ගුරුවරයා හඳුනනවාද? විභාග ප්‍රශ්න පත්‍රයේ අමුතු ප්‍රශ්නයක්

ඡායාරූප මූලාශ්‍රය, 四川文化传媒职业学院
චීනයේ වෘත්තීය අධ්‍යාපන ආයතනයක අවසාන විභාග ප්‍රශ්න පත්‍රයට ඇතුළත්ව තිබූ ප්‍රශ්නයක් පිළිබදව ප්‍රබල සංවාදයක් මතු වී තිබේ.
ශිෂ්‍යයන්ට සිය ගුරුවරයා හඳුනා ගත හැකිද? යන්න එම අසාමාන්‍ය ප්‍රශ්නයය.
'චයිනා යූත් ඩේලි' (China Youth Daily) පුවත්පත වාර්තා කරන පරිදි, 'සංස්කෘතික සහ සන්නිවේදනය පිළිබඳ සිෂුආන් වෘත්තීය අධ්‍යාපන ආයතනයේ' (Sichuan Vocational College of Culture and Communication) අවසාන විභාගය අතරතුර පුද්ගලයන් හත් දෙනෙකුගේ ඡායාරූප සිසුන් අතර බෙදා හැර තිබේ.
එම ඡායාරූප අතරින් සිය ගුරුවරයා හඳුනාගෙන ඔහු හෝ ඇයගේ නම අදාළ ඡායාරූපය යටින් සඳහන් කරන මෙන් සිසුන්ගෙන් ඉල්ලා තිබිණ. නිවැරදි පිළිතුර දුන් සිසුන්ට අමතර ලකුණු නොලැබුන ද, වැරදි පිළිතුර දුන් සිසුන්ගේ ලකුණුවලින් ලකුණු 41 ක් අඩු කර තිබේ.
සිසුවෙකුගේ අවසාන ලකුණු ප්‍රතිශතයට මෙම හඳුනාගැනීමේ පරීක්ෂණයෙන් 30% ක ප්‍රමාණයක් එකතු වන බව 'චයිනා ඩේලි' (China Daily) පුවත්පත වාර්තා කර තිබේ.
එම විද්‍යාලයේ ගුරුවරයෙකු වන හු ටෙන්ග් (Hu Teng) බෙයිජිං හි බීටයිම් (BTime) මාධ්‍ය ආයතනය වෙත පවසා සිටියේ එවැනි ප්‍රශ්නයක් විභාගයට ඇතුළත් කරන ලද පළමු අවස්ථාව මෙය බවය.
"මෙහි මූලික අරමුණ වුණේ ඉගෙන ගැනීම ගැන සිසුන්ගේ සාමාන්‍ය මතය දැනගැනීමයි" ඔහු ප්‍රකාශ කර සිටියේය.
"අපිට ඕන වුණේ සිසුන් පංතියේදී හොඳින් වැඩ කර ඇත්ද බලන්න....සහ ඔවුන් සියලු දේ ගැන අවධානය යොමු කර ඇත්දැයි බලන්න," හු ටෙන්ග් පැවසුවේය.
"ඔවුන්ට තම ගුරුවරයාගේ නමවත් මතක නැත්නම්, පැහැදිළිවම ඔවුන්ට විෂය මාලාව ගැන උනන්දුවක් නැහැ," ඔහු වැඩිදුරටත් පැවසීය.
ඒ පිළිබඳව චීන සමාජ ජාල තුළ ද සංවාදයක් මතු වී තිබේ.
ඇතැමුන් එය අනවශ්‍ය දෙයක් ලෙස අදහස් දක්වා තිබුනත්, විද්‍යාලයේ මෙම තීරණයට පක්ෂව බොහෝ මත ඉදිරිපත් වී තිබේ. "පුද්ගලයෙකුගේ නම මතකයේ තබා ගැනීම ගෞරව කිරීමක්," යන්න එක් අයෙකුගේ මතය වී තිබේ.
"සිසුන් පංතියේ සිටියේ නැත්නම් සැබවින්ම ඔවුන්ට තම ගුරුවරයාගේ නම මතක හිටින්නේ නැහැ. ඒක නිසා මෙය ඉතා හොඳ ප්‍රශ්නයක්," තවත් අයෙක් පවසා ඇත.
දේශන මග හරින සිසුන්ගේ ප්‍රශ්නය විසඳීම පිණිස චීනයේ අනෙකුත් උසස් අධ්‍යාපන ආයතන ද බොහෝ ක්‍රියාමාර්ග අනුගමනය කර තිබුණි. පසුගිය ඔක්තෝබර් මාසයේ චීන විශ්වවිද්‍යාලයක් 'මුහුණ හඳුනාගැනීමේ පද්ධතියක්' (facial recognition system) පංති කාමරවල සවි කිරීම එවැනි එක් උත්සාහයකි.
මේ තොරතුරුද දැනගන්න:








