්‍රෝන යාත්‍රා
නවතම මාදිලියේ දිවි බේරා ගැනීමේ ඩ්‍රෝන යාත්‍රාවක් භාවිත කරන්නේ කෙසේ දැයි පුහුණුවෙමින් සිටින අතරවාරයේ එම ඩ්‍රෝනය යොදාගනිමින් ජීවිත දෙකක් බේරාගැනීමට ඕස්ට්‍රේලියාවේ ජීවිතාරක්ෂක භටයන් පිරිසක් සමත් වී තිබේ.
නිව් සවුත් වේල්ස් (New South Wales NSW) ප්‍රාන්තයේ ලේනොක්ස් හෙඩ් (Lennox Head) ප්‍රදේශයේ දී වයස අවුරුදු 15 සහ 17 අතර වන තරුණයන් දෙදෙනෙක් මුහුදේ පිහිනමින් සිටියදී ප්‍රබල රළ පහර සමග පොර බදනු වෙරළේ සිටි පුද්ගලයෙකු දැක තිබේ.
වෙරළේ සිට මීටර් 700 ක් පමණ ඈත මුහුදේ පිහිනමින් සිටි ඔවුන් දෙදෙනා බේරා ගැනීම පිණිස ජීවිතාරක්ෂක භටයෝ ඩ්‍රෝනය යොදාගෙන දිවි බේරාගැනීමේ සුළං පිර වූ බෝට්ටුවක් ඔවුන් වෙත පිටත් කළහ.
එම ජීවිතාරක්ෂක බෝට්ටුවේ නැගී තරුණයන් දෙදෙනා වෙරළට ලඟා වූහ.
එය 'ඓතිහාසික' අවස්ථාවක් බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නියෝජ්‍ය අගමැති ජෝන් බරිලාරෝ පැවසීය.
"පිහිනුම්කරුවන් බේරා ගැනීම සඳහා මින් පෙර කිසි දිනෙක සුළං පිරවූ මෙවලමක් සහිත ඩ්‍රෝනයක් යොදාගෙන නැහැ," ඔහු පැවසීය.
ඔවුන්ට අනතුරු ඇඟවීම ලැබෙන අවස්ථාවේ ඩ්‍රෝන යාත්‍රාව අත්හදා බලමින් සිටි ජීවිතාරක්ෂක හමුදාවේ පරිපාලකයෙකු වන ජායි ෂෙරීඩන් පවසන්නේ එය "අතාත්වික" අත්දැකීමක් බවය.
ඩ්‍රෝනය ගුවන්ගත කිරීම, තරුණයන් වෙත ළඟාවීම සහ ජීවිතාරක්ෂක බෝට්ටුව ඔවුන් වෙත අත්හැරීම පිණිස ගත වූයේ විනාඩියක් හෝ දෙකක් බව ද ඔහු පැවසීය.
වෙනත් දිනකදී නම් තරුණයන් වෙත ළඟාවීම පිනිස එමෙන් තුන් ගුණයක පමණ කාලයක් ගතවිය හැකිව තිබිණ.
තරුණයන්ගේ දිවි බේරාගැනීමේ සමස්ත සිදුවීම ඩ්‍රෝනයේ කැමරාව විසින් පටිගත කරනු ලැබ තිබේ.
ඇමෙරිකානු ඩොලර් 340,000 ක පමණ මුදලක් ගෙවා නව ඩ්‍රෝන යාත්‍රා ගණනාවක් මිලදී ගන්නා ලද බව නිව් සවුත් වේල්සයේ ප්‍රාන්ත ආණ්ඩුව පසුගිය දෙසැම්බරයේ නිවේදනය කළේය.
ඒ අතරින් ඇතැම් යානා යොදා ගනු ලබන්නේ මුහුදේ මෝරුන් සෙවීම සඳහාය. අනතුරු ඇඟවීමේ සංඥා, ජීවිතාරක්ෂක බෝට්ටු සහ ශබ්ද විකාශන යන්ත්‍ර වෙනුවෙන් අනෙක් යාත්‍රා භාවිත කෙරේ.
තවත් යොමු: