චීනය පකිස්ථානය ඔස්සේ ඇෆ්ඝන් භූමියටත්

චීන ජනාධිපතිවරයා සහ විදේශ ඇමතිවරයා
ඡායාරූප ශීර්ෂ වැකිය, චීන ජනාධිපතිවරයා සහ විදේශ ඇමතිවරයා

ඩොලර් කෝටි ගණනාවක් ආයෝජනය කෙරෙමින් පකිස්ථානය හරහා ඇෆ්ගනිස්තානයට දිවෙන ආර්ථික පිවිසුම් මගක් ආරම්භ කිරීමට මනාප බව චීනය පවසයි.

එවැනි ආර්ථික පිවිසුම් මගක් නිර්මාණය කිරීම සඳහා තමන් යොමු වෙන්නේ කලාපය තුළ සාමය නංවාලීම සඳහා වන බවත් බේජිං බලධාරීහු පවසති.

තාලිබාන් සංවිධානය මුල් කර ගනිමින් පකිස්ථානය සහ ඇෆ්ගනිස්තානය අතර විරසක භාවයක් පවතින අතර එම දෙරට අතර සාකච්ඡා ආරම්භ කිරීම සඳහා මැදිහත් කරුවකු මට්ටමින් සහභාගී වීමට බේජිං පාලනය මනාපය පළ කර ඇත.

චීන ආධාර මත ඉදි කෙරුණ හම්බන්තොට වරාය චීනයට බදු දී ඇත.

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, චීන ආධාර මත ඉදි කෙරුණ හම්බන්තොට වරාය චීනයට බදු දී ඇත.

එවැනි පරිසරයක් යටතේ රටවල් තුනේ නියෝජිතයන් බේජිං නගරයේ දී මුණ ගැසී සාකච්ඡා කළ අතර එම පළමු ත්‍රෛපාර්ශ්වීය සාකච්ඡාවන්හි ප්‍රගතියක් ඇතැයි චීන විදේශ ඇමති වෑන්ග් යී (Wang Yi) පවසයි.

"සමගිය සහ සහයෝගය මත පැවැත්මේ අටියෙන් හැකි තරම් ඉක්මනින් දෙපාර්ශ්වය අතර සම්බන්ධතා ප්‍රතිනිර්මාණය කර ගැනීමට පකිස්ථානය සහ ඇෆ්ගනිස්තානය එකඟ වුනා. අනිත් පාර්ශ්වයට එරෙහි හෝ ඔවුන් දුෂ්කර තත්වයකට පත් කෙරෙන ප්‍රහාර සඳහා සිය භූමිය යොදා ගැනීමට කිසිදු ජන කොටසකට හෝ හමුදාවකට ඉඩ නොතබන බවත් දෙපාර්ශ්වය කියා සිටියා" චීන විදේශ ඇමති වෑන්ග් යී (Wang Yi) වැඩිදුරටත් සඳහන් කළේය.

චීනයේ සේද මාවත් ව්‍යාපෘතිය ඉතාලියේ 'වැනිස්' නගරය කරා දිවෙන ආකාරය පෙන්නුම් කෙරෙන සිතියමකි
ඡායාරූප ශීර්ෂ වැකිය, චීනයේ සේද මාවත් ව්‍යාපෘතිය ඉතාලියේ 'වැනිස්' නගරය කරා දිවෙන ආකාරය පෙන්නුම් කෙරෙන සිතියමකි

පකිස්ථානය චීනයේ 'ෂින්ජියෑන්' පළාත සමඟ සම්බන්ධ කෙරෙන මහා ආයෝජන ව්‍යාපෘතිය ආර්ථික සංවර්ධනයේ ගාමක බලවේගයක් බවට පත් වනු ඇතැයි චීන විදේශ ඇමතිවරයා බලාපොරොත්තු තබයි.

ඇෆ්ඝන් තාලිබාන් ප්‍රහාරකයන්ට ආධාර කරන බවට කාබුල් පාලනය පකිස්ථානයට චෝදනා කිරීමත් සමඟ එම දෙරට අතර සබඳතා පිරිහුණ අතර එම පිරිහුණ සබඳතා යළිත් පෙර තත්වයට ගෙන ඒම බේජිං සාකච්ඡාවන්හි එක් ඉලක්කයක් විය.

කිලෝමීටර් 12000 ක් දුර ගෙවා ඇෆ්ගනිස්ථානයට ලඟා වූ චීන දුම්රියක්
ඡායාරූප ශීර්ෂ වැකිය, කිලෝමීටර් 12000 ක් දුර ගෙවා ඇෆ්ගනිස්ථානයට ලඟා වූ චීන දුම්රියක්

චීනය සහ පකිස්ථානය අතර ආර්ථික පිවිසුම් මඟක් සඳහා බේජිං බලධාරීන් විසින් ඩොලර් කෝටි 5700 ක යෝධ ප්‍රාග්ධනයක් ආයෝජනය කරනු ලැබ ඇත.

පකිස්ථානයේ 'ග්වාදාර්' (Gwadar) වරාය සහ බටහිර චීනයේ 'කශ්ගාර්' (Kashgar) නගරය යා කෙරෙන මහාමාර්ග ජාලයක්, දුම්රිය මාර්ග සහ නළ මාර්ගයක් ඉදි කිරීම එම ව්‍යාපෘතියේ ඉලක්කයයි.

චීන ආයෝජන ව්‍යාපෘතීන් ප්‍රිකා මහාද්වීපය කරාත් ව්‍යාප්ත වී ඇත
ඡායාරූප ශීර්ෂ වැකිය, චීන ආයෝජන ව්‍යාපෘතීන් අප්‍රිකා මහාද්වීපය කරාත් ව්‍යාප්ත වී ඇත

සබැඳි පුවත්;