ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
උතුරු පළාතේ 'බෝග සායනය' සදහා නවීන තාක්ෂණය
උතුරු පළාතේ ගොවීන්ට කෘෂිකාර්මික කටයුතු වලදී ''බෝග සායනය'' සදහා නවීන තාක්ෂණය ඔස්සේ ප්‍රතිකාර ලබාගැනීමට අවස්ථාව උදා වෙයි.
උතුරු පළාත් කෘෂිකර්ම අමාත්ය පී.අයින්කරනේෂන් පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය යුද්ධයෙන් පසුව උතුරු පළාතේ ගොවීන් ලද විශාල ජයග්‍රහණයක් ලෙසිනුයි.
අමාත්‍යවරයා එසේ පැවසුවේ රාජ්‍ය නොවන සංවිධානයක් හා උතුරු පළාත් කෘෂිකර්ම අමාත්‍යංශය මගින්''බෝග සායනය''සඳහා කෘෂිකර්ම නිලධාරීන්ට යාපනයේදී සංවිධානය කළ තුන් දින ප්‍රයෝගික වැඩ මුළුවක් අවසානයේදීය.
''ටැබ්'' හා පරිගණක තාක්ෂණය
කෘෂිකර්ම උපදේශක තුෂාර තරංග සේනාරත්න පැවසුවේ මෙතෙක් ගොවීන් වෙනුවෙන් බෝග සායන වැඩසටහන ක්‍රියාත්මක වූයේ පොත්පත් හා සටහන් වල ආධාරයෙන් පමණක් බවයි.
නව ක්‍රමය හඳුන්වාදීමෙන් පසුව ''ටැබ්'' හා පරිගණක තාක්ෂණය ඔස්සේ ගොවීන්ට සිය වගාව අසළදීම හෝ වෙනත් ස්ථානයකදී බෝග වගාවේදී හටගන්නා ලෙඩ රෝග පිළිබදව හා ඊට ප්‍රතිකාර ලබාදිය හැකි අන්දමත් ඊට සුදුසුම ප්‍රතිකාර ක්‍රමයත් විස්තර කොට දිය හැකි බවයි.
සම්පූර්ණයෙන්ම නොමිලේ ක්‍රියාත්මක වන මෙම වැඩ සටහනේ ඇති වාසිය වන්නේ අදාල ගොවියාට රෝගය වැළදුන බෝගයේ සාම්පලයක් පමණක් රැගෙනවිත් කෘෂිකර්ම නිලධාරියෙකු හමුවීම පමණක් වීමත් ගොවියාට නවීන තාක්ෂණය පිළිබදව කිසිම දැනුමක් අවශ්‍ය නොවීමත් බවද කෘෂිකර්ම උපදේශක තුෂාර තරංග සම්පත් පැවසීය.
දැනට මෙම ක්‍රමය උතුරු පළාත හැරුණු විට ක්‍රියාත්මක වන්නේ නුවර එළිය පළාතේ සුළු ප්‍රදේශයක පමණක් බව පවසන කෘෂිකර්ම නිලධාරීන් මූලිකව විශාල මුදලක් දැරීමට සිදුවීම හේතුවෙන් මෙම ක්‍රමයට අවතීර්ණ වීම අඩු බවද පෙන්වා දෙයි.
උතුරු පළාත තුළ මෙම ව්‍යාපෘතිය ආරම්භ කොට පවත්වාගෙන යාම සදහා 'කැමී'' නැමති සංවිධානයක් උතුරු පළාතට මුල්‍ය ආධාර සපයා දී තිබේ.